Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ශෙපනියා 2:15 - Sinhala New Revised Version 2018

15 සිය ශක්තිය ගැන අහංකාරී වූ, ‘අනතුරින් තොර ය’යි සිතූ නගරයට සිදු වන දේ මෙය වේ. එහි වැසියෝ, ‘ලෝකයේ ඉතා ම උසස් නගරය මෙය ය’යි සිතූ හ. එහෙත්, එය කුමන විධියේ පාළුකරයක් වන්නේ ද? එය වන මෘගයන් ලගින ස්ථානයක් වන්නේ ය. ඒ අසලින් යන හැම දෙන ම අත් මිට මොළවා කවටකම් කරන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 සිය ශක්තිය ගැන අහංකාරී වූ, ‘අනතුරින් තොර ය’යි සිතූ නගරයට සිදු වන දේ මෙය වේ. එහි වැසියෝ, ‘ලෝකයේ ඉතා ම උසස් නගරය මෙය ය’යි සිතූ හ. එහෙත්, එය කුමන විධියේ පාළුකරයක් වන්නේ ද? එය වන මෘගයන් ලගින ස්ථානයක් වන්නේ ය. ඒ අසලින් යන හැම දෙන ම අත් මිට මොළවා කවටකම් කරන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 ප්‍රීතිමත්ව අප්‍රවේසමෙන් වාසයකරමින්: තවත් කෙනෙක් නැතුව මමම සිටිමියි සිත තුළ සිතාගත්තාවූ නුවර මේය. ඒක පාළුවක්ද මෘගයන් ලගින තැනක්ද වූ හැටි! ඒ ළඟින් යන හැම දෙනම කවටකම්කර අත සොලවනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ශෙපනියා 2:15
27 හුවමාරු යොමු  

මා සිටින තැන ඔබ සිටියොත්, මටත් ඔබ වාගේ ම ව්‍යක්ත ලෙස කතා කළ හැකි ය; ඔබට විරුද්ධ ව වචන ගොඩක් නඟා ඔබ දෙසට මාගේ හිස වනමින් සරදම් කිරීමට මටත් පුළුවන.


ඔහු පලා යන විට මාරුතය ලුහුබැඳ ගිගුරුම් දෙයි. විනාශකාරී බලයකින් ඔවුන් බිය ගන්වයි.”


මුළු නගරය ඔල්වර හඬින් ද ඝෝෂාවෙන් ද කලබලයෙන් ද පිරී ඇත. මේ යුද්ධයේ දී මැරුම් කෑ අය මැරුණේ කඩුවෙන් හෝ සටනේ දී හෝ නොවේ.


කරදරවලින් නිදහස් ව සැප විහරණයෙන් කල් යවන ස්ත්‍රියනි, දැන් භීතියෙන් වෙවුළන්න; ඔබේ වස්ත්‍ර ගලවාදමන්න; ඉඟ වටා ගෝණි රෙදි ඇඳගන්න.


රජමැදුර පවා හිස් වන්නේ ය, අගනුවර ද සම්පූර්ණයෙන් පාළු වන්නේ ය; ගෙවල් ද මුරකොටු ද සදහට ම නටබුන් වන්නේ ය; වල් කොටළුවන් එහි ලගිනු ඇත; ඒවා බැටළුවන්ට තණ බිම් වන්නේ ය.


සැප විහරණයෙන් කල් යවන ස්ත්‍රියනි, මා කියන දේට සවන් දෙන්න, වගකීමක් නැති තරුණියනි, මා කියන දේ අසන්න.


නුඹ දුෂ්ටකමෙහි නිරත වී සිට කිසිවෙකු නුඹ නොදකිති යි සිතුවෙහි ය. නුඹේ ප්‍රඥාව හා දැනුම නිසා නුඹ මුළා වී, ‘මට වඩා මහේශාක්‍ය කෙනෙක් නැතැ’යි කියාගත්තෙහි ය.


මෙසේ ඔවුන් මේ දේශය මහා භීතියට කරුණක් ද සදහට ම පිළිකුලක් ද කර ඇත. ඒ ළඟින් යන අය බියෙන් බියට පත් ව විස්මයෙන් හිස වන වනා යති.


