ආබ්‍රහම් පවා ඈ තමාගේ සහෝදරී යැයි කීවා නොවේ ද? ඈ වුව ද ඔහු ඇගේ සහෝදරයා ය යි කීවා ය. මා මෙය කෙළේ හෘදය සාක්ෂියට එකඟ ව අවංක සිතකිනි”යි කී ය.
යෝබ් 17:9 - Sinhala New Revised Version 2018 දැහැමියා සිය දිවි මඟෙහි ස්ථිර ව වෙසෙයි; සුපිරිසිදු අත් ඇති තැනැත්තේ වඩ වඩා ශක්තිමත් වෙයි. Sinhala New Revised Version දැහැමියා සිය දිවි මඟෙහි ස්ථිර ව වෙසෙයි; සුපිරිසිදු අත් ඇති තැනැත්තේ වඩ වඩා ශක්තිමත් වෙයි. Sinhala Revised Old Version එහෙත් ධර්මිෂ්ඨයා තමාගේ මාර්ගයේම පවතින්නේය, පිරිසිදු අත් ඇත්තා වඩ වඩා ශක්තිමත්වන්නේය. |
ආබ්‍රහම් පවා ඈ තමාගේ සහෝදරී යැයි කීවා නොවේ ද? ඈ වුව ද ඔහු ඇගේ සහෝදරයා ය යි කීවා ය. මා මෙය කෙළේ හෘදය සාක්ෂියට එකඟ ව අවංක සිතකිනි”යි කී ය.
සාවුල්ගේ වංශයත්, දාවිත්ගේ වංශයත් අතරේ බොහෝ කල් යුද්ධ පැවතුණේ ය. දාවිත් වනාහි වඩ වඩා බලවත් වන අතර, සාවුල්ගේ වංශය වඩ වඩා බල හීන වේගෙන ගියේ ය.
ඔබ පවසන දේ සැබෑ යයි මම කිසි සේත් නොකියමි. දිවි ඇති තාක් මා නිවැරදි බව ම කියා සිටිමි.
මම යහ මඟින් ඉවත් ව ගියෙම් නම්, මා සිත මාගේ බැල්මෙන් නොමඟ ගියේ නම්, මාගේ ක්‍රියා පවින් කිළිටි වී නම්,
ක්‍රියාවෙන් පිරිසිදු, සිතින් නිර්මල, නිෂ්ඵල දෙයට වැඳුම්පිදුම් නොකරන, බොරුවට නොදිවුරන, තැනැත්තාට ය.
සමිඳාණෝ පවුර ද පලිහ ද වන සේක; අපට කරුණාවත්, මහිමයත් පෙන්වමින් ආශීර්වාද කරන සේක; නිදොස් ලෙස හැසිරෙන අයට සෑම යහපතක් දෙන සේක.
ඔව්හු වැඩි වැඩියෙන් ශක්තිමත් වන්නෝ ය; සියොන් කන්දෙහි වැඩ සිටින දේවාතිදෙවිඳුන් දකින්නෝ ය.
සමිඳුනි, සව් බලැති දෙවිඳුනි, මා අයැදුම ඇසුව මැනව. අහෝ ජාකොබ්ගේ දෙවිඳුනි! මට සවන් දුන මැනව.
ප්‍රඥාවන්තයා නපුරට බිය වී ඉන් ප්‍රවේසම් වෙයි; අඥානයා උඩඟු වී දුර දිග නොබලා, ක්‍රියා කරයි.
එහෙත් දැහැමියන්ගේ මාවත උදේ පායන හිරු මෙන් ය, එය මද්දහනය දක්වා දීප්තියෙන් වැඩි වේගෙන යයි.
උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් සමහරුන්, අපවිත්‍ර අත්වලින්, එනම්, වත්පිළිවෙත් අනුව අත් නොසෝදා, කෑම කනවා දුටුවෝ ය.
දෙවියන් වහන්සේට ළං වන්න, එවිට දෙවියන් වහන්සේ ඔබට ළං වන සේක. පව්කාරයෙනි, ඔබගේ අත් පවිත්‍ර කරගන්න; දෙසිත් ඇත්තෙනි, ඔබගේ සිත් පිරිසිදු කරගන්න.
දෙවියන් වහන්සේගේ විමුක්තිදායක අරමුණ එළිදරව් කරන්නට යන අන්තිම කාලය දක්වා, ඔබගේ ඇදහිල්ල නිසා දෙවියන් වහන්සේගේ බලය කරණකොටගෙන ඔබ ආරක්ෂා කරනු ලබන්නහු ය.
මේ ක්‍රිස්තු-විරෝධීන් අපෙන් වෙන් ව ගිය නමුත් අපට අයිති ව සිටියේ නැත. ඔවුන් අපට අයිති ව සිටියා නම්, අප සමඟ නැවතී සිටිනු ඇත. එහෙත් ඔවුන් වෙන් වී ගිය කරුණෙන් පෙනෙන්නේ ඔවුන්ගෙන් කිසිවෙකුවත් අපට සැබෑ ලෙස අයිති නුවූ බව ය.