දෙවි තුමාණෝ යහතින් විසුමට ඔවුන්ට රැකවරණය දෙන සේක; හැම මොහොතෙහි ම එතුමන්ගේ දෙනෙත ඔවුන් යන මඟ වෙත යොමු වේ.
යෝබ් 11:11 - Sinhala New Revised Version 2018 එතුමාණෝ හොර බොරු කරන අය මැනවින් දන්න සේක. ඔවුන්ගේ නපුරු ක්‍රියා දුටු විට එතුමන්ට නොසලකා සිටිය හැකි ද? Sinhala New Revised Version එතුමාණෝ හොර බොරු කරන අය මැනවින් දන්න සේක. ඔවුන්ගේ නපුරු ක්‍රියා දුටු විට එතුමන්ට නොසලකා සිටිය හැකි ද? Sinhala Revised Old Version මක්නිසාද උන්වහන්සේ බොරුකාරයන් දන්නාසේක; කල්පනා නොකරන්නාක්මෙන් සිටින නුමුත් උන්වහන්සේ අධර්මිෂ්ඨකම දක්නාසේක. |
දෙවි තුමාණෝ යහතින් විසුමට ඔවුන්ට රැකවරණය දෙන සේක; හැම මොහොතෙහි ම එතුමන්ගේ දෙනෙත ඔවුන් යන මඟ වෙත යොමු වේ.
“දෙවිඳුන් මෙතන නැත; එතුමාණන් මුහුණ වසාගෙන ඇත. කිසි කලක එය නොදකිනු ඇතැ”යි ඔහු සිතින් සිතාගනියි.
ඔබ දුක් කරදර ගැන සලකන සේක; ඔබ උපකාර කරන්නට නිතර සූදානම් ය. අසරණයා සිය ජීවිතය ඔබට භාර දෙයි. ඔබ අනාථයාගේ ආධාරකරු වන සේක.
දිළිඳුන්ට පීඩා කිරීම ද යුක්තිය හා සාධාරණකම පෙරළීම ද රටේ ඇති වන බව ඔබ දකින විට ඒ ගැන පුදුම නොවන්න. හැම නිලධාරියාට ම ඉහළින් ඊට වඩා උසස්, වෙන නිලධාරියෙක් ඇත.
ඔවුන් කරන සියලු නපුරු දේ මා අමතක නොකරන බව ඔවුන්ගේ සිහියට නොනැඟේ. පාපයෙන් වට වී සිටින ඔවුන්ට මාගේ ඇස් හමුවෙන් සැඟවෙන්න බැරි ය.”
නපුර බලන්නට බැරි තරම් පවිත්‍ර ඇස් ඇති, වැරදි කරන අය නුරුස්සන ඔබ වහන්සේ, ද්‍රෝහීන් දෙස බලා සිටින්නේත්, දුෂ්ටයා තමාට වඩා දැහැමි තැනැත්තා විනාශ කරන විට ඔබ නිහඬ ව සිටින්නේත් මන් ද?
උන් වහන්සේ කෙරෙන් සැඟවිය හැකි කිසිවක් මුළු විශ්වයේ ම නැත. උන් වහන්සේගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැති ව විවෘත ව තිබේ. අප ගණන් දිය යුත්තේ උන් වහන්සේට ය.
තවද මම ඇගේ දරුවන් වනසාලන්නෙමි. එවිට, මිනිසුන්ගේ සිතුම්පැතුම් විමසන තැනැන් වහන්සේ මා බව, සියලු සභාවෝ දැන ගන්නහු ය. තවද, මම ඔබට එකිනෙකාගේ ක්‍රියා අනුව විපාක දෙන්නෙමි.