Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 77:10 - Sinhala New Revised Version

10 එවිට මම කතා කොට, “මට ඉතා වේදනා දෙන්නේ මෙය වේ; මන්ද, මහෝත්තමයාණන්ගේ බලය ඉවත් ව ගොස් තිබේ යැ”යි කීවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 එවිට මම කතා කොට, “මට ඉතා වේදනා දෙන්නේ මෙය වේ; මන්ද, මහෝත්තමයාණන්ගේ බලය ඉවත් ව ගොස් තිබේ යැ”යි කීවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 එවිට මම කථාකොට: මේ මාගේ දුර්වලකමය; නුමුත් මහෝත්තමයාණන්ගේ දකුණතේ අවුරුදු සිහිකරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 77:10
12 හුවමාරු යොමු  

එකෙණෙහි ම දරුවාගේ පියා, “මම අදහමි, මාගේ ඇදහිල්ල මදිකම ගැන පිහිටවුව මැනවැ”යි මොරගා කීවේ ය.


“ඔබ වෙතින් මා ඉවත දැමූ සේකැ”යි මාගේ ඉක්මන්කාරකමින් කීවෙමි. එහෙත්, මා ඔබේ පිහිට සෙවූ කල මාගේ කන්නලව්වට ඔබ සවන් දුන් සේක.


මා කතා කෙළේ, මට දැනුමක් නැති දේ ගැන ය. මට අචින්ත්‍ය වන, අනවබෝධ වන අසිරිමත් දේ ගැන ය.


සමිඳුනි, ඔබ දකුණත බල මහිමෙන් උදාර ය. සමිඳුනි, ඔබ දකුණත හතුරන් කැබලි කරලී ය.


යටගිය දවස් ගැන මම කල්පනා කරන්නෙමි; ගෙවී ගිය අවුරුදු සිහිපත් කරන්නෙමි.


එවිට මම වැටහීමක් නැති මෝඩයෙකු මෙන් වූයෙමි. ඔබ අබිමුව තිරිසනෙකු බවට පත් වුණෙමි.


ඔබ බලා සිටිය දී ම මිසරයේ දී ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට කළ සියල්ල අනුව වෙන කිසියම් දෙවි කෙනෙක්, අභියෝග දක්වා, හාස්කම් සහ අරුමපුදුම දේ පා, යුද්ධයෙන් ද, බාහු බලයෙන් හා දිගු කළ හස්තයෙන් ද මහා බියජනක දේ කර, එක් ජාතියක් තවත් ජාතියක් මධ්‍යයෙන් තෝරාගන්නට වැඩිය සේක් ද?


මා භීතියට පත් ව සිටිය දී, “මිනිසෙකු තුළ බලාපොරොත්තුව තැබීම නිෂ්ඵල ය”යි කීවෙමි.


සමිඳුනි, ස්වර්ගයේ සිට ඇස් යොමා, ඔබේ ශුද්ධ තේජාන්විත භවනයේ සිට බැලුව මැනව. අප කෙරේ සැලකිල්ල කොයි ද? ඔබේ බලය කොහි ද? ඔබේ ප්‍රේමයත්, අනුකම්පාවත් අපෙන් ඉවත් නොකළ මැනව.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්