රුපුන් අතින් මා මුදන්න කියා වත්, දාමරිකයන්ගේ අතින් මා ගළවන්න කියා වත් මම කිසි දා ඔබට කීවෙම් ද?
ගීතාවලිය 69:18 - Sinhala New Revised Version 2018 මා වෙත ළඟා වී මා ගළවාගත මැනව; සතුරන්ගෙන් මා මුදාගත මැනව! Sinhala New Revised Version මා වෙත ළඟා වී මා ගළවාගත මැනව; සතුරන්ගෙන් මා මුදාගත මැනව! Sinhala Revised Old Version මාගේ ප්‍රාණයට ළංවී එය මිදුව මැනව. මාගේ සතුරන් නිසා මා නිදහස්කළ මැනව. |
රුපුන් අතින් මා මුදන්න කියා වත්, දාමරිකයන්ගේ අතින් මා ගළවන්න කියා වත් මම කිසි දා ඔබට කීවෙම් ද?
එතුමාණෝ සිය සෙනඟ මුදා ලූ සේක; සිය ගිවිසුම සදහට ම පිහිටෙවු සේක. එතුමාණන්ගේ නාමය සුවිශුද්ධ ය; ගරු ගම්භීර ය.
සමිඳුනි, ඉක්මනින් මට පිළිතුරු දුන මැනව. මාගේ සිත අඩපණ වී ඇත. පාතාලයට බසින්නන්ට මා සමාන නොවන පිණිස ඔබේ මුහුණ මා කෙරෙන් සඟවා නොගත මැනව.
මාගේ දෙවියෙනි, මාගේ දෙවියෙනි, ඔබ මා අත්හැරියේ මන් ද? මට පිහිට නොවී මාගේ යාදිනිවලින් ඈත් ව සිටින්නේ මන් ද?
මාගේ සතුරෝ ගොන් රැළක් මෙන් මා වටකර සිටිති. බාෂාන්හි කුළු හරකුන් මෙන් මා වටලා සිටිති.
හිමිතුමාණෙනි, මා හැර දමා ඈත් නොවනු මැනව; මාගේ බලය වන ඔබ මට පිහිට වන්නට කඩිනම් වුව මැනව.
මා කෙරෙන් ඔබේ මුහුණ සඟවා නොගත මැනව; උදහසින් ඔබ මෙහෙකරුවා බැහැර නොකළ මැනව. ඔබ මාගේ සරණ වන සේක. මාගේ විමුක්තිදායක දෙවියෙනි, මා පහ නොකළ මැනව; මා අත් නොහළ මැනව.
සමිඳුනි, ඔබ ඉශ්රායෙල්වරුන්ගේ බලාපොරොත්තුව ද විපත් සමයේ ගැළවුම්කාරයාණෝ ද වන සේක. එසේ වුව ද, එක රැයකට නවාතැන් ගත් මඟියෙකු මෙන් අපේ දේශයේ ආගන්තුක ව සිටින්නේ මන් ද?
‘අපි ජයගත්තේ අපේ අතිනි. මෙය කෙළේ සමිඳාණන් නොව, අපි ම ය’යි සතුරන් වරදවා කියා මා උදහසට පත් නොකරනු වස්, මම එසේ නොකෙළෙමි.
කානානිවරුන් ද දේශයේ සියලු වැසියන් ද ඒ අසා අප වටලා අපේ නාමය පොළොවෙන් මකාදමනු ඇත. එවිට ඔබේ ගරු නාමය රැකීමට ඔබ කුමක් කරන සේක් දැ”යි ඇසී ය.