යෙරෙමියා 30:16 - Sinhala New Revised Version 2018 “නුඹලා වනසන සියල්ලෝ ම වැනසෙති. නුඹලාගේ එදිරිකාර සියල්ලෝ ම හිරකරුවන් වශයෙන් ගෙනයනු ලබන්නෝ ය. නුඹලාගෙන් කොල්ලකන්නෝ කොල්ලකනු ලබන්නෝ ය. නුඹලා සතු දේ පැහැරගන්නන්ගෙන් ඔවුන් සතු දේ ද පැහැරගනු ලබන්නේ ය. Sinhala New Revised Version “නුඹලා වනසන සියල්ලෝ ම වැනසෙති. නුඹලාගේ එදිරිකාර සියල්ලෝ ම හිරකරුවන් වශයෙන් ගෙනයනු ලබන්නෝ ය. නුඹලාගෙන් කොල්ලකන්නෝ කොල්ලකනු ලබන්නෝ ය. නුඹලා සතු දේ පැහැරගන්නන්ගෙන් ඔවුන් සතු දේ ද පැහැරගනු ලබන්නේ ය. Sinhala Revised Old Version එහෙත් නුඹව නාස්තිකරන සියල්ලෝම නාස්තිවන්නෝය; නුඹේ එදිරිකාරයන් සියල්ලෝම වාලට යන්නෝය; නුඹෙන් කොල්ලකන්නෝ කොල්ලයක් වන්නෝය, නුඹෙන් උදුරා ගන්න සියල්ලන්ද කොල්ලයක් කොට පාවාදෙන්නෙමි. |
එහෙත්, නුඹලා ඔහුගේ හඬට කීකරු වී මා කියන සියල්ල කරන්නහු නම් මම නුඹලාගේ සතුරන්ට සතුරෙක් ද නුඹේ විරුද්ධවාදීන්ට විරුද්ධවාදියෙක් ද වන්නෙමි.
මන්ද, සමිඳුන් ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනු ඇත. ඔවුන්ගෙන් පැහැරගන්න අයගෙන් පැහැරගනු ඇත.
සමිඳාණන් වහන්සේ ඔවුන්ට දුන් දේශයට ආපසු පැමිණෙන පිණිස බොහෝ ජාතීන් ඉශ්රායෙල්වරුන්ට උදව් දෙනු ඇත. ඒ ජාතීන් වහලුන් වශයෙන් ඉශ්රායෙල්වරුන්ට සේවය කරනු ඇත. වරක් ඉශ්රායෙල්වරුන් යටත් කරගෙන සිටි ජාතීහු දැන් ඉශ්රායෙල්වරුන් විසින් යටත් කරනු ලබති. දැන් ඉශ්රායෙල්වරු වරක් තමන්ට පීඩා කළ ජාතීන් පාලනය කරති.
කිසිවකු විසින් කොල්ලකනු නොලැබූ නමුත්, කොල්ලකන, ද්‍රෝහිකම් කරනු නොලැබූ නමුත්, ද්‍රෝහිකම් කරන අපේ සතුරන්ට වන විපතක මහත! ඔවුන්ගේ කොල්ලකෑම හා ද්‍රෝහිකම් කිරීමේ කාලය අවසාන වේ. එවිට ඔවුන් ම කොල්ලකෑමටත්, ද්‍රෝහිකමටත් භාජනය වනු ඇත.
කිසිදාක නුඹට පහර දීමට කිසිවෙකුට මම අනුමැතිය නොදෙන්නෙමි. නුඹට විරුද්ධ ව සටන් කරන අය වැටෙන්නෝ ය.
නුඹට විරුද්ධ ව සාදන කිසි ම ආයුධයකින් වැඩක් නොවේ. නුඹට විරුද්ධ ව නඟන සියලු චෝදනා නුඹ නිෂ්ප්‍රභා කරන්නෙහි ය. මාගේ මෙහෙකරුවන්ගේ උරුමය මෙය වන්නේ ය. මම ඔවුන්ට ජය අත්කර දෙමි.”
ඔබ නොපිළිගන්න ජාතීන් කෙරෙහි ද ඔබට යාච්ඤා නොකරන මිනිසුන් කෙරෙහි ද ඔබේ කෝපය වැගිරෙවුව මැනව. මන්ද, ඔව්හු ජාකොබ්ගේ වංශය මරාදැමූ හ; ඔවුන් සහමුලින් ම විනාශ කළහ. ඔවුන්ගේ දේශය නැතිනාස්ති කළහ.”
