ගීතාවලිය 60:2 - Sinhala New Revised Version 2018 ඔබ දේශය කම්පා කරමින් එය දෙපළු කළ සේක; කඩා වැටී යන එහි කැඩුම්බිඳුම් අලුත්වැඩියා කළ මැනව. Sinhala New Revised Version ඔබ දේශය කම්පා කරමින් එය දෙපළු කළ සේක; කඩා වැටී යන එහි කැඩුම්බිඳුම් අලුත්වැඩියා කළ මැනව. Sinhala Revised Old Version ඔබ දේශය කම්පාකරවූසේක; එය ඉරා දැමූසේක. ඒකේ බිඳුම් පිළියම්කළ මැනව; මක්නිසාද එය සෙලවෙයි. |
ඉන්පසු දාවිත් පිලිස්තිවරුන්ට පහර දී ඔවුන් යටත් කරගෙන, අගනුවර පාලනය පිලිස්තිවරුන් අතින් පැහැර ගත්තේ ය.
තවද, ශෝබාහි රජු වූ හදද්-එශෙර් යුප්‍රටීස් ගඟ අද්දර ප්‍රදේශයෙහි තම බලය පිහිටුවන්න යද්දී, දාවිත් හමාත් දක්වා ඔහුට පහර දී,
දමස්කයේ සිරියන්වරු ශෝබාහි රජ වූ හදද්-එශෙර්ට උපකාර කරන්න ආවෝ ය. එවිට දාවිත් සිරියන්වරුන්ගෙන් මනුෂ්‍යයන් විසිදෙදහසකට පහර දී,
මාගේ නාමය දරන මාගේ සෙනඟ බැගෑපත් වී, යාච්ඤා කර, මා සොයා තමන්ගේ නපුරු මාර්ග අත්හැරියොත්, මම ස්වර්ගයේ සිට එය අසා, ඔවුන්ගේ පව් කමා කොට ඔවුන්ගේ දේශයට සෙත සලසන්නෙමි.
තුවාළ කරන්නේත් එතුමාණෝ ය; තුවාළ බඳින්නේත් එතුමාණෝ ය; වේදනාව ඇති වන්නේත් එතුමන්ගේ අතින් ය; සුවය ලැබෙන්නේත් එතුමන්ගේ ම අතින් ය.
එවිට මිහිකත සෙලවී කම්පා වූවා ය; කඳුවල පදනම් දෙදරා සෙලවුණේ ය; මන්ද, එතුමාණෝ උදහස් වූ සේක.
සමිඳුනි, දෙවියන් අතර ඔබ හා සම අන් කවුරු ද? ශුද්ධකමින් ප්‍රතාපවත්, බල විකුමෙන් භයංකර, අරුමපුදුම දේ කරවන ඔබ වැනි අය අන් කවුරු ද?
සමිඳාණන් වහන්සේ තමන් සෙනඟට පහර දීමෙන් ඇතිකළ තුවාළ බැඳ සුව කරන දවසේ දී හඳ එළිය ඉර එළිය මෙන් ද, ඉර එළිය සත් ගුණයකින් වැඩි වී සත් දවසක එළිය එක් වූවාක් මෙන් ද බැබළෙන්නේ ය.
සමිඳුන්ගේ උදහස සෙනඟට විරුද්ධ ව ඇවිළී ඇත. ඔවුන්ට දඬුවම් කිරීමට එතුමාණෝ අත ඔසවා ඔවුන්ට පහර දුන් සේක. එවිට කඳු කම්පා වනු ඇත; මැරෙන අයගේ මළකඳන් කුණු කසළ මෙන් වීථිවල දමා තිබෙනු ඇත. මේ සියල්ල සිදු වුවත් සමිඳුන්ගේ උදහස නිවී නැත. ඔවුන්ට දඬුවම් කරන පිණිස එතුමන් ඔසවාගත් තම හස්තය එසේ ම තිබෙනු ඇත.
