ඔබේ මෙහෙකරුගේ යහපත ගැන හොඳින් සලකා බැලුව මැනව. එවිට මම ජීවත් වන්නෙමි, ඔබේ ඉගැන්වීම් පවත්වන්නෙමි.
ගීතාවලිය 116:7 - Sinhala New Revised Version 2018 මාගේ සිත, යළි සන්සුන් වන්න. මන්ද, සමිඳාණෝ ඔබට බොහෝ සේ යහපත්කම් කළ සේක. Sinhala New Revised Version මාගේ සිත, යළි සන්සුන් වන්න. මන්ද, සමිඳාණෝ ඔබට බොහෝ සේ යහපත්කම් කළ සේක. Sinhala Revised Old Version මාගේ ආත්මය, තාගේ නිවාඩුවට හැරී යව; මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹට බොහෝසේ යහපත්කම් කළසේක. |
ඔබේ මෙහෙකරුගේ යහපත ගැන හොඳින් සලකා බැලුව මැනව. එවිට මම ජීවත් වන්නෙමි, ඔබේ ඉගැන්වීම් පවත්වන්නෙමි.
“ඒ නිසා, මාගේ මෙහෙකරු වූ ජාකොබ්ගෙන් පැවත එන සියල්ලෙනි, බිය නොවන්න. ඉශ්රායෙල් ජනයෙනි, නොකැළඹෙන්න. නුඹලා විප්‍රවාසී වී සිටින ඒ දුර රටින් මම නුඹලා ගළවාගන්නෙමි. ජාකොබ්ගේ පරපුර වහල්කමෙන් හැරී අවුත්, කිසිවෙකුට බිය නොවී, නිසංසල ව, සුව සේ සිටිනු ඇත. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය.
සමිඳාණන් වහන්සේ සිය සෙනඟට මෙසේ වදාරන සේක: “මං සන්ධිවල සිට බලා, පුරාණ මාර්ග මොනවා දැ යි ද යහපත් මාර්ගය කුමක් දැ යි ද අසා ඒ මඟ ඇවිදින්න; එවිට නුඹලාට සහනය ලැබෙන්නේ ය.”
ඈ සිය පෙම්වතුන් පසුපස ගියත්, ඔවුන් වෙත පැමිණෙන්නේ නැත; ඔවුන් සොය සොයා ගියත්, ඔවුන් හමු වන්නේ නැත. එවිට ඈ මෙසේ කියනු ඇත: ‘මම මාගේ පළමු සැමියා වෙත හැරී යමි. මන්ද, අදට වඩා එදා යහපත් ව තිබිණි.’