Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 109:25 - Sinhala New Revised Version 2018

25 මම ඔවුන්ගේ නින්දාවට ලක් වී සිටිමි; ඔව්හු මා දකින විට සරදම් කරමින් හිස් වනති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 මම ඔවුන්ගේ නින්දාවට ලක් වී සිටිමි; ඔව්හු මා දකින විට සරදම් කරමින් හිස් වනති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

25 මම ඔවුන්ට නින්දාවක්ව සිටිමි. ඔව්හු මා දකිනවිට හිස් වනති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 109:25
13 හුවමාරු යොමු  

“ඔබට නින්දා කළ අයගේ නින්දාව මා පිට පැමිණියේ ය”යි ලියා ඇති ලෙස, ක්‍රිස්තුන් වහන්සේ වුව ද තමන්ගේ ම සතුට නොසෙව් සේක.


ඒ නිසා උන් වහන්සේ දැරූ නින්දාව උසුලාගෙන අපිත් කඳවුරෙන් පිටත උන් වහන්සේ වෙත යමු.


ඇදහිල්ලේ කර්තෘවරයාණන් ද එහි පරිපූරකයාණන් ද වන ජේසුස් වහන්සේ දෙස ම නෙත් යොමා, අපට දිවීමට ඇති ධාවනය නොපසුබට, වීර්යයෙන් දුවමු. උන් වහන්සේ තමන් ඉදිරියෙහි වූ ප්‍රීතිය නිසා, කුරුසියේ අවමානය නොතකා, එහි වධ විඳ දෙවියන් වහන්සේගේ සිංහාසනයේ දකුණත අසුන් ගත් සේක.


මඟ යන අය හිස් වන වනා උන් වහන්සේට අපහාස කරමින්, “හහා! දේව මාලිගාව වනසාදමා තෙදිනකින් එය ගොඩනඟන


ඔහු ගැන සමිඳාණන් වහන්සේ වදාරන වචනය මෙසේ ය; “සියොන් කන්‍යා දියණිය, නුඹට අවඥාවෙන් සරදම් කරන්නී ය. ජෙරුසලම් දියණිය, නුඹට සමච්චල් කරමින් සිනාසෙන්නී ය.


මා සිටින තැන ඔබ සිටියොත්, මටත් ඔබ වාගේ ම ව්‍යක්ත ලෙස කතා කළ හැකි ය; ඔබට විරුද්ධ ව වචන ගොඩක් නඟා ඔබ දෙසට මාගේ හිස වනමින් සරදම් කිරීමට මටත් පුළුවන.


“සමිඳුන්ට ඔහු බාර විණි, එතුමාණෝ ඔහු ගළවා නොගන්නේ මන් ද? සමිඳුන්ට ඔහු ප්‍රිය මනාප විණි, එතුමාණෝ ඔහු මුදා නොගන්නේ මන් ද?”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්