ඔව්හු දිළිඳුන්ගේ මොරගැසීම එතුමාණන් වෙත නැඟී එන්නට සැලැස්වූ හ, දුගී ජනයාගේ අයැදුමට එතුමාණෝ සවන් දුන් සේක.
යෙරෙමියා 14:2 - Sinhala New Revised Version 2018 “ජුදාව වැලපෙයි; එහි නගර මලානික වෙයි; එහි සෙනඟ පොළොව මත දුකින් වැතිර ළතෝනි කියති. ජෙරුසලමේ විලාප ද නැඟී යයි. Sinhala New Revised Version “ජුදාව වැලපෙයි; එහි නගර මලානික වෙයි; එහි සෙනඟ පොළොව මත දුකින් වැතිර ළතෝනි කියති. ජෙරුසලමේ විලාප ද නැඟී යයි. Sinhala Revised Old Version යූදා වැලපෙයි, එහි දොරටුද මලානිකවෙයි; කළු ඇඳගෙන ඔව්හු බිම හිඳිති; යෙරුසලමේ කෑගැසීමද නැගී ගියේය. |
ඔව්හු දිළිඳුන්ගේ මොරගැසීම එතුමාණන් වෙත නැඟී එන්නට සැලැස්වූ හ, දුගී ජනයාගේ අයැදුමට එතුමාණෝ සවන් දුන් සේක.
අපේ ගවදෙන්නු ගැබ් ගැනීමට ශක්ති සම්පන්න වෙත් වා! ගබ්සා වීමක් වත්, අකලට ඉපදීමක් වත් නො වේ වා! අපේ වීදිවල විලාප හැඬීම් නො වේ වා!
දෙවියන් වහන්සේ ඔවුන්ගේ කන්නලවුවලට සවන් දී, තමන් වහන්සේ ආබ්‍රහම්, ඊසාක් සහ ජාකොබ් සමඟ කළ තම ගිවිසුම සිහි කළ සේක.
මාගේ සිත මෝවබ් නිසා කම්පා වෙයි. එහි සෙනඟ ශෝවාර් හෙවත් එග්ලත්-ෂෙලිෂිය නගරයට පලා යති. ඇතැමෙක් හඬ හඬා ලුහිත්හි ගොඩැල්ලේ නැඟී යති. හොරොනායිම් මාර්ගයෙහි දී සමහරු මරහඬ දෙමින් කෑගසති.
මිනිස්සු වීථිවල මුද්‍රික පානය ඉල්ලා කෑගසති. ප්‍රීතිය සදහට ම අතුරුදහන් වී ඇත. දේශයෙන් සන්තෝෂය පහ වී ගොස් ඇත.
මුළු පොළොව මැලවී, වියළී යන්නේ ය; මුළු ලෝකය අබල දුබල වන්නේ ය; අහසත්, පොළොවත් ජරාවාසයක් වන්නේ ය.
මිදිවැල වියළී යයි; මිදියුස එන්න එන්න හීන වේ; කලින් ප්‍රීතියෙන් සිටි අය දැන් දුකින් කල් යවති.
නගරයේ දොරටු අසලින් හැඬීමත්, වැළපීමත් නික්මෙනු ඇත. නගරය ද නග්න ව බිම වැතිර සිටින ස්ත්‍රියක මෙන් වන්නී ය.
දේශය පාළු වී හිස් වී ඇත. ලෙබනොනය වියළී ගොස් ඇත. ශාරොන් කාන්තාරයක් වී ඇත. බාෂාන් හා කර්මෙල් ගස්වලින් කොළ හැළේ.
සව් බලැති සමිඳුන්ගේ මිදි වත්ත නම්, ඉශ්රායෙල් වංශය ය. එතුමාණන් ප්‍රිය කළ මිදි වැල් නම්, ජුදාහි සෙනඟ ය. ඔවුන් යුක්තිය ඉටු කරනු ඇතැ යි එතුමන් බලා සිටි නමුත්, ඔවුන් කෙළේ මිනී මැරීම ය; ඔවුන් දැහැමිකම් කරනු ඇතැ යි එතුමන් බලා සිටි නමුත්, ඇති වූයේ විලාප නැඟීම ය.
එබැවින් සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: මම ඔවුන්ට ගැළවෙන්න බැරි විපතක් ඔවුන් පිට පමුණුවන්නෙමි. ඔවුන් මට මොරගැසුවත්, මම ඔවුන්ට සවන් නොදෙමි.
එය පාළුකරයක් වී ඇත. එය පාළු වී මට මොරගසයි; එය කාන්තාරයක් වී ඇත. එහෙත්, කිසිවෙකු එය ගණන්ගන්නේ නැත.
