ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෝබ් 16:20 - Sinhala New Revised Version 2018

මාගේ ආයාචනය දෙවිඳුන් වෙත නඟියි. මාගේ දෙනෙතෙහි කඳුළු එතුමන් දෙස ගලා යයි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මාගේ ආයාචනය දෙවිඳුන් වෙත නඟියි. මාගේ දෙනෙතෙහි කඳුළු එතුමන් දෙස ගලා යයි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මාගේ යහළුවෝ මට නින්දාකරති. මාගේ ඇස දෙවියන්වහන්සේ දෙසට කඳුළු වගුරුවයි.

පරිච්ඡේදය බලන්න



යෝබ් 16:20
15 හුවමාරු යොමු  

“අහෝ, සමිඳුනි, මා සැබෑකමිනුත්, සම්පූර්ණ සිතකිනුත් ඔබ ඉදිරියෙහි හැසිර ඔබේ ඇස් හමුයෙහි හරි දේ කළ බව සිහි කළ මැනව”යි අතිශයින් හැඬුවේ ය.


හැඬීමෙන් මාගේ මුහුණ රතු වී ඇත; මාගේ ඇස් වටා කළු වී ඇත.


මිනිසා දෙවිඳුන් සමඟ ද මිනිසා මිනිසා සමඟ ද ඉටු කළ යුතු යුක්තිය එතුමාණෝ ආරක්ෂා කරන සේක් වා!


මා සිටින තැන ඔබ සිටියොත්, මටත් ඔබ වාගේ ම ව්‍යක්ත ලෙස කතා කළ හැකි ය; ඔබට විරුද්ධ ව වචන ගොඩක් නඟා ඔබ දෙසට මාගේ හිස වනමින් සරදම් කිරීමට මටත් පුළුවන.


සැබැවින් ම දෙවිඳුනි, ඔබ මා දුබල කොට ඇත; ඔබ මාගේ දූ පුතුන් මැරෙන්නට සලස්වා ඇත;


කොයි අතට හැරුණත්, මිනිස්සු මට සරදම් කරති. ඔවුන්ගේ ඇණුම්බැණුම්වලට මට මූණ පාන්නට වී ඇත.


මාගේ ඇස් සෝදුකින් අඳුරු වී ඇත. මාගේ අවයව සියල්ල සෙවණැල්ලක් වැනි ය.


එතුමන් මාගේ සහෝදරයන් මා වෙතින් ඈත් කර ඇත. මාගේ මිතුරෝ මට අමුත්තන් වී සිටිති.


අහෝ! එතුමන්ගේ නඩු ආසනය ළඟට පැමිණෙන්නත්, එතුමන් හමුවන්නත් මට පුළුවන්කමක් ඇත්නම්.


මා ඔවුන්ට ප්‍රේම කළත්, ඔවුන් වෙනුවෙන් යාච්ඤා කළත් ඔව්හු මට විරුද්ධ ව චෝදනා නඟති.


මාගේ දුක් ගැනවිලි එතුමාණෝ ඉදිරියෙහි තබමි. එතුමාණෝ ඉදිරියෙහි මාගේ දුක් කරදර කියා සිටිමි.


ක්‍රිස්තුන් වහන්සේ මිනිසත්බව ගෙන සිටිය දී තමන් මරණයෙන් ගළවන්නට පිළිවන් වූ තැනැන් වහන්සේට බලවත් හැඬීමෙනුත් කඳුළු සැලීමෙනුත්, යාච්ඤා ද කන්නලවු ද ඔප්පු කළ සේක. උන් වහන්සේගේ දේව ගරුබිය නිසා, දෙවියන් වහන්සේ එයට සවන් දුන් සේක.