ගීතාවලිය 58:11 - Sinhala New Revised Version 2018 එවිට සෙනඟ මෙසේ කියති: “දැහැමියාට විපාකයක් සත්තට ම හිමි වන්නේ ය; මිහි පිට යුක්තිය ඉටු කරන දෙවිඳාණෝ සැබැවින් ම වැඩ සිටින සේක.” Sinhala New Revised Version එවිට සෙනඟ මෙසේ කියති: “දැහැමියාට විපාකයක් සත්තට ම හිමි වන්නේ ය; මිහි පිට යුක්තිය ඉටු කරන දෙවිඳාණෝ සැබැවින් ම වැඩ සිටින සේක.” Sinhala Revised Old Version එවිට: සැබවින්ම ධර්මිෂ්ඨයාට විපාකයක් ඇත්තේය, සැබවින්ම පොළොවෙහි විනිශ්චය කරන දෙවිකෙනෙක් ඇත්තේයයි මනුෂ්‍යයෝ කියන්නෝය. |
මාගේ දැහැමි ජීවිතය අනුව ද මාගේ ක්‍රියා සුපිරිසිදු වූයෙන් ද සමිඳාණෝ මට ප්‍රතිඵල දුන් සේක.
මම වනාහි දෙව් විමනෙහි සරුසාර ඔලීව ගසක් මෙන් වන්නෙමි. දෙව් පෙම තුළ සදහට ම විශ්වාසය තබන්නෙමි.
මිනිසුන් සැම දෙන බිය වී දෙවිඳුන්ගේ ක්‍රියා ප්‍රකාශ කරන්නෝ ය. “එතුමාණන් එසේ කෙළේ කුමක් නිසා දැ”යි ඔව්හු සිතන්නෝ ය.
ඔබ සාධාරණ ලෙස මිනිසුන් විනිශ්චය කරන සේක; මිහි පිට සියලු විජාතීන් හට ඔබ මඟපෙන්වන සේක; එබැවින් සකල ජනයා ප්‍රීතිමත් ව සතුටින් ගී ගයත් වා!
දෙවිඳුනි, සියල්ලෝ ඔබේ ජය පෙරහර දකින්නෝ ය; සිය ශුද්ධස්ථානයට යන මඟ මාගේ දෙවි රජිඳුන්ගේ ගමන නරඹන්නෝ ය.
එතුමාණෝ දැහැමිකමින් මුළු ලොව නඩු විසඳාලන සේක; ජාතීන් යුක්ති සහගත ලෙස විනිශ්චය කරන සේක.
එසේ වන්නේ, සමිඳාණන් සාධාරණ බව ද මාගේ ආරක්ෂකයාණන් තුළ වරදක් නොමැති බව ද දක්වනු පිණිස ය.
සමිඳාණන් මිහිතලය පාලනය කිරීමට වඩින විට ඒවා නද දෙන්නේ ය; එතුමාණෝ, ලෝ වැසියන් සාධාරණ ලෙස ද අවංක ලෙස ද පාලනය කරන සේක.”
මන්ද, සමිඳාණෝ මිහිතලය පාලනය කරන පිණිස වඩින සේක; එතුමාණෝ ලෝ වැසියන් ධර්මිෂ්ඨකමින් ද සාධාරණකමින් ද පාලනය කරන සේක.
ඔබේ වචනවලින් ඔබ සමිඳාණන් වහන්සේ වෙහෙසන්නහු ය. එහෙත්, ‘අපි කෙසේ උන් වහන්සේ වෙහෙසන්නෙමු දැ’යි ඔබ අසන්නහු ය. ඔබ උන් වහන්සේ වෙහෙසන්නේ, ‘නපුර කරන සියල්ලෝ ම උන් වහන්සේ ඉදිරියේ යහපත් ය; උන් වහන්සේ ඔවුන් කෙරෙහි ප්‍රසන්න ය’යි කීමෙන්, හා ‘සර්ව සාධාරණ උන් වහන්සේ කොතැන දැ’යි ප්‍රශ්න කිරීමෙන් ය.
‘දෙවියන් වහන්සේට සේවය කිරීම නිෂ්ඵල ය. උන් වහන්සේගේ ආඥා ඉටු කිරීමෙන් වත්, කණගාටුවෙන් සියලු බලැති සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි හැසිරීමෙන් වත් වැඩක් ඇද් ද?
එහෙත් ඔබ මුරණ්ඩු ය; දරදඬු සිතක් ඔබට ඇත. දෙවියන් වහන්සේ ස්වකීය සාධාරණ විනිශ්චය එළිදරව් කරන්නට යන දේව උදහසේ දවසට ඔබ දුර්විපාක රැස් කරන්නෙහි ද?