Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගීතාවලිය 22:12 - Sinhala New Revised Version 2018

12 මාගේ සතුරෝ ගොන් රැළක් මෙන් මා වටකර සිටිති. බාෂාන්හි කුළු හරකුන් මෙන් මා වටලා සිටිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 මාගේ සතුරෝ ගොන් රැළක් මෙන් මා වටකර සිටිති. බාෂාන්හි කුළු හරකුන් මෙන් මා වටලා සිටිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 බොහෝ ගොන්නු මා වටකර සිටිති. බාෂාන්හි සවි ඇති ගොන්නු මා වටලා සිටිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 22:12
14 හුවමාරු යොමු  

සමිඳුනි, ඔබ එය දුටු සේක. නිහඬ ව නොසිටිය මැනව. මා වෙතින් ඈත් ව නොගිය මැනව.


මාගේ ගැළවුම්කාර සමිඳුනි, මට පිහිට වන පිණිස වහා වැඩිය මැනව.


මා නැසීමට සොයන්නෝ ලජ්ජා වී, වියවුල් වෙත්වා. මාගේ විනාශයට ආශා වූවෝ පසු බැස අපකීර්තියට පැමිණෙත් වා!


රජවරුන් යටහත් වී රිදී පඬුරු ගෙනෙන තෙක්, බට ගස් අතර සිටින වන සතා වන මිසරයට ද ඔහුගේ පැටවුන් සහිත වන ගව රැළ වන විජාතීන්ට ද තරවටු කළ මැනව. සටනට ලැදි වන සියලු සෙනඟ විසුරුවා හැරිය මැනව.


මා වෙත ළඟා වී මා ගළවාගත මැනව; සතුරන්ගෙන් මා මුදාගත මැනව!


සමිඳුනි, මාගේ දෙවියෙනි, කෙනෙකුට යම් අයුක්තියක් මා කර ඇත්නම්,


මා නැසීමට සොයන්නෝ ලජ්ජා වී වියවුල් වෙත් වා! මාගේ විනාශයට ආශා වූවෝ පසු බැස අපකීර්තියට පැමිණෙත් වා!


වල් මීහරකුන් හා ගොන් නාම්බන් සමඟ ඔව්හු ඇද වැටෙන්නෝ ය. ඔවුන්ගේ ලෙයින් දේශය රතු වන්නේ ය; ඔවුන්ගේ තෙලින් භූමිය වැසී යන්නේ ය.


“බබිලෝනියේ වැසියෙනි, නුඹලා මාගේ දේශය කොල්ලකෑවහු ය. ගොයම් මඩින එළ නෑම්බියක මෙන් නුඹලා පැන පැන සිටිමින්, ශක්තිමත් අශ්වයන් මෙන් හේෂාරවය කරමින් ප්‍රීති වන්නහු ය.


තෙපි බලවතුන්ගේ මාංස කන්නහු ය. පොළොවේ අධිපතීන්ගේ ද බැටළුවන්ගේ ද බැටළු පැටවුන්ගේ ද එළුවන්ගේ ද ගවයන්ගේ ද ලේ බොන්නහු ය. උන් සියල්ලෝ ම බාෂාන්හි තර සත්තු ය.


පහන් වූ කල සියලු නායක පූජකවරු ද ප්‍රජා මූලිකයෝ ද ජේසුස් වහන්සේ මරණයට පත් කරන පිණිස උන් වහන්සේට විරුද්ධ ව මන්ත්‍රණය කළහ.


සැබැවින් ම, ඔබ ආලේප කළ ඔබගේ සුවිශුද්ධ සේවකයාණන් වූ ජේසුස් වහන්සේට විරුද්ධ ව හෙරොද් හා පොන්තියුස් පිලාත්, විජාතීන් ද, ඉශ්රායෙල් ජනයා ද සමඟ මේ නුවර රැස් වූ හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්