Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 10:17 - Sinhala New Revised Version 2018

17 මට විරුද්ධ ව අලුත් සාක්ෂි ඔබ ඉදිරිපත් කරන සේක. මා කෙරේ ඔබේ උදහස තව තවත් වැඩි කරන සේක. පහර පිට පහර මට එල්ල කරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 මට විරුද්ධ ව අලුත් සාක්ෂි ඔබ ඉදිරිපත් කරන සේක. මා කෙරේ ඔබේ උදහස තව තවත් වැඩි කරන සේක. පහර පිට පහර මට එල්ල කරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

17 අමුතු සාක්ෂි මට විරුද්ධව පමුණුවා, මා කෙරෙහි ඔබගේ උදහස වැඩි කරනසේක; සේනාව පිට සේනාව මා කරා එන්නාහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 10:17
9 හුවමාරු යොමු  

ඔබ මා කය පොඩි කර ඇත; මම ඇටකටු ගොඩක් පමණි. එය මා වැරදිකරු බවට සාක්ෂි දෙයි.


මා මෙයින් පිට වී යන විට සියලු දෙයින් පරිපූර්ණ වී සිටියෙමි. එහෙත්, සමිඳාණන් වහන්සේ හිස් අතින් මා ආපසු ගෙනවුත් තිබේ. සමිඳාණන් වහන්සේ මට විරුද්ධ වී සර්ව පරාක්‍රමයාණන් මට පීඩා කර තිබිය දී මට වාසනාවන්තී යැයි කියන්නේ මන් ද?”


“ඒ කාලයේ දී මම පහනක් දල්වා ජෙරුසලම සෝදිසිකර, ‘සමිඳාණන් වහන්සේ යහපතක් වත්, නපුරක් වත් කරන එකක් නැතැ’යි කියමින් උදාසීන ව සැපපහසුකමින් කල් යවන සියලු දෙනාට දඬුවම් කරමි.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “මෝවබ් ජාතිය මුල් කාලයේ සිට සුරක්ෂිත ව පැවතිණි. කිසි කලක ඒ ජාතිය වහල්කමට ගෙනයනු නොලැබී ය. මෝවබ් වනාහි, භාජනයෙන් භාජනයට වත් නොකරනු ලැබූ, යටට මණ්ඩි බසින තෙක් භාජනයක නිශ්චල ව ඇති මිදියුස වැනි ය. එහි රස අඩු නොවී ඒ තුළ ම පැවැතේ. එහි සුවඳ වෙනස් වී නැත.


අතීතයේ සිට සිහසුන් අරා සිටින දෙවිඳාණෝ මට සවන් දී පිළිතුරු දුන් සේක. මන්ද, මාගේ සතුරෝ නීතිය නොරකිති; දෙවිඳුන් හට ගරුබිය නොදක්වති.


“මිහි මත මිනිස් ජීවිතය සටනක් නොවන්නේ ද? එය දවසේ කුලියට වැඩ කරන කුලීකරුවෙකුගේ දිවිය මෙන් නොවේ ද?


ඔබ මාගෙන් මුහුණ සඟවාගෙන මා ඔබේ සතුරෙකු කොට ගණන් ගන්නේ මන් ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්