ඔහු ඒදොම්හි හැම තැන ම මුරකාර හමුදා තැබුවේ ය. සියලු ඒදොම්වරු දාවිත්ට මෙහෙකරුවෝ වූ හ. දාවිත් ගිය ගිය තැන්හි සමිඳාණන් වහන්සේ ඔහුට ජය අත් කර දුන් සේක.
ගීතාවලිය 140:7 - Sinhala New Revised Version 2018 මාගේ ගැළවීමේ ශක්තිය වන මහෝත්තම දෙවි ස්වාමීනි, සටනේ දී ඔබ මාගේ හිස වැස්මකින් ආරක්ෂා කළ සේක. Sinhala New Revised Version මාගේ ගැළවීමේ ශක්තිය වන මහෝත්තම දෙවි ස්වාමීනි, සටනේ දී ඔබ මාගේ හිස වැස්මකින් ආරක්ෂා කළ සේක. Sinhala Revised Old Version මාගේ ගැළවීමේ ශක්තියවූ ස්වාමිවූ දෙවියන්වහන්ස, යුද්ධ දවසේදී ඔබ මාගේ හිස වැසූසේක. |
ඔහු ඒදොම්හි හැම තැන ම මුරකාර හමුදා තැබුවේ ය. සියලු ඒදොම්වරු දාවිත්ට මෙහෙකරුවෝ වූ හ. දාවිත් ගිය ගිය තැන්හි සමිඳාණන් වහන්සේ ඔහුට ජය අත් කර දුන් සේක.
සිරිය දමස්කයේ මුරකාර හමුදා තැබුවේ ය. සිරියන්වරු ද දාවිත්ට මෙහෙකරුවන් වී කප්පම් ගෙවූ හ. දාවිත් ගිය ගිය තැන සමිඳාණන් වහන්සේ ඔහුට ජය අත් කර දුන් සේක.
ගැළවීමේ පලිහ ඔබ මට දුන් සේක. ඔබේ දකුණත මාගේ අනුග්‍රහය විය. ඔබේ පිහිට මා උසස් කෙළේ ය.
සමිඳාණන් වහන්සේ මාගේ ආලෝකය හා විමුක්තිය ය; මම කිසිවෙකුට බිය නොවෙමි. හිමිතුමාණෝ මාගේ ජීව ශක්තිය ය; මට භීතියක් නැත.
මාගේ ජීවිත ගමන ඔබ අතෙහි ය, මාගේ සතුරන් හා මට පීඩා කරන්නවුන් අතින් මා මුදා හැරිය මැනව.
මාගේ ගැළවීමත්, මාගේ මහිමයත් දෙවිඳුන්ගෙන් ය; මාගේ ශක්තිය රඳා ඇති පර්වතයත්, සරණත් එතුමාණෝ ය.
ඔහු මට මොරගසමින්, ‘ඔබ මාගේ දෙවිඳාණෝ ය, මාගේ පියාණෝ ය, මාගේ ආරක්ෂක පර්වතයාණෝ ය’ කියන්නේ ය.
එන්න, සමිඳාණන් වහන්සේ හට ප්‍රීති ප්‍රමෝදයෙන් ගායනා කරමු; අප මිදූ පර්වතයාණන් හට පැසසුම් හඬ නගමු.
බලන්න, දෙවිඳාණෝ මාගේ ගැළවීම ය. මම එතුමාණන් කෙරෙහි විශ්වාසය තබමි; එතුමන් කෙරෙහි මට බියක් නැත. මන්ද, සමිඳාණෝ මාගේ ශක්තියත්, ගීතිකාවත් ය. එතුමාණෝ මාගේ ගැළවීම ය.”