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මාගේ සෙනඟ වන ඉශ්රායෙල්ට මා හිමි කර දුන් දේශය නැතිනාස්ති කළ සියලු ම නපුරු අසල්වැසියන්ට විරුද්ධ ව මට කරුණක් කියන්න ඇත. මම ඔවුන්ගේ දේශයෙන් ඔවුන් උදුරාදමන්නෙමි. ඔවුන්ගේ අතින් ජුදා දේශය බේරාගන්නෙමි.
එම්බා ඉශ්රායෙලය! නුඹ මට පමණක් අයිති ව සිටියෙහි ය. නුඹ මට අස්වැන්නේ නාඹුල් ඵලය මෙන් විය. එයින් කෑ සියල්ලෝ වරදකරුවෝ වූ හ. ඒ නිසා ඔව්හු විපතට පත් වූ හ. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය.”
තවද, සැත්තෑ අවුරුද්දක් ගත වූ පසු, බබිලෝනියේ රජුටත්, ඒ ජාතියටත් ඔවුන්ගේ අයුතුකම් නිසා මම දඬුවම් කරන්නෙමි. ඒ දේශය සදාකාල පාළු තැනක් කරන්නෙමි.
“නුඹලාගේ තුවාළ ගැන කොඳුරන්නේ කුමට ද? නුඹලාගේ වේදනාව සුව කළ නොහැකි ය. මා නුඹලාට මෙසේ දඬුවම් කෙළේ, නුඹලාගේ අපරාධයේ බරපතලකම නිසාත්, පාප ක්‍රියා බහුල නිසාත් ය.
බබිලෝනියෙන් ගැළවී පලා ගිය සෙනඟ සියොන්ට පැමිණ, අපේ දෙවි ස්වාමීන් වහන්සේ දේව මාලිගාවට කළ විනාශය නිසා බබිලෝනිවරුන්ගෙන් පළිගත් අයුරු ප්‍රකාශ කළෝ ය.
දාන්හි සිට අප සතුරන්ගේ අශ්වයන්ගේ නාසයෙන් නගන ප්‍රබල හඬ අපට ඇසුණේ ය; උන්ගේ හේෂාරවයට මුළු දේශය වෙවුළයි. ඔවුන් ඇවිත් සිටින්නේ දේශය සහ එහි තිබෙන සියල්ල ද නගර සහ එහි වසන වැසියන් ද විනාශ කරන පිණිස ය.”
මා සුසුම්ලන රඟ ඇසුව මැනව. මා සනසන්න කිසිවෙක් නැත. මාගේ සියලු සතුරෝ මාගේ විපත්තිය ගැන ඇසුවෝ ය. ඔබ එය කළ නිසා ඔව්හු සතුටු වෙති. ඔබ ප්‍රකාශ කළ දවස පැමිණෙව්ව මැනව. එවිට ඔව්හු ද මා හා සමාන වන්නෝ ය.
ඔවුන්ගේ සියලු දුෂ්ටකම් ඔබ ඉදිරියට පැමිණේ වා! මාගේ සියලු අපරාධ නිසා ඔබ මට කළාක් මෙන් ඔවුන්ටත් කළ මැනව. මන්ද, මාගේ සුසුම්ලෑම් බොහෝ ය; මාගේ සිත ද ක්ලාන්ත වී තිබේ. මම කලකිරී සිටිමි.
එ”නුඹ නිරන්තරයෙන් සතුරුකම් කරමින් සිට, අන්තිම දඬුවමට මූණ පා සිටි ඉශ්රායෙල් සෙනඟගේ විපත්ති කාලයේ දී ඔවුන් කඩුවේ බලයට පාවා දුන් බැවින්,
නුඹලාගේ දූ දරුවන් මම ජුදා වැසියන් අතට විකුණන්නෙමි. ජුදා වැසියන් ඔවුන් දුරබැහැර සේබියන්වරුන්ට විකුණනු ඇත. සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක.
බොහෝ ජාතීන් ඔබට පහර දෙන්න දැන් රැස් වී ඇත. “ජෙරුසලම විනාශ වේ වා! අපි එහි නටබුන් දෙස බලා සිටිමු”යි ඔව්හු කියති.
“ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ කොහේ දැ”යි අසා මට සරදම් කළ මාගේ සතුරන් එය දැක ලජ්ජාවට පත් වනු ඇත. ඔවුන්ගේ පරාජයත්, වීථිවල මඩ මෙන් ඔවුන් පාගනු ලැබීමත් මාගේ ඇස්වලින් දකින්නෙමි.
එහෙත්, තමන්ගේ සතුරන් ගලා යන ජල ගැල්මකින් සහමුලින් ම විනාශ කරන සේක; එදිරිකාරයන් ලුහුබැඳ ගොස් අන්ධකාරයට නෙරපාදමන සේක.
ඒ අයුරින් නුඹලාත් ගෞරවයෙන් වෙනුවට නින්දාවෙන් පිරී සිටින්නහු ය. නුඹලාත් වෙරිමත් වන්නහු ය. සමිඳාණන් වහන්සේගේ දකුණු අතෙහි කුසලානෙන් නුඹලාට බොන්න සලස්වා උන් වහන්සේ නුඹලාගේ ගෞරවය අගෞරවයට හරවන සේක.
සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මෝවබ්වරුන්ගේ පාරට්ටු කිරීම ද අම්මොන් වැසියන්ගේ නින්දා කිරීම ද ඔවුන්ගේ දේශය ගැන පුරසාරම් දෙඩීම ද මාගේ සෙනඟට නින්දා කළ අන්දම ද මා අසා ඇත.
මා සමඟ කතා කළ දේව දූතයා මෙසේ කී ය: “කෑමොරගසන්න, සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. ජෙරුසලමට හා සියොන්ට මම ඉමහත් ප්‍රේමයකින් ප්‍රේම කරමි.
එහෙත්, සැප ජීවිකාවෙන් කල් යවන ජාතීන් කෙරෙහි මම අධික ලෙස උදහස් වී සිටිමි. මාගේ සෙනඟට මා දැක්වූ උදහස සුළු ව තිබිය දී මේ ජාතීහු මාගේ සෙනඟට මා සිතුවාට වඩා පීඩා කළහ. ඒ නිසා සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක.
“ජෙරුසලම, ඒ අවට ජාතීන් වෙරිමත් කරවන කුසලානක් සේ කරන්නෙමි. ඒ ජාතීන් ජෙරුසලම වටලන විට ජුදාහි සෙසු නගර ද වටලනු ලැබේ.
ජෙරුසලමට විරුද්ධ ව යුද්ධ කරන පිණිස සමිඳාණන් වහන්සේ සියලු ජාතීන් එක්රැස් කරන සේක. නගරය අල්ලාගනු ලැබේ; ගෙවල් කොල්ලකනු ලැබේ; ස්ත්‍රීහු දූෂණය කරනු ලබති; සෙනඟගෙන් දෙකෙන් කොටසක් වහල්කමට ගෙනයනු ලබන අතර, ඉතිරි කොටස නුවරින් පිටත ගෙනයනු නොලබති.
නැවත වරක් සමිඳාණන් වහන්සේ ශුද්ධ කන්දෙහි ජුදා රට තමන්ගේ ම විශේෂ උරුමයක් කරගෙන, ජෙරුසලම තමන්ගේ ප්‍රියතම නුවර කරගන්න සේක.
මේ දර්ශනවලින් පසු සියලු බලැති සමිඳාණන් වහන්සේ තමන්ගේ සෙනඟ කොල්ලකෑ ජාතීන් වෙත තේජාන්විත සේවය සඳහා මා යවමින් මෙසේ වදාරන සේක:
තවද, දෙවි සමිඳාණන් වහන්සේ ඔබට පීඩා කළ ඔබේ සතුරන් පිට ද ඔබට වෛර කළ අය පිට ද මේ සාප සියල්ල වැටෙන්නට සලසන සේක.
වහල්කමට නියම තැනැත්තාට වහල්කම නියත ය. කඩුවෙන් මරන්නා, කඩුවෙන් ම මැරිය යුතු ය. සැදැහැවතුන්ට ඉවසිල්ලත් ඇදහීමත් අවශ්‍ය වන්නේ මේ නිසා ය.
ඉශ්රායෙල් ජනයා පිලිස්තිවරුන් ලුහුබැඳ එලවා දමා, හැරී අවුත් ඔවුන්ගේ කඳවුරු කොල්ලකාගත්තෝ ය.