Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 9:57 - Sinhala New Revised Version 2018

57 ෂෙකෙම්හි මිනිසුන්ගේ දුෂ්ටකමේ ප්‍රතිවිපාකය දෙවියන් වහන්සේ ඔවුන් පිට පැමිණෙවු සේක. මෙසේ ජෙරුබ්බාල්ගේ පුත් ජෝතාම් කළ සාපය ඉෂ්ට විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

57 ෂෙකෙම්හි මිනිසුන්ගේ දුෂ්ටකමේ ප්‍රතිවිපාකය දෙවියන් වහන්සේ ඔවුන් පිට පැමිණෙවු සේක. මෙසේ ජෙරුබ්බාල්ගේ පුත් ජෝතාම් කළ සාපය ඉෂ්ට විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

57 ෂෙකෙම්හි මිනිසුන්ගේ මුළු දුෂ්ටකමේ ප්‍රතිඵලත් දෙවියන්වහන්සේ ඔවුන්ගේ හිස් පිටට පැමිණෙවුසේක. මෙසේ යෙරුබ්බාල්ගේ පුත්‍රවූ යෝතාම් කළ ශාපය ඔවුන් පිටට පැමුණුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 9:57
14 හුවමාරු යොමු  

එසේ නැත්නම්, අබිමෙලෙක්ගෙන් ගිනි නික්ම ෂෙකෙම් වැසියන් ද මිල්ලෝ වංශය ද දවා දමා වා! ෂෙකෙම් වැසියන්ගෙන් ද මිල්ලෝ වංශයෙන් ද ගිනි නික්ම අබිමෙලෙක් දවා දමා වා!”


ඔහුගේ කාලයේ දී බෙතෙල්හි හීයෙල් නම් තැනැත්තා විසින් ජෙරිකෝව ගොඩනඟන ලදී. සමිඳාණන් වහන්සේ නූන්ගේ පුත් ජෝෂුවා ලවා දෙන ලද උන් වහන්සේගේ පණිවුඩය ලෙස, ඔහු එහි අත්තිවාරම් දමන විට ඔහුගේ කුළුඳුලා වන අබිරාම් ද ඔහු එහි දොරටු පිහිටුවන විට ඔහුගේ බාල පුත් සෙගුබ් ද නැසුණෝ ය.


අබිමෙලෙක් ඒ දවස මුළුල්ලෙහි ෂෙකෙම් නුවරට විරුද්ධ ව සටන් කොට, එය අල්ලාගෙන, එහි සෙනඟ මරා, නුවර බිඳ හෙළා එහි ලුණු වැපුරුවේ ය.


එවිට ජෝෂුවා දිවුරමින්, “යමෙක් මේ ජෙරිකෝ නුවර ගොඩනඟන්නට උත්සාහ කරන්නේ නම්, ඔහු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සාප ලද්දෙක් වේ වා! ඔහු අත්තිවාරම් තබන විට ඔහුගේ කුලුඳුලා ද, එහි දොරටු තබන විට ඔහුගේ බාල පුත්‍රයා ද නැති වනු ඇතැ”යි ඔවුන්ට කීවේ ය.


මෙසේ වූයේ, ජෙරුබ්බාල්ගේ පුත්‍රයන් සැත්තෑදෙනාට කරන ලද අයුක්තියේත්, ඔවුන්ගේ ලේ වැගිරීමේත් ප්‍රතිවිපාකය ඔවුන් මැරූ ඔවුන්ගේ සහෝදරයා වන අබිමෙලෙක් පිටත්, ඔහුගේ සහෝදරයන් මැරීමට අනුබල දුන් ෂෙකෙම් වැසියන් පිටත් පැමිණෙන පිණිස ය.


දෙවියන් වහන්සේ, අබිමෙලෙක් තම සහෝදරයන් සැත්තෑදෙනා මැරීමෙන් තමාගේ පියාට කළ දුෂ්ටකමට ප්‍රතිවිපාක දුන් සේක.


අබිමෙලෙක්ට පසුව ඉස්සාකර් වැසියෙකු වූ දෝදෝගේ පුත්‍රයා වූ පුවාගේ පුත් තෝලා ඉශ්රායෙල්වරුන් ගළවන්නට ඉදිරිපත් වුණේ ය. ඔහු එප්‍රායිම් කඳු රටේ වූ ෂාමීර්හි වාසය කෙළේ ය.


ඔහු තමාට වඩා ධර්මිෂ්ඨ, වඩා යහපත් මිනිසුන් දෙදෙනෙකු එනම්, නේර්ගේ පුත් ඉශ්රායෙල් සේනාවට අධිපති අබ්නේර්ට ද ජෙතෙර්ගේ පුත් ජුදා සේනාවට අධිපති අමාසාට ද පහර දී, මාගේ පිය වූ දාවිත් රජතුමාට නොදැනුවත් ව ඔවුන් කඩුවෙන් මරාදැමූ බැවින්, සමිඳාණන් වහන්සේ ඔහුගේ ලේ ඔහුගේ ම හිස පිට මෙසේ ආපසු පමුණුවනු ඇත.


අදොනි-බෙශෙක් කතා කොට, “අත්පාවල මාපටැඟිලි කපාදමන ලද රජවරු සැත්තෑදෙනෙක් මාගේ මේසයෙන් වැටෙන කෑම ඇහිඳ ගත්තෝ ය; මා ඔවුන්ට කළ ලෙස දෙවියන් වහන්සේ මට ප්‍රතිවිපාක දුන් සේකැ”යි කීවේ ය. ඔව්හු ඔහු ජෙරුසලමට ගෙන ගියො‍‍් ය. ඔහු එහි දී මළේ ය.


මා රජු වශයෙන් අභිෂේක ලැබූ නමුත්, අද මම දුර්වල ව සිටිමි; ශෙරුයාගේ පුත්‍රයන් වන මේ මනුෂ්‍යයෝ මට වඩා බලවත් ය; නපුර කරන්නාට ඔහුගේ නපුරුකම ලෙස සමිඳාණන් වහන්සේ විපාක දෙන සේක් වා”යි කීවේ ය.


සමිඳුන්ගේ යුක්තිය ගැන මම තුති ගී ගයමි. අති උත්තම හිමිතුමාණන් හට තුති ගී පවසමි.


එතුමාණෝ ඔවුන්ගේ අදමිටුකමට දඬුවම් කරන සේක. ඔවුන්ගේ නපුරුකම නිසා ඔවුන් නසා වනසාලන සේක. අපේ දෙවි සමිඳාණෝ ඔවුන් විනාශ කරන සේක.


දුදනාගේ පව්කම ඔහුට ම මලපතකි; ඔහු සිය පාප දැලෙහි පැටලෙයි.


එහෙත්, දුෂ්ටයන්ට වන විපතක මහත! ඔවුන්ගේ ක්‍රියාවල ඵල විපාක ඔවුන් පිට ම වැටෙනු ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්