දේශය වේළී තිබෙන්නේත්, මුළු රටේ තණ කොළ මැලවී යන්නේත් කොපමණ කාලයකට ද? එහි වැසියන්ගේ දුෂ්ටකම නිසා මෘගයෝ ද පක්ෂීහු ද මිය යති. “ඔබ අපේ අවසානය නොදකින සේකැ”යි ඔව්හු කියති.
ඔබ හදිසියෙන් සතුරු සේනාවක් ඔවුන්ට විරුද්ධ ව පමුණුවන කල ඔවුන්ගේ නිවෙස්වලින් කෑගැසීමක් ඇසේ වා! මන්ද, ඔවුන් මා අසුකරන්නට වළක් හාරා, මාගේ පාදවලට මලපත් සඟවා තබා ඇත.
මිහි කත වැලපෙන්නී ය; අහස අඳුරු වන්නේ ය. මන්ද, සමිඳාණන් වහන්සේ එය අදහස් කර ඇත; උන් වහන්සේ ආපසු බලන්නේ වත්, සිය අදහස වෙනස් කරන්නේ වත් නැත.
විජාතීන් නුඹට පත් නින්දාව ගැන අසා තිබේ. ඔබේ කෑගැසීමෙන් පොළොව පිරී තිබේ. මන්ද, සෙබළු එකිනෙකා සමඟ ගැටී දෙදෙන ම එකට ඇද වැටෙන්නෝ ය.
“මාගේ සෙනඟගේ තුවාළය නිසා මම තුවාළ ලැබ ශෝකයට පත් ව සිටිමි. මම අන්ත වියවුල්කමට ලක් වී සිටිමි.
සමිඳාණෝ සියොන් පුරඟනගේ පවුර නාස්ති කරන්න අදහස් කළ සේක. ලණුවක් ඇද එය මැන්න සේක. එය සහමුලින් ම කඩාදමන තුරු සිය’ත ඉවත් නොකළ සේක. එතුමාණෝ එහි කොටු තාප්පය සහ පවුර පිට වැලපීම ඇති කළ සේක. ඒවා එකට ගරා වැටී ඇත.
ඇගේ දොරටු පොළොවට කිඳා බැස ඇත. එතුමාණෝ ඇගේ අගුල් නාස්තිකර කඩාදැමූ සේක. ඇගේ රජ ද අධිපතීහු ද ජාතීන් අතරේ සිටිති. ව්‍යවස්ථාවක් දැන් නැත. එසේ ය, ඇගේ දිවැසිවරු සමිඳුන්ගෙන් දර්ශනයක් තවත් නොලබති.
එබැවින් දේශය වියළී යන්නේ ය. එහි වසන වනසතුන් හා ආකාශයේ පක්ෂීන් ඇතුළු සියල්ලෝ ම මලානික වන්නෝ ය. මුහුදේ මත්ස්‍යයෝ පවා විනාශ වී යන්නෝ ය.
කෙත්වතු පාළු වී ගොසින් ය; භූමිය වැලපෙන්නේ ය; මන්ද, ගොයම් වැනසී, මිදි පල වියළී තෙල් හීන වී ගොස් ඇත.
ගොවියෙනි, දුකින් තැවෙන්න; මිදි වතුකාරයෙනි, වැලපෙන්න. මන්ද, තිරිඟු ද බාර්ලි ද කෙතේ ගොයම් ද වැනසී ඇත.
උපවාසයක් නියම කරන්න; අයැදුමට සෙනඟ රැස් කරන්න. ප්‍රජා මූලිකයන් සහ රටේ සියලු වැසියන් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ මාලිගාවට රැස් කරවා උන් වහන්සේට මොරගසන්න.
මා දේශය පිට ද කඳු හෙල් පිට ද නියඟයක් පමුණුවා ඇත; තෘණ භූමි ද මිදි වතු ද ඔලීව වතු ද හැම භවහෝග වගාවන් ද මිනිසුන් හා සිවුපාවුන් ද ඔවුන් කරන හැම වගාවන් ද පිට එය පමුණුවා ඇත.”
‘මා අඬගසන කල ඔවුන් සවන් නුදුන් නිසා, ඔවුන් අඬගසන කල මම පිළිතුරු නොදෙන්නෙමි’යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.
“මම හෙට මේ වේලාවට පමණ බෙන්ජමින්ගේ රටෙන් මිනිසෙකු නුඹ ළඟට එවන්නෙමි; ඔහු මාගේ සෙනඟ වන ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා කොට අභිෂේක කරන්න; ඔහු පිලිස්තිවරුන්ගේ අතින් මාගේ සෙනඟ ගළවන්නේ ය. මාගේ සෙනඟගේ මොරගැසීම මා වෙත පැමිණි හෙයින් මම ඔවුන් දෙස බැලුවෙමි”යි දන්වා තිබුණේ ය.