Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 34:9 - Sinhala New Revised Version 2018

9 ‘දෙවිඳුන්ගේ ප්‍රසාදය දිනාගැනීමෙන් මිනිසෙකුට කවර ප්‍රයෝජනයක් වේ දැ’යි ඔහු කියයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 ‘දෙවිඳුන්ගේ ප්‍රසාදය දිනාගැනීමෙන් මිනිසෙකුට කවර ප්‍රයෝජනයක් වේ දැ’යි ඔහු කියයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 මක්නිසාද: දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රීතිවීමෙන් මනුෂ්‍යයෙකුට කිසි ප්‍රයෝජනයක් නැතැයි ඔහු කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 34:9
13 හුවමාරු යොමු  

‘මාගේ පව්වලින් ඔබට කුමන පලක් ද? පව් නොකර සිටීමෙන් මට ලැබුණු වාසිය කුමක් දැ යි අසන එක හරි ද?


‘දෙවියන් වහන්සේට සේවය කිරීම නිෂ්ඵල ය. උන් වහන්සේගේ ආඥා ඉටු කිරීමෙන් වත්, කණගාටුවෙන් සියලු බලැති සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි හැසිරීමෙන් වත් වැඩක් ඇද් ද?


සමිඳුන් කෙරේ ප්‍රීතිමත් වන්න; එතුමාණෝ ඔබේ මන දොළ ඉටු කරනු ඇත.


ඔහු සව් බලැති දෙවි තුමන් කෙරෙහි ප්‍රීති වන්නේ ද? එතුමන්ට නිරතුරු යැදුම් පුදනු ඇද් ද?


එසේ වන්නේ, ‘අපට ඉන්න ඉඩ දී අහක් ව ගිය මැනව. සව් බලැති දෙවිඳුන් විසින් අපට කරනු ලැබිය හැකි කිසිවක් ඇද්දැ’යි ඔවුන් දෙවිඳුන්ට කී නිසා ය.


විපත් දිනයේ දී දුදනා හැම විට ම බේරෙනු නොවේ ද? දෙවිඳුන් කෝප වන දවසේ දී දුදනා හැම විට ම ගැළවෙනු නොවේ ද?


නුඹ සොරෙකු දුටු විට ඔහුගේ මිතුරා වන්නෙහි ය; කාමමිථ්‍යාචාරීන් ඇසුරු කරන්නෙහි ය.


මා සිත නිර්මල ව තබාගත්තේත්, පවින් මා දුරු ව සිටියේත් නිකරුණේ ය.


ඔබ දැහැමි ව සිටියත්, සව් බලැති දෙවිඳුන්ට එය සතුටක් වේ ද? ඔබ නිදොස් ව හැසුරුණත් ඉන් එතුමන්ට ලාභයක් ඇද් ද?


“සමිඳුන් සලකන්නේ නැත්නම්, අප උපවාස කරන්නේ කුමට ද? එතුමන් සිතට ගන්නේ නැත්නම්, අප වද විඳින්නේ කුමට දැ”යි සෙනඟ අසති. සමිඳාණෝ ඔවුන්ට මෙසේ වදාරන සේක: “නුඹලා උපවාසයේ යෙදී සිටින අතර නුඹලාගේ ම සැප පහසුව සොයමින් නුඹලාගේ සේවකයන්ට හිරිහැර කරන්නහු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්