Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 114 - Sinhala New Revised Version 2018


පාස්කු ගීයක්

1 ඉශ්රායෙල් සෙනඟ මිසර දේශයෙන් ද ජාකොබ්ගේ පරපුර විදේශයකින් ද නික්ම ගියෝ ය.

2 එවිට ජුදා දේශය සමිඳාණන් වහන්සේගේ ශුද්ධස්ථානය විය, ඉශ්රායෙල් දේශය එතුමාණන්ගේ රාජ්‍යය විය.

3 රතු මුහුද එය දැක පලා ගියා ය; ජොර්දාන් ගඟ ආපසු ගලා යෑම නැවතුණේ ය.

4 කඳු, බැටළුවන් මෙන් ද කුඩා හෙල්, බැටළු පැටවුන් මෙන් ද පැන පැන ක්‍රීඩා කෙළේ ය.

5 එම්බා රතු මුහුද! නුඹ පලා යන්නේත්, ජොර්දාන් ගඟ, නුඹේ ගැලීම නැවතුණේත් නුඹලාට කුමක් සිදු වූ නිසා ද?

6 එම්බා කඳු! නුඹලා බැටළුවන් මෙන් ද කුඩා හෙල්, නුඹලා බැටළු පැටවුන් මෙන් ද පැන පැන ක්‍රීඩා කරන්නේ කුමක් නිසා ද?

7 එම්බා මිහිකත! පර්වත දිය පොකුණක් බවට ද ගිනි ගල දිය උල්පතක් බවට ද හරවන දෙවිඳුන්,

8 එනම්, ජාකොබ්ගේ දෙවිඳුන් වඩින විට එතුමාණෝ අබියස බියෙන් ඇලළෙමින් වෙවුලන්න.

අපිව අනුගමනය කරන්න:



දැන්වීම්