Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 116:8 - Sinhala New Revised Version 2018

8 එතුමාණෝ මාගේ ජීවිතය මරණයෙන් ද මාගේ ඇස් කඳුළෙන් ද මාගේ පාද පැකිළීමෙන් ද ගළවාගත් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 එතුමාණෝ මාගේ ජීවිතය මරණයෙන් ද මාගේ ඇස් කඳුළෙන් ද මාගේ පාද පැකිළීමෙන් ද ගළවාගත් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 මක්නිසාද ඔබවහන්සේ මාගේ ආත්මය මරණයෙන්ද මාගේ ඇස් කඳුළෙන්ද මාගේ පාද පැකිලීමෙන්ද ගැළවූසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 116:8
10 හුවමාරු යොමු  

මන්ද, ඔබ, මා මරණින් මිදූ සේක. මාගේ පාද පැකිළීමෙන් වැළැක්වූ සේක. එසේ කෙළේ, ජීවනාලෝකයෙහි දෙවිඳුන් අබියස මා හැසිරෙන පිණිස ය.


උන් වහන්සේ ඔවුන්ගේ දෙනෙතින් සියලු කඳුළු පිසදමන සේක. මරණය තවත් නැත. වැලපීම ද හැඬීම ද, වේදනාව ද තවත් නැත. ඒ පළමු පිළිවෙළ පහ ව ගිය බැවිනි.”


මා වෙත ඇති ඔබේ තිර පෙම කොපමණ මහත් ද? ගැඹුරු පාතාලයෙන් ඔබ මා මිදූ සේක.


මන්ද, සිංහාසනය මැද සිටින බැටළු පෝතකයාණෝ ඔවුන්ගේ එඬේරාණන් වී, ජීවන දිය උල්පත්වලට ඔවුන් ගෙනයන සේක. දෙවියන් වහන්සේ ද ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන සේකැ”යි කී ය.


මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මරණය සදහට ම විනාශ කරදමන සේක. සියලු මුහුණුවලින් කඳුළු පිසදමන සේක. ලොව මුළුල්ලේ තමන්ගේ සෙනඟට ඇති වී තිබෙන නින්දාව පහකරන සේක. මෙසේ වදාරන්නේ සමිඳාණන් වහන්සේ ම ය.


හෙසකියා වෙත ආපසු ගොස් මෙසේ කියන ලෙස වදාළ සේක: “නුඹේ ආදි පියා වූ දාවිත් රජුගේ දෙවි ස්වාමීන් වන මම නුඹේ යාච්ඤාව ඇසීමි; නුඹේ කඳුළු දිටිමි. තව අවුරුදු පහළොවක් ජීවත් වීමට මම නුඹට වරම් දෙමි.


“මාගේ පාද ලිස්සන්නේ ය”යි මා කී කල සමිඳුනි, එවිට ඔබේ තිර පෙම මාගේ ආධාරය වූයේ ය.


එහෙත්, දෙවිඳාණෝ මා මුදාගෙන මරණයේ බලයෙන් මා ගළවන සේක.


ඔහු වැටුණත් වැටී ම නොසිටියි; සමිඳාණෝ සිය’තින් ඔහු නැඟුටුවන සේක.


ඒ චර පුරුෂයෝ මිනිසෙකු නගරයෙන් එනු දැක, “නගරයට ඇතුළු වන මාර්ගය අපට පෙන්වන්න, එවිට අපි ඔබට කරුණාව දක්වන්නෙමු”යි කීවෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්