මිනීවළට යාමෙන් එතුමාණෝ මා මිදූ සේක; දැන් මාගේ ජීවිතයට එළිය දැක්ක හැකි ය’යි කියනු ඇත.
ගීතාවලිය 30:3 - Sinhala New Revised Version 2018 සමිඳුනි, ඔබ පාතාලයෙන් මා ගොඩ ගත් සේක; මා වළ පල්ලට නොයන පරිදි ඔබ මා දිවි රැකගත් සේක. Sinhala New Revised Version සමිඳුනි, ඔබ පාතාලයෙන් මා ගොඩ ගත් සේක; මා වළ පල්ලට නොයන පරිදි ඔබ මා දිවි රැකගත් සේක. Sinhala Revised Old Version ස්වාමිනි, ඔබ ෂෙයෝලෙන් මාගේ ආත්මය ගොඩගත්සේක. මා වළට නොබසින පිණිස මාගේ ජීවිතය ආරක්ෂාකළසේක. |
මිනීවළට යාමෙන් එතුමාණෝ මා මිදූ සේක; දැන් මාගේ ජීවිතයට එළිය දැක්ක හැකි ය’යි කියනු ඇත.
සමිඳාණන් වහන්ස, ඔබට හඬගසමි, මාගේ පර්වත රාජයාණෙනි, මට සවන් නො දී නොසිටිය මැනව. ඔබ නිහඬ වුවහොත්, මාත් පාතාලයට බැස යන්නවුන්ගෙන් කෙනෙකු වනු ඇත.
මන්ද, ඔබ, මා මරණින් මිදූ සේක. මාගේ පාද පැකිළීමෙන් වැළැක්වූ සේක. එසේ කෙළේ, ජීවනාලෝකයෙහි දෙවිඳුන් අබියස මා හැසිරෙන පිණිස ය.
ඔබ මට බොහෝ කරදර සහ වේදනා පැමිණෙවු නමුත්, මා යළි ප්‍රාණවත් කරන සේක. පාතාලයේ පත්ලෙන් ඔබ මා යළි ගොඩගන්න සේක.