ගීතාවලිය 58:2 - Sinhala New Revised Version 2018 එහෙත්, ඔබ එසේ නොකර දුෂ්ට අදහස් සිත්හි මවාගන්නහු ය; නීතියට පිටුපා සැහැසිකම් කරන්නහු ය. Sinhala New Revised Version එහෙත්, ඔබ එසේ නොකර දුෂ්ට අදහස් සිත්හි මවාගන්නහු ය; නීතියට පිටුපා සැහැසිකම් කරන්නහු ය. Sinhala Revised Old Version එසේය, නුඹලා සිතින් දුෂ්ටකම් කරන්නහුය; පොළොවෙහි නුඹලාගේ අත්වල බලාත්කාරය කිරා දෙන්නහුය. |
යුක්තිය අයුක්තිය කරවන විනිසකරුවන් සමඟ ඔබේ සබැඳියාවක් නැත. ඔව්හු අයුතු නීතියෙන් නපුරට මඟ පාදන්නෝ ය.
මේ මිනිස් ලොවෙහි යුක්තිය තිබිය යුතු තැන අයුක්තිය ද සාධාරණකම තිබිය යුතු තැන අසාධාරණකම ද තිබෙන බව මම දිටිමි.
මාගේ සෙනඟ පීඩනයට පමුණුවන නියමයන් නිකුත් කරන පිණිස අයුතු නීති පනවන නුඹලාට වන විපතක මහත!
සමහරු ලේ වගුරු වන පිණිස අල්ලස් ගත්හ. නුඹ පොලී සහ ලාභ ගෙන, නුඹේ අසල්වැසියාගෙන් අයුක්තියෙන් ලාභ උපදවාගෙන මා අමතක කෙළෙහි ය. මෙසේ පවසන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.
ඒ නගරය තුළ අධිපතීහු අයුතු ලාභ ලබාගන්න පිණිස ලේ වැගිරීමටත්, ප්‍රාණ නැති කිරීමටත් සිටින, ගොදුර ඉරාදමන වෘකයන්ට සමාන ය.
අපට පෙනෙන හැටියට නම් වාසනාව ඇත්තේ උඩඟු අයට ය; දියුණු වන්නේ නපුරුකම් කරන අය ය. ඔව්හු දෙවියන් වහන්සේ පරීක්ෂා කරතත් නිදහස් ව සිටිති’යි නුඹලා කියන්නහු ය.”