මේ දේශය මහා භීතියකට කරුණක් ද පිළිකුලක් ද කරන්නෙමි. ඒ ළඟින් යන අය බියෙන් බියට පත් වී ඔවුන්ට සිදු වූ විපත ගැන සරදම් කරන්නෝ ය.


මාගේ කෝපය නිසා කිසිවෙක් බබිලෝනියේ ජීවත් නොවෙති. එය නටබුන් ගොඩක් වන්නේ ය. බබිලෝනිය ළඟින් යන සියල්ලෝ ම එයට සිදු වී තිබෙන දේ ගැන විස්මයට පත් ව, ඊට වූ විපත්ති ගැන ඊට නින්දා කරන්නෝ ය.


සෙනඟගෙන් පිරී තිබුණ නුවර දැන් පාළු වී තිබෙන හැටි! ජාතීන් අතර උතුම් වී සිටි ඈ කණවැන්දුමියක මෙන් වී දේශාධිපතිනියක් වූ ඇය දාසියක් වී සිටින හැටි!


සමිඳාණන් සිය උදහසින් සියොන් පුරඟන පිට අඳුර ගෙනා හැටි! එතුමාණෝ ඉශ්රායෙල්ගේ තේජෝමහිමය ස්වර්ගයෙන් පොළොවට හෙඵෑ සේක. තමන් උදහස් දවසේ දී සියොන් තමන් පාපුටුව බව සිහි නොකළ සේක.


මඟ යන සියල්ලෝ නුවර හෙළා දකිති. ඔව්හු සියුරුහන් බාමින් ජෙරුසලම් පුරඟනට විරුද්ධ ව හිස් වනමින්, “ ‘ලෝකයේ අභිමානය ය; මුළු පොළොවේ ප්‍රීතිය ය’යි කියනු ලැබූ නුවර මෙය දැ”යි අසති.


ජනයන් අතරේ සිටින වෙළෙන්දෝ නුඹට වටකම් කරති; නුඹ භයානක අවසානයකට පත් වී ඇත. නුඹ සදහට ම විනාශ වී ඇත.’ ”


“මනුෂ්‍ය පුත්‍රය, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි තීර්ගේ අධිපතියාට කියන්න. නුඹ දෙවි කෙනෙකු නොව, මනුෂ්‍යයෙකු වන නමුත්, නුඹේ සිත උඩඟු වී, මම දෙවි කෙනෙක්මි. මුහුද මැද මම දෙවි කෙනෙකුගේ ආසනයේ වැඩහිඳිමි යි කියමින්, නුඹ දෙවිඳුන්ට සමාන ය යි සිතන්නෙහි ය.


නුඹ දෙවි කෙනෙකු නොව, නුඹ සතුරන් අතට අසු වී හුදෙක් මිනිසෙකු ව සිටින නමුත්, නුඹව මරාදමන්නන් ඉදිරියෙහි, ‘මම දෙවි කෙනෙක්මි’යි එවිටත් නුඹ කියා සිටින්නෙහි ද?


නුඹ කතා කොට මෙසේ කියන්න: මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: නයිල් ගඟ මැද ලගින, නයිල් ගඟ මාගේ ම ය කියාත්, මම ම ඒක සාදාගත්තෙමි කියාත් කියන මහ කිඹුලා වන මිසරයේ පාරාවෝ රජුනි, මෙන්න, මම නුඹට විරුද්ධ වෙමි.


නුඹේ තුවාළවලට පිළියමක් නැත; නුඹේ තුවාළ අසාධ්‍ය ය. නුඹේ මේ පුවත අසන සියල්ලෝ නුඹේ වැටීම ගැන අත්පොළසන් දෙති. මන්ද, නුඹේ දරුණු දුෂ්ටකමෙන් බේරුණ කෙනෙක් ඇද් ද?”


ඔව්හු භයානක ය, බිහිසුණු ය. ඔවුන්ගේ ශක්තිය ඔවුන්ගේ යුක්තිය හා උසස්කම වේ.


මඟ යන්නෝ තමන් හිස් වන වනා උන් වහන්සේට නින්දා කරමින්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්