ඔබේ මෙහෙකරුගේ යහපත ගැන හොඳින් සලකා බැලුව මැනව. එවිට මම ජීවත් වන්නෙමි, ඔබේ ඉගැන්වීම් පවත්වන්නෙමි.
ගීතාවලිය 119:116 - Sinhala New Revised Version 2018 මා ජීවත් වන පිණිස ඔබේ පොරොන්දු ප්‍රකාර මට ශක්තිය දුන මැනව. මාගේ බලාපොරොත්තුව කඩ වීමෙන් ලජ්ජා වන්නට ඉඩ නෑරිය මැනව. Sinhala New Revised Version මා ජීවත් වන පිණිස ඔබේ පොරොන්දු ප්‍රකාර මට ශක්තිය දුන මැනව. මාගේ බලාපොරොත්තුව කඩ වීමෙන් ලජ්ජා වන්නට ඉඩ නෑරිය මැනව. Sinhala Revised Old Version මා ජීවත්වන පිණිස ඔබගේ වචනය ප්‍රකාර මා දැරුව මැනව; මාගේ බලාපොරොත්තුව ගැන ලජ්ජා නොවෙම්වා. |
ඔබේ මෙහෙකරුගේ යහපත ගැන හොඳින් සලකා බැලුව මැනව. එවිට මම ජීවත් වන්නෙමි, ඔබේ ඉගැන්වීම් පවත්වන්නෙමි.
මාගේ දෙවියෙනි ඔබ කෙරේ විශ්වාසය තබමි. මා ලජ්ජාවට පත් වන්න ඉඩ නුදුන මැනව; මා පරදා ජය හඬ නඟන්න මා සතුරන්ට ඉඩ නොතැබුව මැනව.
බිය නොවන්න; මම නුඹ සමඟ ය. මා නුඹේ දෙවිඳාණන් වන බැවින් තැති නොගෙන සිටින්න. මම නුඹ ශක්තිමත් කර නුඹට උපකාර කරන්නෙමි. මාගේ ජය හස්තයෙන් නුඹ ආරක්ෂා කර නුඹ ගළවන්නෙමි.
“මා සහාය දෙන මාගේ සේවකයා මෙන්න. මට ප්‍රිය වූ මාගේ තෝරාගත් තැනැත්තා මෙන්න. මාගේ ආත්මානුභාවය මා එතුමාට ප්‍රදානය කර ඇත. සියලු ජාතීන්ට එතුමා යුක්තිය ගෙන දෙනු ඇත.
එහෙත්, ඉශ්රායෙල්වරු සමිඳුන් විසින් ගළවනු ලැබූ හ. ඔවුන්ගේ ජයග්‍රහණය සදහට ම පවතින්නේ ය. සෙනඟ ලජ්ජාවටත්, නින්දාවටත් කිසි කලක නොපැමිණෙති.
එබඳු බලාපොරොත්තුවකින් කිසි ම කලකිරීමක් ඇති නොවෙයි. මන්ද, අපට දෙන ලද ශුද්ධාත්මයාණෝ දේව ප්‍රේමයෙන් අපේ සිත් පුරවන සේක.
එබැවින්: “බලන්න, තෝරාගත් ඉතා අනගි, කොණේ ප්‍රධාන ගලක් සියොන්හි තබමි; උන් වහන්සේ අදහන්නා ලජ්ජාවට නොපැමිණෙන්නේ ය”යි ශුද්ධ ලියවිල්ලෙහි කියා ඇත.