ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 39:12 - Sinhala New Revised Version 2018

සමිඳුනි, මාගේ අයැදුම ඇසුව මැනව; මාගේ මොරගෑමට සවන් දුන මැනව; මාගේ කඳුළු දැක නිහඬ ව නොසිටිය මැනව. මන්ද, ඔබ සමඟ ආගන්තුකයෙක් ද මාගේ පියවරුන් මෙන් කලක් නේවාසිකයෙක් ද වෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

සමිඳුනි, මාගේ අයැදුම ඇසුව මැනව; මාගේ මොරගෑමට සවන් දුන මැනව; මාගේ කඳුළු දැක නිහඬ ව නොසිටිය මැනව. මන්ද, ඔබ සමඟ ආගන්තුකයෙක් ද මාගේ පියවරුන් මෙන් කලක් නේවාසිකයෙක් ද වෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ස්වාමිනි, මාගේ යාච්ඤාව අසා, මාගේ මොරගැසීමට කන්දුන මැනව; මාගේ කඳුළු දැක නිශ්ශබ්ද නූව මැනව. මක්නිසාද මම ඔබ ඉදිරියෙහි විදේශියෙක්ද මාගේ පියවරුන් මෙන් මාර්ගිකයෙක්ද වෙමි.

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 39:12
19 හුවමාරු යොමු  

ඔහු බොහෝ කාලයක් පිලිස්තිවරුන්ගේ දේශයෙහි පදිංචි ව සිටියේ ය.


ජාකොබ් ඔහුට පිළිතුරු දෙමින්, “මිහි පිට මාගේ සැරිසැරීමේ කාලය අවුරුදු එකසිය තිහකි; මා ගෙවූ ජීවිතය කෙටි ය: දුෂ්කර ය. මාගේ මුතුන්මිත්තන් මිහි පිට සැරිසැරූ කාලයට එය සම කළ නොහැකි ය”යි කීවේ ය.


සමහර විට මට කරන ලද අයුක්තිය දෙස සමිඳාණන් වහන්සේ බලා, අද දවසේ ඔහුගේ දෙස් කීම වෙනුවට මට යහපත කරනු ඇතැ”යි කී ය.


“නුඹ හැරී ගොස් මාගේ සෙනඟගේ අධිපතියා වන හෙසකියාට මෙසේ කියන්න: ‘නුඹේ පියා වූ දාවිත්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: මම නුඹේ යාච්ඤාව ඇසීමි, නුඹේ කඳුළු දිටිමි. බලන්න, මම නුඹ සුවපත් කරන්නෙමි. තුන් වන දින නුඹ සමිඳාණන් වහන්සේගේ මාලිගාවට යන්නෙහි ය.


මන්ද, අපේ සියලු පියවරුන් මෙන් අපි ඔබ ඉදිරියෙහි ආගන්තුකයන් ව හා කලක් නේවාසිකයන් ව සිටිමු. පොළොවේ අපේ ආයු කාලය සෙවණැල්ලක් මෙන් ගෙවී යයි. බලාපොරොත්තුවක් ද අපට නැත්තේ ය.


ඒ නිසා මාගේ දිවිය දිරා ගිය ලීයක් මෙන් ද කාවුන් කෑ කබායක් මෙන් ද දුබල වී ඇත.


මාගේ ආයාචනය දෙවිඳුන් වෙත නඟියි. මාගේ දෙනෙතෙහි කඳුළු එතුමන් දෙස ගලා යයි.


සමිඳාණන් වහන්ස, මාගේ යැදුම ඇසුව මැනව. මාගේ මොරගැසීම ඔබ වෙත පැමිණේ වා!


මාරක රැහැනෙන් මම වෙළුණෙමි. පාතාලයේ වේදනා මා අසු කරගත්තේ ය; විපත හා දුක මා වෙළාගත්තේ ය.


මම මිහි පිට ආගන්තුක ව වසන්නෙක්මි. ඔබේ ආඥාවන් මාගෙන් නොසැඟවුව මැනව.


මාගේ මේ ලුහුඬු ජීවිත ගමනේ දී ඔබේ පනත් ගැන ගී ගයමි.


මාගේ කන්නලව්ව ඔබ ම සටහන් කළ මැනව; ඔබේ බඳුනෙහි මාගේ කඳුළු එකතු කළ මැනව; ඒවා ඔබේ පොතේ සටහන් වී නැද් ද?


අප දිවි පෙවෙත ඔබේ උදහස මැද ගෙවී යන්නේ ය; අප ආයු සුසුමක් සේ කෙළවර වන්නේ ය.


“දේශය අයිති මට බැවින් එය නිත්‍ය අයිතියක් වන ලෙස නොවිකිණිය යුතු ය. මාගේ ආගන්තුකයන් වන නුඹලා මා සමඟ කලක් නේවාසික ව සිටින්නහු ය.


එබැවින් අපි සැම විට ම ධෛර්යයෙන් සිටිමු. ශරීරය නමැති නිවාසයෙහි සිටින තුරු, අපි සමිඳාණන් වහන්සේගෙන් ඈත් ව සිටින බව දනිමු.


ඇදහිල්ලෙහි පිහිටා සිටි මොවුහු සියල්ලෝ ම මියගිය හ. ඔව්හු පොරොන්දු වූ දේ නොලැබූ නමුත්, ඒවා කල්තියා දැක සතුටින් පිළිගෙන, මිහි පිට තමන් ආගන්තුකයන් ද කලක් නේවාසිකයන් ද බව ප්‍රකාශ කළහ.


ක්‍රිස්තුන් වහන්සේ මිනිසත්බව ගෙන සිටිය දී තමන් මරණයෙන් ගළවන්නට පිළිවන් වූ තැනැන් වහන්සේට බලවත් හැඬීමෙනුත් කඳුළු සැලීමෙනුත්, යාච්ඤා ද කන්නලවු ද ඔප්පු කළ සේක. උන් වහන්සේගේ දේව ගරුබිය නිසා, දෙවියන් වහන්සේ එයට සවන් දුන් සේක.


තවද, මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලා, එකිනෙකාගේ ක්‍රියා අනුව විනිශ්චය කරන තැනැන් වහන්සේට ‘පියාණෝ ය’ කියා ඔබ යාච්ඤා කරන්නහු නම්, මිහි පිට ඔබ විදේශී ව සිටින කාලය දේව ගරුබියෙන් ගත කරන්න.


ප්‍රේමවන්තයෙනි, ඔබ ආගන්තුකයන් හා විදේශීන් මෙන්, ආත්මයට විරුද්ධ ව සටන් කරන මාංසික තෘෂ්ණාවලින් වැළකී සිටින ලෙස ඔබගෙන් උදක් ම ඉල්ලමි.