ගීතාවලිය 36:10 - Sinhala New Revised Version 2018 ඔබ හඳුනන අයට ඔබේ තිර පෙම්කඳ ද අවංක සිත් ඇති අයට ඔබේ දැහැමිකම ද නොනවත්වා පෙන්නුව මැනව. Sinhala New Revised Version ඔබ හඳුනන අයට ඔබේ තිර පෙම්කඳ ද අවංක සිත් ඇති අයට ඔබේ දැහැමිකම ද නොනවත්වා පෙන්නුව මැනව. Sinhala Revised Old Version ඔබ අඳුනන්නන්ට ඔබගේ කරුණා ගුණයත් අවංක සිත් ඇත්තන්ට ඔබගේ ධර්මිෂ්ඨකමත් පැවැත්තුව මැනව. |
ඔහු දිළිඳු අසරණයන්ට යුක්තිය ඉටු කෙළේ ය. ඒ නිසා ඔහු කළ හැම දේ සඵලවත් විය. සමිඳුන් අදහාගැන්ම යන්නෙන් අදහස් කරන්නේ එය යි.
මා සමිඳාණන් වහන්සේ බව දැනගන්න පිණිස ඔවුන්ගේ සිත් පහදන්නෙමි. එවිට ඔවුන් මුළු සිතින් ම මා වෙත හැරෙන බැවින් ඔව්හු මාගේ සෙනඟ වන්නෝ ය. මම ඔවුන්ගේ සමිඳාණන් වහන්සේ වන්නෙමි.
ස්වාමීන් වන මම දුර සිට ඔවුන්ට ප්‍රකාශ වුණෙමි. ඉශ්රායෙල් ජනයෙනි, මම නුඹලාට නිරන්තරයෙන් ප්‍රේම කෙළෙමි; නුඹලාට මාගේ විශ්වාසකම තවදුරටත් ප්‍රකාශ කරමි.
සදාතන ජීවනය මේ ය: එක ම සැබෑ දෙවියන් වන ඔබ ද, ඔබ විසින් එවන ලද තැනැන් වහන්සේ වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ද, දැනගැනීම ය.
සමිඳාණන් වහන්සේ දැනගන්න කියා එකිනෙකා තමාගේ පුරවැසියාටත්, සහෝදරයාටත් නූගන්වන්නේ ය. මන්ද, ඔවුන් අතර ලොකු කුඩා සියල්ලෝ ම මා දැනගන්නෝ ය.
දෙවියන් වහන්සේගේ විමුක්තිදායක අරමුණ එළිදරව් කරන්නට යන අන්තිම කාලය දක්වා, ඔබගේ ඇදහිල්ල නිසා දෙවියන් වහන්සේගේ බලය කරණකොටගෙන ඔබ ආරක්ෂා කරනු ලබන්නහු ය.