Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 7:8 - Sinhala New Revised Version 2018

8 මන්ද, සිරියාව දමස්කයට වඩා බලවත් නොවේ; දමස්කය රෙශීන් රජුට වඩා බලවත් නොවේ. ඉශ්රායෙල් සම්බන්ධයෙන් කිව යුත්තේ, හැටපස් වසරකින් ජාතියක් වශයෙන් එයට පවතින්නට නොහැකි වන ලෙස සුණු විසුණු කරනු ලබන බව ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 මන්ද, සිරියාව දමස්කයට වඩා බලවත් නොවේ; දමස්කය රෙශීන් රජුට වඩා බලවත් නොවේ. ඉශ්රායෙල් සම්බන්ධයෙන් කිව යුත්තේ, හැටපස් වසරකින් ජාතියක් වශයෙන් එයට පවතින්නට නොහැකි වන ලෙස සුණු විසුණු කරනු ලබන බව ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 මක්නිසාද සිරියේ ඉස නම් දමස්කයය, දමස්කයේ ඉස නම් රෙශීන්ය. තව හැටපස් අවුරුද්දකින් එප්‍රායිම් සෙනඟක්ව නොසිටින හැටියට සුනුවිසුණු කරනු ලබන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 7:8
12 හුවමාරු යොමු  

එහි දී ඔහුගේ පිරිස කණ්ඩායම් දෙකකට බෙදී රාත්‍රි කාලයේ සතුරන්ට පහර දී ඔවුන් පරාජය කළහ. මෙසේ පරාජය කොට දමස්කස් නුවරට උතුරින් පිහිටි හෝබා දක්වා ඔවුන් ලුහුබැඳ ගියෝ ය.


මන්ද, ‘අම්මේ, තාත්තේ’ කියා කියන්න දරුවාට හැකි වන්න පෙර දමස්කයේ සකල වස්තුවත්, සමාරියේ මුළු කොල්ලයත් අසිරියාවේ රජු විසින් ගෙනයනු ලබන්නේ ය.”


සෙරුබ්බාබෙල් ද පිය වංශවල ප්‍රධානීන් ද වෙත අවුත්, ඔවුන්ට කතා කොට, “ඔබ හා සමඟ මාලිගාව ගොඩනඟන්නට අපටත් ඉඩ දෙන්න; මන්ද, ඔබ සේ ම අපිත් ඔබේ දෙවියන් වහන්සේ අදහමු; මෙතැනට අප ගෙනාවා වූ අසිරියාවේ රජු වන ඒසර්-හද්දොන්ගේ කාලයේ පටන් අපි උන් වහන්සේට පූජා කරමින් සිටියෙමු”යි කී හ.


සිරිය දමස්කයේ මුරකාර හමුදා තැබුවේ ය. සිරියන්වරු ද දාවිත්ට මෙහෙකරුවන් වී කප්පම් ගෙවූ හ. දාවිත් ගිය ගිය තැන සමිඳාණන් වහන්සේ ඔහුට ජය අත් කර දුන් සේක.


සමිඳුන් මෙසේ කර ඇති බව ඉශ්රායෙල්හි සකල ජනයා ද සමාරියේ සිටින සියලු දෙනා ද දැන ගන්නෝ ය. ඔව්හු එඩිතරකමෙන් ද අහංකාරයෙන් ද මෙසේ කියති:


සමිඳුන් රෙශීන්ගේ සතුරන් ඔවුන්ට පහර දෙන පිණිස පොළඹවා ඇත.


දමස්කය ගැන සමිඳාණන් වහන්සේ වදාළ දේ මෙසේ ය: “හමාත් හා අර්පාද් යන නගරවල වැසියන්ට නරක ආරංචියක් ලැබී ඇති බැවින් ඔව්හු කැළඹීමට පත් වී සිටිති. චංචලය ඇති නිශ්චලයක් නැති මුහුද මෙන් ඔව්හු භීතියෙන් ඇලළී යති.


නුඹේ බොහෝ වෙළෙඳාම් නිසාත්, නුඹේ සියලු සම්පත්වල අධිකකම නිසාත් දමස්කය නුඹ සමඟ හෙල්බොන්හි මුද්‍රික පානය ද සහර්හි සුදු ලොම් ද වෙළෙඳාම් කළෝ ය.


එප්‍රායිම් වංශය කතා කළ විට අන් සියල්ලෝ වෙවුලුවෝ ය. මන්ද, ඉශ්රායෙල් වංශ අතරේ එප්‍රායිම් එපමණට උසස් කොට සලකනු ලැබී ය. එහෙත්, එහි වැසියෝ බාල් දේවතාවන්ට නමස්කාර කිරීමේ වරදට පත් වූ බැවින් මරණයට පත් වූ හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්