ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 127:1 - Sinhala New Revised Version 2018

සමිඳාණෝ ගෙය නොසාදන සේක් නම්, එය ඉදි කරන්නෝ නිකරුණේ වෙහෙසෙති. සමිඳාණෝ නගරය රැක බලා නොගන්න සේක් නම්, මුරකරුවෝ නිකරුණේ පිබිද සිටිති.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

සමිඳාණෝ ගෙය නොසාදන සේක් නම්, එය ඉදි කරන්නෝ නිකරුණේ වෙහෙසෙති. සමිඳාණෝ නගරය රැක බලා නොගන්න සේක් නම්, මුරකරුවෝ නිකරුණේ පිබිද සිටිති.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ස්වාමීන්වහන්සේ ගෙය නොසාදනසේක් නම්, සාදන්නෝ නිෂ්ඵලයේ වෙහෙසෙති. ස්වාමීන්වහන්සේ නුවර ආරක්ෂා නොකරනසේක් නම්, රැකවලා නිෂ්ඵලයේ අවදිව සිටියි.

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 127:1
35 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්සේ සලමොන්ට පොරොන්දු වූ ලෙස ඔහුට ප්‍රඥාව දුන් සේක; හීරාම් සහ සලමොන් අතරේ සාමදානය පැවතුණේ ය. තවද, ඔව්හු දෙදෙනා එක් ව ගිවිසුමක් කර ගත්තෝ ය.


ඒ නිසා මෙය සිතට ගන්න. මන්ද, ශුද්ධස්ථානයක් වන පිණිස දේව මාලිගාවක් ගොඩනැඟීමට සමිඳාණන් වහන්සේ ඔබ තෝරාගෙන සිටින සේක. ශක්තිමත් ව සිට එය කරන්නැ”යි කී ය.


තවද, දාවිත් තමාගේ පුත් සලමොන්ට කතා කොට, “ඔබ ශක්තිමත් ව, ධෛර්ය සම්පන්න ව සිට එය ඉෂ්ට කරන්න. බිය නොවන්න; නොකැළඹෙන්න. මන්ද, මාගේ දෙවියන් වහන්සේ වන දෙවි සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වැඩ වසන සේක. සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ මෙහෙය පිණිස සියලු කර්මාන්ත නිම වන තුරු උන් වහන්සේ ඔබෙන් ඉවත් නොවන සේක; ඔබ අත් නොහරින සේක.


ඔබේ ආඥා ද ශික්ෂා ද පනත් ද පිළිපදින්නටත්, මේ සියල්ල ම ඉෂ්ට කරන්නටත්, මා සූදානම් කර තිබෙන මාලිගාව ගොඩනඟන්නටත් මාගේ පුත් සලමොන්ට ස්ථිර සිතක් දුන මැනව.”


මාගේ විපතේ දී මම සමිඳාණන් වහන්සේට මොරගැසීමි. එතුමාණෝ මට උත්තර දුන් සේක.


කඳු දෙසට මාගේ ඇස් ඔසවන්නෙමි. මට පිහිට ලැබෙන්නේ කොතැනින් ද?


“දෙව් මැදුරට යමු”යි ඔවුන් මට කී විට මම ප්‍රීතියෙන් පිනා ගියෙමි.


සගලොව වැඩ වසන සමිඳාණන් වහන්ස ඔබ දෙස මාගේ ඇස් ඔසවමි.


ඉශ්රායෙල් මෙසේ කියත් වා! “අපේ පැත්තට සමිඳාණෝ නොසිටි සේක් නම්,


සමිඳාණන් වහන්සේ විශ්වාස කරන්නෝ සියොන් කන්ද මෙන් අචල ය, සදාකාලික ය.


සමිඳාණන් වහන්සේ අප මුදා සියොනට ගෙනා කල, අපට එය සිහිනයක් මෙන් විය.


දෙවිඳුනි, රජතුමාට ඔබගේ විනිශ්චය කිරීමේ ඥානය දුන මැනව! රජ කුමරු හට යුක්තිගරුක ව ක්‍රියා කිරීමට ඔබගේ හැකියාව දුන මැනව!


එතුමාණෝ සදහට ම පිහිටෙවු පොළොව මෙන් ස්ථිර ව ද අහස් තලය මෙන් උසස් ව ද සිය ශුද්ධස්ථානය ඉදි කළ සේක.


