Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 16:16 - Sinhala New Revised Version 2018

16 හැඬීමෙන් මාගේ මුහුණ රතු වී ඇත; මාගේ ඇස් වටා කළු වී ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 හැඬීමෙන් මාගේ මුහුණ රතු වී ඇත; මාගේ ඇස් වටා කළු වී ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

16 මාගේ මුහුණ ඇඬීමෙන් රතුවී තිබේ, මාගේ ඇසිපිය පිටද මරණයේ සෙවන තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 16:16
14 හුවමාරු යොමු  

උන් වහන්සේ ඔවුන් අමතා, “මැරෙණ තරමට මාගේ සිත අතිශයින් ශෝකාකූල ය; මෙහි නැවතී අවදි ව සිටින්න” කියා,


මේ දේවල් නිසා මම හඬමි, මාගේ ඇසින්, එසේ ය, මාගේ ඇසින් කඳුළු ගලා යයි. මන්ද, මා ප්‍රාණවත් කළ හැකි, මා සැනසිය හැකි කිසිවෙක් ළඟ නැත. සතුරා ජය ගත් බැවින් මාගේ දරුවෝ අසරණ ව සිටිති.


පෙනුමෙන් එතුමාණෝ බොහෝ සේ අවලක්ෂණ ය. මිනිසෙකුට සමානකමක් නැත. මිනිස් රූපය නැති වී යන පමණට විරූප වීමෙන් එය සියල්ලන්ට ම පුදුමයක් වී ඇත.


මාගේ කෑම අළු ය; මාගේ බීම කඳුළින් මුසු ය.


මොරගැසීමෙන් මා විඩාපත් ව මාගේ උගුර වියළී ඇත්තේ ය. මාගේ දෙවිඳුන් ගැන බලා සිටීමෙන් දෙනෙත අඳුරු වී ඇත්තේ ය.


මාගේ වරද ගැන නිහඬ ව සිටිමින්, දවස පුරා කඳුළු හෙළා සුසුම් ලෑමෙන් මාගේ ඇඟපත දිරා ගියේ ය.


සමිඳුනි, මට කරුණා කළ මැනව. මම දුකින් මිරිකී සිටිමි. මාගේ දෑස ද ගතසිත ද සෝදුකින් වෑරී ඇත.


මාගේ ඇස් සෝදුකින් අඳුරු වී ඇත. මාගේ අවයව සියල්ල සෙවණැල්ලක් වැනි ය.


මාරක රැහැනෙන් මම වෙළුණෙමි. පාතාලයේ වේදනා මා අසු කරගත්තේ ය; විපත හා දුක මා වෙළාගත්තේ ය.


මාගේ ආයාචනය දෙවිඳුන් වෙත නඟියි. මාගේ දෙනෙතෙහි කඳුළු එතුමන් දෙස ගලා යයි.


ඔවුන්ට එළිය දරුණු ලෙස බියකරු ය; රෑ අඳුරට ඔව්හු ප්‍රිය කරති.” ශෝපර් මෙසේ පිළිතුරු දුන්නේ ය:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්