දෙවිඳාණෝ මාගේ සහායට වඩින සේක; සමිඳාණෝ මාගේ දිවියට රැකවරණය දෙන සේක.
බලව, දෙවියන්වහන්සේ මාගේ උපකාරකාරයාණෝය. මාගේ ප්‍රාණය ආරක්ෂාකරන්නන් අතරේ ස්වාමීන්වහන්සේ සිටිනසේක.
එවිට තිස්දෙනාගේ ප්‍රධානියා වූ අමාසයි පිට ආත්මයක් ආවේශ වී ඔහු කතා කරමින්, “දාවිත් රජතුමෙනි, අපි ඔබේ පක්ෂයට ද ජෙස්සේගේ පුත්‍රය, අපි ඔබ සමඟ ද සිටින්නෙමු. සාමදානය, සාමදානය ම ඔබට වේ වා! ඔබට උපකාර කරන්නන්ටත් සාමදානය වේ වා! මන්ද, ඔබේ දෙවියන් වහන්සේ ඔබට උපකාර කරන සේකැ”යි කීවේ ය. එවිට දාවිත් ඔවුන් පිළිගෙන ඔවුන් හමුදාවේ ප්‍රධානීන් කෙළේ ය.
වැටෙන පිණිස මම තදින් තල්ලු කරන ලදිමි; එහෙත්, සමිඳාණෝ මට පිහිට වූ සේක.
සමිඳාණන් වහන්ස, මාගේ මේ සාධාරණ යැදුමට සවන් දුන මැනව; මාගේ හඬගැසීමට කන් දුන මැනව. මන්ද, මා එය පුදන්නේ අවංක සිතිනි.
මා හරි දේ ඉටු කරන බැවින් ඔබ මට පිහිට වන සේක; සදහට ම ඔබ අබිමුව මා තබාගන්න සේක.
බිය නොවන්න; මම නුඹ සමඟ ය. මා නුඹේ දෙවිඳාණන් වන බැවින් තැති නොගෙන සිටින්න. මම නුඹ ශක්තිමත් කර නුඹට උපකාර කරන්නෙමි. මාගේ ජය හස්තයෙන් නුඹ ආරක්ෂා කර නුඹ ගළවන්නෙමි.
“මා සහාය දෙන මාගේ සේවකයා මෙන්න. මට ප්‍රිය වූ මාගේ තෝරාගත් තැනැත්තා මෙන්න. මාගේ ආත්මානුභාවය මා එතුමාට ප්‍රදානය කර ඇත. සියලු ජාතීන්ට එතුමා යුක්තිය ගෙන දෙනු ඇත.
කරුණු මෙසේ නම් කුමක් නිගමනය කරමු ද? දෙවියන් වහන්සේ අපේ පක්ෂයට නම් අපට විපක්ෂ වන්නේ කවරෙක් ද?
මෙසේ: “සමිඳාණන් වහන්සේ මාගේ සරණය ය, මම බිය නොවන්නෙමි. මිනිසා මට කුමක් කරයි ද?” කියා ධෛර්ය සම්පන්න ව කීමට අපට පිළිවන.