මා කතා කෙළේ, මට දැනුමක් නැති දේ ගැන ය. මට අචින්ත්‍ය වන, අනවබෝධ වන අසිරිමත් දේ ගැන ය.
ගීතාවලිය 77:10 - Sinhala New Revised Version 2018 එවිට මම කතා කොට, “මට ඉතා වේදනා දෙන්නේ මෙය වේ; මන්ද, මහෝත්තමයාණන්ගේ බලය ඉවත් ව ගොස් තිබේ යැ”යි කීවෙමි. Sinhala New Revised Version එවිට මම කතා කොට, “මට ඉතා වේදනා දෙන්නේ මෙය වේ; මන්ද, මහෝත්තමයාණන්ගේ බලය ඉවත් ව ගොස් තිබේ යැ”යි කීවෙමි. Sinhala Revised Old Version එවිට මම කථාකොට: මේ මාගේ දුර්වලකමය; නුමුත් මහෝත්තමයාණන්ගේ දකුණතේ අවුරුදු සිහිකරන්නෙමි. |
මා කතා කෙළේ, මට දැනුමක් නැති දේ ගැන ය. මට අචින්ත්‍ය වන, අනවබෝධ වන අසිරිමත් දේ ගැන ය.
“ඔබ වෙතින් මා ඉවත දැමූ සේකැ”යි මාගේ ඉක්මන්කාරකමින් කීවෙමි. එහෙත්, මා ඔබේ පිහිට සෙවූ කල මාගේ කන්නලව්වට ඔබ සවන් දුන් සේක.
සමිඳුනි, ස්වර්ගයේ සිට ඇස් යොමා, ඔබේ ශුද්ධ තේජාන්විත භවනයේ සිට බැලුව මැනව. අප කෙරේ සැලකිල්ල කොයි ද? ඔබේ බලය කොහි ද? ඔබේ ප්‍රේමයත්, අනුකම්පාවත් අපෙන් ඉවත් නොකළ මැනව.
එකෙණෙහි ම දරුවාගේ පියා, “මම අදහමි, මාගේ ඇදහිල්ල මදිකම ගැන පිහිටවුව මැනවැ”යි මොරගා කීවේ ය.
ඔබ බලා සිටිය දී ම මිසරයේ දී ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට කළ සියල්ල අනුව වෙන කිසියම් දෙවි කෙනෙක්, අභියෝග දක්වා, හාස්කම් සහ අරුමපුදුම දේ පා, යුද්ධයෙන් ද, බාහු බලයෙන් හා දිගු කළ හස්තයෙන් ද මහා බියජනක දේ කර, එක් ජාතියක් තවත් ජාතියක් මධ්‍යයෙන් තෝරාගන්නට වැඩිය සේක් ද?