මිනිසා සැලැස්ම සාදයි, සමිඳාණෝ ඔහුගේ ගමන හසුරුවන සේක.


මිනිස් ලොවෙහි තව දෙයක් මම තේරුම්ගතිමි. ශීඝ්‍ර ධාවකයාට නිතර ම දිනුම නොලැබේ. යුද බිමෙහි විකුම් පාන අයට නිතර ම ජය නොලැබේ. ප්‍රඥාවන්තයාට නිතර ම තම ජීවිකාව කරගත නොහැකි ය. බුද්ධිමත් අය නිතර ම ධනවත් අය නොවෙති. දක්ෂ විචක්ෂණ අය නිතර ම ඉහළ තනතුරු නොලබති. ඔය කාටත් අවසානය එළඹිය හැකි ය.


නුවර ඇවිදින මුර සෙබළුන් මට හමු වී “මා සිතින් ප්‍රේම කරන තැනැත්තා ඔබ දුටුවහු දැ”යි මම ඇසීමි.


නුවර මුර සෙබළු මට හමු වී මට පහර දී තුවාළ කළහ. පවුරුවල රැකවල්ලු මාගේ පොරෝණය මාගෙන් පැහැරගත්හ.


“එහි රැකවරණයාණෝ සමිඳාණන් වන මම ය. මම එය ජලයෙන් නිතර සාරවත් කරන්නෙමි. කිසිවෙකු එයට හානි නොකරන පිණිස මම එය මුර කරන්නෙමි.


සෙනඟගේ මුරකාරයන් සියල්ලෝ ම අන්ධ ය. කිසිවක් දන්නේ නැති ඔව්හු බුරන්න බැරි ගොළු බල්ලන් වැනි ය. බල්ලන් මෙන් ලැග හිඳිමින් හීන දකිති. නිදාගන්න ඉතා කැමැති ය.


එම්බා ජෙරුසලම! නුඹේ පවුරු පිට මම මුරකරුවන් සිටෙව්වෙමි. ඔව්හු රෑ වත්, දාවල් වත් කිසිසේත් නිශ්ශබ්ද නොවන්නෝ ය. සමිඳුන් අයැදින ඔබ විවේක නොගන්න.


බබිලෝනියේ පවුරුවලට පහර දෙන පිණිස ධජ සංකේතයක් ඔසවා සංඥා කරන්න. මුරපොළ සවි කර, මුරකාරයන් සිටුවා; රහස් රැකවල් සේනා පිහිටුවන්නැ’යි කී හ. සමිඳාණෝ බබිලෝනියේ වැසියන් ගැන වදාළ දේ එතුමන් යෝජනා කළ ලෙස ම කළ සේක.


නගරය හැම පැත්තෙන් ම අසු වී තිබෙන බව බබිලෝනියේ රජුට දන්වන පිණිස පණිවුඩකාරයන් පිට පණිවුඩකාරයන් යවනු ඇත.


ක්‍රිස්තුන් වහන්සේ උත්ථාන කරනු නොලැබූ සේක් නම් අපගේ දේශනා කිරීම නිරර්ථක ය; ඔබගේ ඇදහීමත් නිරර්ථක ය.


වැදගත් වන්නේ පැළ කළ තැනැත්තා වත්, වතුර දැමූ තැනැත්තා වත් නොව, වැඩීම සැලැසූ දෙවියන් වහන්සේ ය.


සමහර විට ඔබ උදෙසා මා දැරූ වෙහෙස නිෂ්ඵල වී දැ යි ඔබ ගැන මට බියක් ඇත.


ඔබට ධන සම්පත උපයාගැනීමට බල පුළුවන්කම දෙනුයේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ බව ඔබ සිහිපත් කළ යුතු ය. උන් වහන්සේ එසේ කරන්නේ, අද පවතින පරිදි උන් වහන්සේ ඔබේ පියවරුන්ට දිවුරුම් දුන් ගිවිසුම ඉටු කරන පිණිස ය.


එවිට, “දේශයෙහි ඔත්තු බලන පිණිස ඉශ්රායෙල් ජනයාගෙන් කීප දෙනෙක් අද රෑ මෙහි ඇවිත් සිටිති”යි ජෙරිකෝවේ රජුට සැළ විය.