ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෝබ් 17:16 - Sinhala New Revised Version 2018

දූවිල්ලට හැරෙන විට, මළවුන්ගේ ලොවට බැස යන විට පැතුම හා ප්‍රීතිය මට ගෙන යා නොහැකි ද?”

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

දූවිල්ලට හැරෙන විට, මළවුන්ගේ ලොවට බැස යන විට පැතුම හා ප්‍රීතිය මට ගෙන යා නොහැකි ද?”

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ධූලියෙහි නිශ්චලය ලැබූ හැටියේම ඒක ෂෙයෝලේ අගුල් දක්වා බසිනවා ඇතැයි කීවේය.

පරිච්ඡේදය බලන්න



යෝබ් 17:16
14 හුවමාරු යොමු  

එවිට ෂුහිය බිල්දද් මෙසේ පිළිතුරු දුන්නේ ය:


යොවුන් වියේ ශක්තියෙන් පිරුණු ඔහුගේ සිරුර, දැන් ඔහු සමඟ දූවිල්ලට හැරෙනු ඇත.


ඔහු පෙරටුවෙන් හා පිටුපසින් ඔහුගේ අවමඟුල් පෙරහැරේ දහස් ගණන් සෙනඟ ගමන් කරති. පොළොවේ පස පවා ඔහු පිට මෘදු ලෙස වැටෙයි.


බලාපොරොත්තු රහිත ව මම දවස් යවමි; ඒවා නූල් කටින නඩාව මෙන් යුහුව දුව යයි.


නැති වී නොපෙනී යන වලාකුළක් විලසින් පාතාලයට බැස යන මිනිසා ආපසු නැඟී නොඑයි.


සමිඳුනි, ඉක්මනින් මට පිළිතුරු දුන මැනව. මාගේ සිත අඩපණ වී ඇත. පාතාලයට බසින්නන්ට මා සමාන නොවන පිණිස ඔබේ මුහුණ මා කෙරෙන් සඟවා නොගත මැනව.


එවිට උන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රය, මේ ඇටකටු වනාහි මුළු ඉශ්රායෙල් වංශය ය. ‘අපේ ඇටකටු වියළී අපේ බලාපොරොත්තුව නැති වී තිබේ. අපි සහමුලින් ම සිඳ දමනු ලැබීමු’යි ඔව්හු කියති.


මම කඳු පත්ලට බැස ගියෙමි; සදහට ම අගුල්වලින් මා හිර කර තබන ලොවකට බැස ගියෙමි. අහෝ! මාගේ දෙවි සමිඳුනි, එහෙත්, ඔබ මාගේ ප්‍රාණය පාතාලයෙන් ගොඩගත් සේක.


මරණ තීන්දුව ලැබුවාක් මෙන් අපට හැඟුණි. එසේ වූයේ, අප කෙරෙහි ම විශ්වාසය නොතබා, මළවුන් උත්ථාන කරන දෙවියන් වහන්සේ කෙරෙහි අපේ විශ්වාසය තබන පිණිස ය.