Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 9:2 - Sinhala New Revised Version 2018

2 ඔබ ගැන සිත සිතා කුල්මත් වී උදන් අනන්නෙමි; මහෝත්තමයාණෙනි, ඔබේ නම ප්‍රශස්ති ගීතයෙන් පසසන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 ඔබ ගැන සිත සිතා කුල්මත් වී උදන් අනන්නෙමි; මහෝත්තමයාණෙනි, ඔබේ නම ප්‍රශස්ති ගීතයෙන් පසසන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 ඔබ කෙරෙහි ප්‍රීතිව සන්තෝෂ වන්නෙමි; මහෝත්තමයාණෙනි, ඔබගේ නාමයට ප්‍රශංසා ගී කියන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 9:2
18 හුවමාරු යොමු  

ඔබ වහන්සේගේ නාමය පමණක් ‘සමිඳාණෝ’ බව ද මිහි පිට ඔබ පමණක් ‘අති උත්තමයාණෝ’ බව ද ඔව්හු දැනගනිත් වා!


ඔබ සරණ යන්නෝ ප්‍රීතියෙන් පිනා යත් වා! ඔබ ඔවුන් රක්නා බැවින් ඔව්හු විපුල සතුටින් උදම් වෙත් වා! ඔබ නම ප්‍රිය කරන්නෝ ප්‍රීති ප්‍රමෝද වෙත් වා!


සමිඳුන්ගේ යුක්තිය ගැන මම තුති ගී ගයමි. අති උත්තම හිමිතුමාණන් හට තුති ගී පවසමි.


සව් බලැති දෙවි සමිඳුනි, ඔබ මුළු පොළෝ තලයට ශ්‍රේෂ්ඨ වන සේක; සියලු දෙවි දේවතාවන්ට වඩා ඔබ උතුම් වන සේක.


සමිඳාණෝ මාගේ ශක්තිය ය; මාගේ පලිහ ය. මම එතුමාණන් කෙරේ විශ්වාසය තැබීමි; මම පිහිට ලදිමි. එබැවින් මාගේ සිත අතිශයින් උදන් අනයි; මම එතුමාණන්ට හද පත්ලෙන් තුති ගී ගයන්නෙමි.


සමිඳාණන් වහන්සේ තුළ නිතර ම ප්‍රීති වන්න. ප්‍රීති වන්නැ යි නැවතත් කියමි.


දමිටුනි, සමිඳුන් තුළ ප්‍රීති ප්‍රමෝද වෙන්න. එතුමාණන්ගේ සුවිශුද්ධ භාවය සිහි කොට එතුමාණන්ට ප්‍රශංසා කරන්න.


සමිඳාණන් වහන්ස, ඔබට තුති පිදීම හොබනේ ය; මහෝත්තමයාණෙනි, ඔබේ නාමය වර්ණනා කිරීම යහපත් ය.


සමිඳුනි, ඔබේ වීර ක්‍රියාවෝ මා සතුටට පත් කරන්නෝ ය. ඔබේ දෑතෙහි ක්‍රියා ගැන මම තුති ගී පවසමි.


දෙවියෙනි, මාගේ දෙවියෙනි, එවිට මම දිව්‍ය පූජාසනය වෙත, මාගේ පස්වණක් ප්‍රීතිය වන දෙවිඳුන් වෙත ගොස් වීණා වාදනයෙන් ඔබ පසසන්නෙමි.


දැනුදු මා සිසාරා සිටින මාගේ සතුරන්ට ඉහළින් මාගේ හිස ඔසවමි; එතුමාණන්ගේ මණ්ඩපයෙහි ප්‍රීති පූජා පුදන්නෙමි; සමිඳාණන්ට ගී ගයා වාදනය කරන්නෙමි.


සමිඳුනි, තුති ගොස පතුරා හරින පිණිසත්, ඔබේ අසිරිමත් ක්‍රියා පසසන පිණිසත් මම එසේ කරමි.


මාගේ දෙවි සමිඳුනි, හද පත්ලෙන් මම ඔබට තුති කරමි. ඔබේ නාමය සදහට ම වර්ණනා කරමි.


විජාතීන් අතර එතුමාණන්ගේ මහිමය ප්‍රකාශ කරන්න; ජනතාවන් අතර එතුමාණන්ගේ ප්‍රබල ක්‍රියා පවසන්න.


සමිඳාණන් වහන්ස, හද පත්ලෙන් ඔබට තුති කරන්නෙමි. දෙවිවරුන් ඉදිරියෙහි ඔබට ගී ගයා ඔබ පසසන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්