ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 7:17 - Sinhala New Revised Version 2018

සමිඳුන්ගේ යුක්තිය ගැන මම තුති ගී ගයමි. අති උත්තම හිමිතුමාණන් හට තුති ගී පවසමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

සමිඳුන්ගේ යුක්තිය ගැන මම තුති ගී ගයමි. අති උත්තම හිමි තුමන් හට තුති ගී පවසමි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ස්වාමීන්ගේ ධර්මිෂ්ඨකම පරිද්දෙන් උන්වහන්සේට ස්තුතිකරන්නෙමි. මහෝත්තමවූ ස්වාමීන්ගේ නාමයට ප්‍රශංසා ගී කියන්නෙමි.

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 7:17
19 හුවමාරු යොමු  

ඒ වරද ජෝවාබ්ටත්, ඔහුගේ පියාගේ මුළු වංශයටත් පඩිසන් දේ වා! ජෝවාබ්ගේ වංශයෙහි ප්‍රමේහ රෝගයක් ඇති කෙනෙකු හෝ කුෂ්ඨ රෝගියෙකු හෝ හැරමිටි වාරුවෙන් යන කෙනෙකු හෝ කඩුවෙන් වැටෙන කෙනෙකු හෝ කෑම හිඟ වූ කෙනෙකු හෝ නො‍සිටින කාලයක් කිසි කලෙක නො‍වේ වා!”යි කීවේ ය.


ඔහු තමාට වඩා ධර්මිෂ්ඨ, වඩා යහපත් මිනිසුන් දෙදෙනෙකු එනම්, නේර්ගේ පුත් ඉශ්රායෙල් සේනාවට අධිපති අබ්නේර්ට ද ජෙතෙර්ගේ පුත් ජුදා සේනාවට අධිපති අමාසාට ද පහර දී, මාගේ පිය වූ දාවිත් රජතුමාට නොදැනුවත් ව ඔවුන් කඩුවෙන් මරාදැමූ බැවින්, සමිඳාණන් වහන්සේ ඔහුගේ ලේ ඔහුගේ ම හිස පිට මෙසේ ආපසු පමුණුවනු ඇත.


එතුමාණන්ගේ ක්‍රියා ගෞරවයෙන් හා මහිමයෙන් පූර්ණ ය; එතුමාණන්ගේ දැහැමිකම සදාතන ය.


ඔවුන් පිට ගිනි අඟුරු වැටේ වා! ඔව්හු ගොඩ ගන්නට නොහැකි ගැඹුරු වළක හෙළනු ලබත් වා!


ඔව්හු ඔබේ මහා යහපත්කමේ පුවත ප්‍රකාශ කරති; ඔබේ දැහැමිකම ගැන ගී ගයති.


එවිට මා මුවින් ඔබේ දැහැමිකම වර්ණනා කරමි; දවස පුරා ඔබ ගැන ප්‍රශස්ති ගීත ගයන්නෙමි.


දෙවිඳුනි, මා ගැළවුම්කාර දෙවිඳුනි, මිනී මැරීමේ අපරාධයෙන් මා මුදාලුව මැනව. එවිට ඔබේ දැහැමි ක්‍රියා ගැන මම උස් හඬින් ගීත ගයන්නෙමි.


ඔබ ගැන සිත සිතා කුල්මත් වී උදන් අනන්නෙමි; මහෝත්තමයාණෙනි, ඔබේ නම ප්‍රශස්ති ගීතයෙන් පසසන්නෙමි.


සමිඳාණන් වහන්ස, ඔබට තුති පිදීම හොබනේ ය; මහෝත්තමයාණෙනි, ඔබේ නාමය වර්ණනා කිරීම යහපත් ය.


එහෙත් සමිඳුනි, සදාකාලයට ම ඔබ මහෝත්තමයාණෝ ය.


සමිඳාණෝ ස්වකීය ජයග්‍රහණය ප්‍රකාශ කළ සේක; විජාතීන්ගේ ඇස් හමුයෙහි සිය විමුක්ති බලය එළිදරව් කළ සේක.


“එසේ වුවත් අතින් සෑදූ ස්ථානවල මහෝත්තමයාණන් වහන්සේ වාසය නොකරන සේක. ඒ බව දිවැසිවරයා මෙසේ කියා ඇත:


මෙසේ වූයේ, ජෙරුබ්බාල්ගේ පුත්‍රයන් සැත්තෑදෙනාට කරන ලද අයුක්තියේත්, ඔවුන්ගේ ලේ වැගිරීමේත් ප්‍රතිවිපාකය ඔවුන් මැරූ ඔවුන්ගේ සහෝදරයා වන අබිමෙලෙක් පිටත්, ඔහුගේ සහෝදරයන් මැරීමට අනුබල දුන් ෂෙකෙම් වැසියන් පිටත් පැමිණෙන පිණිස ය.


ෂෙකෙම්හි මිනිසුන්ගේ දුෂ්ටකමේ ප්‍රතිවිපාකය දෙවියන් වහන්සේ ඔවුන් පිට පැමිණෙවු සේක. මෙසේ ජෙරුබ්බාල්ගේ පුත් ජෝතාම් කළ සාපය ඉෂ්ට විය.