ගීතාවලිය 46:9 - Sinhala New Revised Version 2018 එතුමාණෝ මිහි මත දස දෙස යුද බිය නවත්වන සේක; දුන්න බිඳ, හෙල්ලය කපා, පලිහ ගින්නෙන් දවන සේක. Sinhala New Revised Version එතුමාණෝ මිහි මත දස දෙස යුද බිය නවත්වන සේක; දුන්න බිඳ, හෙල්ලය කපා, පලිහ ගින්නෙන් දවන සේක. Sinhala Revised Old Version උන්වහන්සේ පොළෝ කෙළවර දක්වා යුද්ධ නවත්වනසේක; දුන්න බිඳ, හෙල්ලය කපාදමා, රථ ගින්නෙන් දවනසේක. |
සැබැවින් ම සියලු බලැති මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාළ පරිදි දේශය මුළුල්ලේ උන් වහන්සේ විනාශයක් ඇති කරන සේක.
සමිඳාණන් වහන්සේගේ ශුද්ධ කන්දේ සීමාව තුළ කිසි නපුරක් වත්, අනතුරක් වත් නොවන්නේ ය. මුහුද, ජලයෙන් පිරී තිබෙන්නාක් මෙන් සමිඳාණන් වහන්සේ පිළිබඳ දැනගැන්මෙන් පොළොව පිරී යන්නේ ය.”
මහා ජාතීන් අතර භේද එතුමාණෝ නිරවුල් කරන සේක; එතුමාණෝ ජාතීන්ගේ කාරණා තීන්දු කරන සේක. තමන්ගේ කඩුවලින් නගුල් ද තමන්ගේ හෙල්ලවලින් දෑකැති ද ඔව්හු සාදාගන්නෝ ය. ජාතියක් ජාතියකට විරුද්ධ ව කඩු ගන්නේ නැත. ඔවුන් යුද්ධයට පුහුණු වන්නේ නැත.
නුඹේ දේශ සීමා තුළ බලහත්කාරකම ද නාස්තිය හා විනාශය ද ගැන තවත් අසන්න නොලැබෙන්නේ ය. නුඹේ පවුරුවලට ‘ගැළවීම’ කියා ද නුඹේ දොරටුවලට ‘ප්‍රශංසාව’ කියා ද නුඹ කියන්නෙහි ය.
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒ කාලයේ දී මම නුඹලාගේ අශ්වයන් පහකොට නුඹලාගේ රථ විනාශ කරන්නෙමි.
සමිඳාණන් වහන්සේ ජෝෂුවාට කතා කොට, “ඔවුන් ගැන බිය නොවන්න: මන්ද, ඔවුන් මැරුම් කන පිණිස හෙට මේ වේලාවට ඔවුන් ඉශ්රායෙල්වරුන්ගේ අතට පාවා දෙන්නෙමි; ඔවුන්ට අයත් අශ්වයන්ගේ කුදි කපා ඔවුන්ගේ රථ ගින්නෙන් පුළුස්සාදමන්නැ”යි වදාළ සේක.
ජෝෂුවා, සමිඳාණන් වහන්සේ තමාට වදාළ ලෙස ඔවුන්ට කර, ඔවුන්ගේ අශ්වයන්ගේ කුදි කපා ඔවුන්ගේ රථ ගින්නෙන් පුළුස්සාදැමුවේ ය.