එසේ කෙළේ, මා දිළිඳාගේ දුක් අසා ඔවුන් මුදා ගත් බැවිනි; සරණක් නැති අනාථයන්ට මා ආධාර කළ බැවිනි.
ගීතාවලිය 82:3 - Sinhala New Revised Version 2018 දුබලුන්ට හා අනාථයන්ට යුක්තිය පසිඳලන්න; පීඩිතයන්ට හා දිළිඳුන්ට යුක්තිය ඉටු කරන්න; Sinhala New Revised Version දුබලුන්ට හා අනාථයන්ට යුක්තිය පසිඳලන්න; පීඩිතයන්ට හා දිළිඳුන්ට යුක්තිය ඉටු කරන්න; Sinhala Revised Old Version දුප්පතා සහ පියා නැත්තාද විනිශ්චයකරව්. පීඩිතයාටත් අසරණයාටත් යුක්තිය ඉෂ්ටකරව්. |
එසේ කෙළේ, මා දිළිඳාගේ දුක් අසා ඔවුන් මුදා ගත් බැවිනි; සරණක් නැති අනාථයන්ට මා ආධාර කළ බැවිනි.
උසාවියේ දී මාගේ පැත්ත ගන්න අය සිටින බව මා දන්න නිසා, මම නිදොස් අයට විරුද්ධ ව අත එසවීම් නම්,
මිහි පිට වසන මිනිසාගෙන් තවත් බියක් ඇති නොවන පරිදි, අනාථයා හා පීඩිතයා සාධාරණ ලෙස විනිශ්චය කළ මැනව.
ඔවුන් උදෙසා කතා කොට සාධාරණ විනිශ්චයක් දෙන්න; අසරණයින්ට හා දිළිඳුන්ට යුක්තිය ඉටු කරන්න.
යහපත කරන්න ඉගෙන ගන්න; පීඩා විඳින්නන්ට පිහිට වන්න; අනාථයන්ගේ හිමිකම් රැක දෙන්න; වැන්දඹුවන් උදෙසා ඉදිරිපත් වන්න. මෙසේ යුක්තිය ඉටු කරන්න.
ඔබේ මූලිකයෝ කැරලිකාරයෝ ය, සොරුන්ගේ මිතුරෝ ය. සියලු දෙන ම අල්ලසට ඇලුම් කරති. තම වාසිය සොයා යති; අනාථයන්ට යුක්තිය ඉටුකර නොදෙති; වැන්දඹුවන්ගේ නඩුවලට සවන් නොදෙති.
දාවිත්ගේ පෙළපතේ වැසියෙනි, සෑමදා ම යුක්තිය ඉටු කරන්නට වග බලාගන්න. කොල්ලකනු ලැබූ අය පීඩාකාරයන්ගේ අතින් නිදහස් කරන්න. එසේ නොකළොත්, නුඹලාගේ ක්‍රියාවල දුෂ්ටකම නිසා මාගේ කෝපය කිසිවෙකුට නිවන්නට බැරි ගින්නක් මෙන් ඇවිලෙනු ඇත.
ඔහු දිළිඳු අසරණයන්ට යුක්තිය ඉටු කෙළේ ය. ඒ නිසා ඔහු කළ හැම දේ සඵලවත් විය. සමිඳුන් අදහාගැන්ම යන්නෙන් අදහස් කරන්නේ එය යි.
“සාධාරණ ලෙස ද අවංක ලෙස ද ක්‍රියා කරන්න. කොල්ලකනු ලැබූ අය පීඩාකාරයන්ගේ අතින් නිදහස් කරන්න. විදේශිකයාටත්, අනාථයාටත්, වැන්දඹුවටත් අයුක්තියක් හෝ සැහැසිකමක් හෝ නොකරන්න. මේ ස්ථානයේ අහිංසක ලේ නොහළන්න.
තරබාරු සතුන් මෙන් වී වසති. ඔවුන්ගේ දුෂ්ටකම්වලට ඉමක්කොනක් නැත. ඔව්හු අනාථයන්ගේ අයිතිවාසිකම් සාධාරණ ලෙස නොවිසඳා ඔවුන්ගේ සැහැසිකම් නොසලකා හරිති. දිළිඳුන්ට යුක්තිය ඉටු කර නොදෙති.
“සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘අවංක ලෙස විනිශ්චය කරන්න. එකිනෙකාට කරුණාව ද අනුකම්පාව ද පෙන්වන්න.
උන් වහන්සේ අනාථ වූවන්ට සහ වැන්දඹුවන්ට යුක්තිය ඉටු කරන සේක. ආගන්තුකයන් හට කෑම, ඇඳීම දෙමින් ප්‍රේමය දක්වන සේක.
“විදේශිකයන්ගේ ද අනාථයන්ගේ ද අයිතිවාසිකම් පැහැර නොගත යුතු ය. වැන්දඹුවකගේ වස්ත්‍ර ද උකසට නොගත යුතු ය.
අපගේ පියාණන් වන දෙවියන් වහන්සේ ඉදිරියෙහි පිරිසිදු නිර්මල භක්තිය නම්, මව්පියන් නැති දරුවන්ට ද වැන්දඹුවන්ට ද ඔවුන්ගේ විපත්තිවල දී පිහිට වීමත්, ලෝකයෙන් තමා ම කිළුටු නොවී ආරක්ෂා වීමත් ය.