ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 17:9 - Sinhala New Revised Version 2018

වෙර බැඳ මා අවටින් සිටින සතුරන්ගෙන් ද මා කොල්ලකන දුදනන්ගෙන් ද මා රැකගන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

වෙර බැඳ මා අවටින් සිටින සතුරන්ගෙන් ද මා කොල්ලකන දුදනන්ගෙන් ද මා රැකගන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඇසේ කළුරුවාව මෙන් මා රක්ෂාකළ මැනව, ඔබගේ පියාපත් සෙවණෙහි මා සඟවාගත මැනව.

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 17:9
8 හුවමාරු යොමු  

මාගේ සෙනඟ වන ඉශ්රායෙල් තමන්ගේ ම දේශයෙහි වාසය කොට, මතු එයින් නොයන ලෙස මම ඔවුන්ට දේශයක් නියම කොට ඔවුන් පිහිටුවන්නෙමි; තවද, මුල දී සිදු වූ පරිදි


මිනිසුන්ගේ කුමන්ත්‍රණවලින් ඔබ ආරක්ෂාවෙහි ඔබ ඔවුන් සඟවන සේක; කලහකාරි අයගෙන් ඔවුන් වෙන් කොට ඔබේ මැදුරෙහි සුරැකි ව තබන සේක.


යහපත කළ මට ඇත්තේ නපුර පමණි; මට කිසි බලාපොරොත්තුවක් දැන් නැත.


මා වැනසීමට සොයන්නෝ ලජ්ජාවට හා නින්දාවට පැමිණෙත් වා! මා නැසුමට උපා යොදන්නෝ වියවුල් වී ආපසු යත් වා!


කරුණක් නැතිව ම මා ඇල්ලීමට ඔව්හු මලපත් දැමූ හ; මා බැඳගැන්මට ගැඹුරු වළක් තැනූ හ.


සතුරෝ මා ලුහුබැඳ අවුත් මා අල්ලාගනිත් වා! ඔව්හු මා කපා, කොටා මරත් වා! මාගේ මළකඳ දූවිල්ලෙහි දමත් වා!


සාවුල් සහ ඔහුගේ සෙනඟ කන්දේ එක පැත්තකින් ද දාවිත් සහ ඔහුගේ සෙනඟ කන්දේ අනික් පැත්තෙන් ද ගියහ. සාවුල් සහ ඔහුගේ සෙනඟ, දාවිත් සහ ඔහුගේ සෙනඟ අල්ලාගන්න පිණිස වට කළ නිසා, දාවිත් සාවුල්ට බියෙන් ගැළවී යන්නට ඉක්මන් කෙළේ ය.


තවද, මාගේ පියාණෙනි, මේ බලන්න, ඔබේ සළුවේ කොන මාගේ අතේ තිබෙන බව බැලුව මැනව. මා ඔබ නොමරා, ඔබේ සළුවේ කොන කපාගත් බව බලා, මා අත නපුරක් වත්, අපරාධයක් වත් නැති බව ද, මා ඔබට විරුද්ධ ව පව් නොකළ බව ද දැනගත මැනව. එසේ වුව ද මාගේ ප්‍රාණය නසන්නට ඔබ මා ලුහුබැඳ එන්නෙහි ය.