ඔහු ගැන සමිඳාණන් වහන්සේ කියන පණිවුඩය මේ ය: සියොන් පුරඟන නුඹ සුළු කොට සලකන්නී ය; නුඹට කවටකම් කරන්නී ය; ජෙරුසලම්හි දුව හිස වන වනා, නුඹට උසුළු-විසුළු කරන්නී ය.
යෝබ් 16:4 - Sinhala New Revised Version 2018 මා සිටින තැන ඔබ සිටියොත්, මටත් ඔබ වාගේ ම ව්‍යක්ත ලෙස කතා කළ හැකි ය; ඔබට විරුද්ධ ව වචන ගොඩක් නඟා ඔබ දෙසට මාගේ හිස වනමින් සරදම් කිරීමට මටත් පුළුවන. Sinhala New Revised Version මා සිටින තැන ඔබ සිටියොත්, මටත් ඔබ වාගේ ම ව්‍යක්ත ලෙස කතා කළ හැකි ය; ඔබට විරුද්ධ ව වචන ගොඩක් නඟා ඔබ දෙසට මාගේ හිස වනමින් සරදම් කිරීමට මටත් පුළුවන. Sinhala Revised Old Version මටත් නුඹලා වාගේ කථාකරන්ට පුළුවන; මා සිටින ස්වභාවෙහි නුඹලා සිටියොත්, නුඹලාට විරුද්ධව වචන ගොතා, නුඹලා දෙසට මාගේ හිස වනන්ට මට පුළුවන. |
ඔහු ගැන සමිඳාණන් වහන්සේ කියන පණිවුඩය මේ ය: සියොන් පුරඟන නුඹ සුළු කොට සලකන්නී ය; නුඹට කවටකම් කරන්නී ය; ජෙරුසලම්හි දුව හිස වන වනා, නුඹට උසුළු-විසුළු කරන්නී ය.
“මේ වාග් ප්‍රවාහයට පිළිතුරක් දිය යුතු නොවේ ද? කෙනෙකු බොහෝ කතා කරන පළියට ඔහු වරදින් නිදහස් ද?
එහෙත්, මම එසේ නොකරමි; මම දිරිය වඩන වචන ම කියමි; එවිට මාගේ අස්වැසිල්ල දිය පාරක් මෙන් ගලා යනු ඇත.
එබැවින් ජෝබ්, ඔබ මුව අයා කතා කරන්නට යාමෙන් වැඩක් නැත; ඔබ පවසන දෙය ඔබට ම තේරෙන්නේ නැත.”
“සමිඳුන්ට ඔහු බාර විණි, එතුමාණෝ ඔහු ගළවා නොගන්නේ මන් ද? සමිඳුන්ට ඔහු ප්‍රිය මනාප විණි, එතුමාණෝ ඔහු මුදා නොගන්නේ මන් ද?”
අඥානයා දිගින් දිගට කතා කරයි; මතු සිදු වන දේ නොදනියි; ඔහුගේ ඇවෑමෙන් කුමක් සිදු වනු ඇද්දැ යි කාට කිව හැකි ද?
ඔහු ගැන සමිඳාණන් වහන්සේ වදාරන වචනය මෙසේ ය; “සියොන් කන්‍යා දියණිය, නුඹට අවඥාවෙන් සරදම් කරන්නී ය. ජෙරුසලම් දියණිය, නුඹට සමච්චල් කරමින් සිනාසෙන්නී ය.
මෙසේ ඔවුන් මේ දේශය මහා භීතියට කරුණක් ද සදහට ම පිළිකුලක් ද කර ඇත. ඒ ළඟින් යන අය බියෙන් බියට පත් ව විස්මයෙන් හිස වන වනා යති.
මෝවබ්, නුඹට ඉශ්රායෙල් සරදමක් වුණා නොවේ ද? ඉශ්රායෙල් සොරුන් අතරේ සම්බ වී ද? නුඹ ඉශ්රායෙල් ගැන කතා කරන සෑම විට ම අවඥාවෙන් හිස වැනුවෙහි ය.
මඟ යන සියල්ලෝ නුවර හෙළා දකිති. ඔව්හු සියුරුහන් බාමින් ජෙරුසලම් පුරඟනට විරුද්ධ ව හිස් වනමින්, “ ‘ලෝකයේ අභිමානය ය; මුළු පොළොවේ ප්‍රීතිය ය’යි කියනු ලැබූ නුවර මෙය දැ”යි අසති.
සිය ශක්තිය ගැන අහංකාරී වූ, ‘අනතුරින් තොර ය’යි සිතූ නගරයට සිදු වන දේ මෙය වේ. එහි වැසියෝ, ‘ලෝකයේ ඉතා ම උසස් නගරය මෙය ය’යි සිතූ හ. එහෙත්, එය කුමන විධියේ පාළුකරයක් වන්නේ ද? එය වන මෘගයන් ලගින ස්ථානයක් වන්නේ ය. ඒ අසලින් යන හැම දෙන ම අත් මිට මොළවා කවටකම් කරන්නෝ ය.
“අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමැති ද, ඔබත් ඒ දේ ම ඔවුන්ටත් කරන්න. ව්‍යවස්ථාවලියේ හා දිවැසාවලියේ හරය එය වේ.”
මෙසේ එක අවයවයක් වේදනා විඳී නම් ඒ සමඟ සියලු ම අවයවයෝ වේදනා විඳිති; එලෙස ම එක අවයවයක් ගෞරව ලබයි නම්, ඒ සමඟ සියලු ම අවයවයෝ ප්‍රීති වෙති.