එවිට ජේහු තමාගේ ආරක්ෂක භටයා වන බිද්කර්ට කතා කොට, “ඔහු රැගෙන ජෙශ්‍රෙයෙලීය නාබොත්ගේ කෙතට දමන්න, මන්ද, මාත්, ඔබත් එක් ව ඔහුගේ පිය වූ ආහබ් පස්සෙන් අසුන් පිට ගිය විට සමිඳාණන් වහන්සේ ඔහුට විරුද්ධ ව දුන් තීන්දුව සිහි කරන්න.
ගීතාවලිය 37:10 - Sinhala New Revised Version 2018 දුදනා මඳ කලකින් නැති වී යයි; ඔබ ඔහු සෙව්වත් ඔහු නැත. Sinhala New Revised Version දුදනා මඳ කලකින් නැති වී යයි; ඔබ ඔහු සෙව්වත් ඔහු නැත. Sinhala Revised Old Version මද කලකින් දුෂ්ටයා නැතිවන්නේය. එසේය, නුඹ ඔහුගේ ස්ථානය පරීක්ෂාකර බලන්නෙහිය, ඔහු සම්බනොවන්නේය. |
එවිට ජේහු තමාගේ ආරක්ෂක භටයා වන බිද්කර්ට කතා කොට, “ඔහු රැගෙන ජෙශ්‍රෙයෙලීය නාබොත්ගේ කෙතට දමන්න, මන්ද, මාත්, ඔබත් එක් ව ඔහුගේ පිය වූ ආහබ් පස්සෙන් අසුන් පිට ගිය විට සමිඳාණන් වහන්සේ ඔහුට විරුද්ධ ව දුන් තීන්දුව සිහි කරන්න.
දුෂ්ටයාගේ ජය ඝෝෂාව කෙටි කාලීන බවත්, අභක්තිකයාගේ ප්‍රීතිය එක මොහොතකට පමණක් බවත් ඔබ නොදන්නෙහි ද?
මොහොතකට ඔව්හු උසස් වෙති; එහෙත්, වල් පැළෑටි මෙන් ඔව්හු වහා මැලවී යති. කපා දැමූ ගොයම් මෙන් ඔව්හු තුරන් ව යති.
ඔබ මාගේ වරදට කමා වී, මාගේ අයුතුකම පහනොකරන්නේ මන් ද? යුහුව මා දූවිල්ලට හැරෙනු ඇත. ඔබ මා සෙව්වත් මා දක්නට නැත.”
පැණවතුන් මියයන බව ද නූගතුන් හා අනුවණයන් යන දෙගොල්ල ම වැනසෙන බව ද ඔවුන්ගේ ධනය අනුන්ට තබා යන බව ද නොදන්න කෙනෙක් නැත.
දෙවිඳාණෝ ඔබ සදහට ම නසා, වනසාදමන සේක; එතුමාණෝ ඔබ කූඩාරම්වලින් ඇද දමා, ජීවතුන් අතරෙන් ඔබ උදුරාදමන සේක.
සියලු දේවල අවසානය ළං වී ඇත. එබැවින් ඔබ සිහි කල්පනාවෙන් යුතු ව යාච්ඤාව සඳහා අවදිව සිටින්න.