මන්ද, සිරියාව දමස්කයට වඩා බලවත් නොවේ; දමස්කය රෙශීන් රජුට වඩා බලවත් නොවේ. ඉශ්රායෙල් සම්බන්ධයෙන් කිව යුත්තේ, හැටපස් වසරකින් ජාතියක් වශයෙන් එයට පවතින්නට නොහැකි වන ලෙස සුණු විසුණු කරනු ලබන බව ය.
එහෙත්, සමිඳාණෝ සැබෑ දෙවිඳාණෝ ය; ජීවමාන දෙවි තුමාණෝ ය; සදාකාල රජ තුමාණෝ ය. එතුමන්ගේ උදහසට පොළොව වෙවුළයි. එය දරන්නට හැකි ජාතියක් මිහි පිට නොවෙයි.
“ජෙරමියා, ඔබ සෙනඟට මෙසේ කියන්න: ‘රෑ දාවල් දෙක්හි මාගේ ඇස්වලින් කඳුළු නොනැවතී ගලායන්නේ ය. මන්ද, මාගේ සෙනඟ බරපතල තුවාළයකින් ද ඉතා දරුණු පහරකින් ද පීඩිත ව සිටිති.
“සියොන පිටුවහල් කරනු ලැබුවා ය; ඈ ගැන සලකන කිසිවෙක් නැතැ යි නුඹලාගේ සතුරන් කියන නමුත්, මම නුඹලාගේ තුවාළ සුව කර නුඹලාට සුව සෙත යළිත් ගෙන දෙන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
මෝවබ්හි සියලු පියසි උඩ ද එහි සියලු චතුරශ්‍රවල ද ඇසෙන්නේ වැලපීම පමණකි. මන්ද, කිසිවෙකුට වුවමනා නැති භාජනයක් පොඩි කරන්නාක් මෙන් මා මෝවබ් පොඩි කරදමා ඇත. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
ජෙරුසලම් පුරඟන, මම ඔබට කුමක් කියම් ද? ඔබ කුමකට සමාන කරම් ද? අනේ සියොන් කන්‍යා පුරඟන, මම ඔබ සනසන පිණිස ඔබට කුමක් කරම් ද? ඔබේ විපත මුහුද මෙන් විශාල ය; ඔබට සුවය දෙන්නේ කවරෙක් ද?
“මම නැති වූ බැටළුවා සොයන්නෙමි; මුළා ව ගිය බැටළුවා ආපසු ගෙනෙන්නෙමි; තුවාළ වූ බැටළුවාගේ තුවාළ බඳින්නෙමි; ලෙඩ වූ බැටළුවා ශක්තිමත් කරන්නෙමි; ශක්තිමත් වූ බැටළුවන් රැකබලාගන්නෙමි. මම උන්ට සැබෑ එඬේරෙක් වන්නෙමි.
“එන්න; අපි සමිඳාණන් වහන්සේ වෙත හැරී යමු; අප ඉරාදැම්මේ උන් වහන්සේ ය; අප සුව කරන්නේත් උන් වහන්සේ ය; අපට පහර දුන්නේත් උන් වහන්සේ ය; අපේ තුවාළ බඳින්නේත් උන් වහන්සේ ය.
එබැවින් පොළොව දෙදරන්නේ ය; රටවැසි සියල්ලෝ වැලපෙන්නෝ ය. මුළු රට ම නයිල් ගඟ මෙන් නැඟී, දෙගොඩ තලා, බැස යනවා ඇත.
ඔබ දැක කඳු තැතිගැනුණේ ය. අහසින් ජලධාරා වැගුරුණේ ය. පාතාලයේ වතුර ඝෝෂා කළේ ය. ඒවායේ රැළ ඉහළට නැඟ විහිදුණේ ය.
දේව මාලිගාවේ තිරය ඉහළ පටන් පහළ දක්වා දෙකඩ ව ඉරුණේ ය; පොළොව කම්පා විය; ගිරිකුළු දෙදරිණි;