මා හිස එසෙව්වත්, සිංහයෙකු මෙන් ඔබ මා ලුහුබැඳ අරුමපුදුම ලෙස ඔබ තවත් ජයග්‍රහණයක් ලබන සේක.
යෝබ් 13:24 - Sinhala New Revised Version 2018 ඔබ මාගෙන් මුහුණ සඟවාගෙන මා ඔබේ සතුරෙකු කොට ගණන් ගන්නේ මන් ද? Sinhala New Revised Version ඔබ මාගෙන් මුහුණ සඟවාගෙන මා ඔබේ සතුරෙකු කොට ගණන් ගන්නේ මන් ද? Sinhala Revised Old Version ඔබගේ මුහුණ ඔබ සඟවා, මා ඔබගේ සතුරෙකුකොට ගණන්ගන්නේ මක්නිසාද? |
මා හිස එසෙව්වත්, සිංහයෙකු මෙන් ඔබ මා ලුහුබැඳ අරුමපුදුම ලෙස ඔබ තවත් ජයග්‍රහණයක් ලබන සේක.
මට විරුද්ධ ව අලුත් සාක්ෂි ඔබ ඉදිරිපත් කරන සේක. මා කෙරේ ඔබේ උදහස තව තවත් වැඩි කරන සේක. පහර පිට පහර මට එල්ල කරන සේක.
මම දෙවිඳුන්ට මෙසේ කියමි: ‘මා වරදට පත් නොකළ මැනව; මට විරුද්ධ ව ඔබ කරන පැමිණිල්ලට හේතුව පැවසුව මැනව.
එතුමාණන් කෝපයෙන් මා කැබලි කොට, ඉරා දමනු ඇත. එතුමාණන් දත්මිටි කා, තියුණු ලෙස මා දෙස රවා බලනු ඇත.
දෙවිඳුන් මෙන් ඔබත් මා ලුහුබැඳ එන්නේ මන් ද? මාගේ කයට සිදු වී ඇති විපත ගැන ඔබ සෑහීමට පත් වී නැද් ද?
අහෝ! මට සවන් දෙන කෙනෙක් නැද් ද? මා කියන හැම වචනයක් ම සත්‍ය බවට මෙන්න, මාගේ අත්සන තබමි. සව් බලැති දෙවිඳාණෝ මට උත්තර දෙන සේක් වා! මාගේ එදිරිකරු මට විරුද්ධ ව ලියූ පැමිණිලි පත්‍රය මට ඇත්නම්!
සමිඳාණන් වහන්ස, කොතෙක් කලක් ඔබ මා අමතක කරන සේක් ද? සදහට ම ද? ඔබ මා හැර දමා අහක බලාගෙන සිටින සේක් ද?
සමිඳාණන් වහන්සේ සිය සෙනඟ වෙතින් සැඟවී සිටින නමුත්, මම උන් වහන්සේ අදහා මාගේ බලාපොරොත්තුව උන් වහන්සේ කෙරෙහි තබමි.
සමිඳාණෝ සතුරෙකු මෙන් වූ සේක. ඉශ්රායෙල් නටබුන් ගොඩක් කළ සේක. එතුමාණෝ ඇගේ සියලු මාලිගා නටබුන් ගොඩක් කොට, ඇගේ බලකොටු විනාශ කළ සේක. ජුදා පුරඟන කෙරෙහි ශෝකය දෙගුණ තෙගුණ කළ සේක.
එතුමාණෝ මෙසේ වදාළ සේක: මම ඔවුන්ගෙන් මුහුණ සඟවාගනිමි. ඔවුන්ගේ අවසානය කුමක් දැ යි බලමි. ඔව්හු කපටි පෙළපතකි; අවිශ්වාසී පරපුරකි.
එවිට සාමුවෙල් පිළිතුරු දෙමින් මෙසේ කීවේ ය: “සමිඳාණන් වහන්සේ ඔබ කෙරෙන් අහක් වී ඔබට විරුද්ධ ව සිටිද්දී ඔබ මාගෙන් අසන්නේ කුමක් නිසා ද?