1 ලේකම් 29:19 - Sinhala New Revised Version 201819 ඔබේ ආඥා ද ශික්ෂා ද පනත් ද පිළිපදින්නටත්, මේ සියල්ල ම ඉෂ්ට කරන්නටත්, මා සූදානම් කර තිබෙන මාලිගාව ගොඩනඟන්නටත් මාගේ පුත් සලමොන්ට ස්ථිර සිතක් දුන මැනව.” පරිච්ඡේදය බලන්නSinhala New Revised Version19 ඔබේ ආඥා ද ශික්ෂා ද පණත් ද පිළිපදින්නටත්, මේ සියල්ල ම ඉෂ්ට කරන්නටත්, මා සූදානම් කර තිබෙන මාලිගාව ගොඩනඟන්නටත් මාගේ පුත් සලමොන්ට ස්ථිර සිතක් දුන මැනව.” පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version19 ඔබගේ ආඥාද ශික්ෂාද පනත්ද පවත්වන්ටත්, මේ සියල්ලම ඉෂ්ටකරන්ටත්, මා විසින් සූදානම්කර තිබෙන මාලිගාව ගොඩනගන්ටත් මාගේ පුත්‍රවූ සාලමොන්ට සම්පූර්ණ සිතක් දුනමැනවයි කීවේය. පරිච්ඡේදය බලන්න |
“සලමොන්, මාගේ පුත්‍රය, ඔබ ඔබේ පියාගේ දෙවියන් වහන්සේ දැන හැඳිනගෙන, මුළු හෘදයෙන් හා සම්පූර්ණ කැමැත්තෙන් උන් වහන්සේට මෙහෙ කරන්න. මන්ද, සමිඳාණන් වහන්සේ සියලු සිත් විමසා අපේ සිතුම් පැතුම් තේරුම් ගන්න සේක. ඔබ උන් වහන්සේ සොයන්නෙහි නම්, උන් වහන්සේ ඔබට සම්බ වනු ඇත. එහෙත්, යම් හෙයකින් ඔබ උන් වහන්සේ අත්හැරියොත්, උන් වහන්සේ ඔබ සදහට ම අහක දමනු ඇත.