ගීතාවලිය 49:3 - Sinhala New Revised Version 2018 මම නැණවත් සිතුවිලි සිතමි; මම පැණවත් වදන් පවසමි. Sinhala New Revised Version මම නැණවත් සිතුවිලි සිතමි; මම පැණවත් වදන් පවසමි. Sinhala Revised Old Version මාගේ මුඛය ඥානය කථාකරන්නේය; මාගේ සිතේ භාවනාකිරීම ප්‍රඥාව ගැන වන්නේය. |
මාගේ පර්වතය ද මාගේ මිදුම්කරු ද වන සමිඳුනි, මා මුවේ වචන ද මා සිතෙහි භාවනා ද ඔබ හට ප්‍රිය මනාප වේ වා!
රජිඳුන් උදෙසා මේ කාව්‍යය රචනා කරමි. එවිට මාගේ සිත විසිතුරු තේමාවකින් පිබිදෙයි. මාගේ දිව දක්ෂ ලේඛකයෙකුගේ පන්හිඳ වැනි ය.
යහපත් මිනිසා තමා රැස් කළ යහපත් දෙයින් යහපත් දේ පිටතට ගෙනෙයි. නපුරු මිනිසා තමා රැස් කළ නපුරු දෙයින් නපුරු දේ පිටතට ගෙනෙයි.
මා සික පද වැහි බිඳු මෙන්, මා කථනය පිනි බිඳු මෙන්, ළා පැළ මත වැසි පොද මෙන්, ළා තණ මත මල් වැසි මෙන් වැටේ.