Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ජොයෙල් 1:14 - Sinhala New Revised Version 2018

14 උපවාසයක් නියම කරන්න; අයැදුමට සෙනඟ රැස් කරන්න. ප්‍රජා මූලිකයන් සහ රටේ සියලු වැසියන් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ මාලිගාවට රැස් කරවා උන් වහන්සේට මොරගසන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 උපවාසයක් නියම කරන්න; අයැදුමට සෙනඟ රැස් කරන්න. ප්‍රජා මූලිකයන් සහ රටේ සියලු වැසියන් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ මාලිගාවට රැස් කරවා උන් වහන්සේට මොරගසන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 ශුද්ධවූ උපවාසයක්ද රැස්වීමක්ද ප්‍රසිද්ධකර, නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගෘහයට වැඩිමහල්ලන්ද දේශයේ සියලුම වැසියන්ද රැස්කර, ස්වාමීන්වහන්සේට මොරගසන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ජොයෙල් 1:14
15 හුවමාරු යොමු  

මනුෂ්‍යයෝ ද මෘගයෝ ද දළ රෙදි පොරවාගෙන දෙවියන් වහන්සේට බලවත් සේ මොරගසත් වා! ඔව්හු එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගයෙන් ද තමන්ට ඇබ්බැහි දාමරිකකම්වලින් ද හැරෙත් වා!


ජුදා දේශයේ පිරිමි සියල්ලෝ ම තමන්ගේ අත දරුවන් ද භාර්යාවන් ද දරුවන් ද සමඟ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සිටියෝ ය.


හත් දිනක් ම සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා ආහාර පූජාවක් ඔප්පු කළ යුතු ය. අට වන දින ශුද්ධ නමස්කාරය සඳහා රැස්වීමක් පවත්වා ගින්නෙහි දවා ආහාර පූජාවක් සමිඳාණන් වහන්සේට ඔප්පු කළ යුතු ය. එදින ශුද්ධ නමස්කාරය සඳහා ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වන බැවින් කිසි බර වැඩක් නොකළ යුතු ය.


තවද, පළමු වන දා පටන් අන්තිම දවස දක්වා එස්රා දවසින් දවස දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථා පොත කියෙවුවේ ය. ඔව්හු සත් දවසක් මංගල්‍යය පැවැත්වූවෝ ය. අට වන දා නියමය ලෙස, ගරුගාම්භීර මංගල රැස්වීමක් පවත්වනු ලැබී ය.


තවද, ජේහු, “බාල් උදෙසා පවත්වන නමස්කාරයට සියලු දෙන රැස්වීම පිණිස නියම කරන්නැ”යි කී ය. ඔව්හු එසේ ප්‍රසිද්ධ කළහ.


තවද, ජොෂියාගේ පුත් ජුදාහි රජු වූ ජෙහෝයාකිම්ගේ පස් වන අවුරුද්දේ නව වන මාසයේ දී ජෙරුසලමේ මුළු සෙනඟ ද ජුදාහි නගරවලින් ජෙරුසලමට ආ මුළු සෙනඟ ද සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි උපවාසයක් පැවැත්වූ හ.


“මහල්ලෙනි, සවන් දෙන්න; දේශයේ සියලු වැසියෙනි, කන් යොමු කරන්න. මෙබන්දක් ඔබේ කාලයේ වත් ඔබේ මුතුන්මිත්තන්ගේ කාලයේ වත් සිදු වී ඇද් ද?


නිනිවයේ වැසියෝ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කර, උපවාසයක් නියම කොට, ලොකු අය පටන් කුඩා අය දක්වා දළ රෙදි හැඳගත්තෝ ය.


ලජ්ජා නැති ජාතිය, එකතු වී රැස්වීමක් පවත්වන්න.


“ජුදාව වැලපෙයි; එහි නගර මලානික වෙයි; එහි සෙනඟ පොළොව මත දුකින් වැතිර ළතෝනි කියති. ජෙරුසලමේ විලාප ද නැඟී යයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්