එතුමාණෝ බොහෝ වර සිය සෙනඟ මිදූ සේක. එහෙත්, ඔව්හු ඉන් පසුත් අකීකරු ව කැරලි ගැසූ බැවින්, සිය අයුතුකම නිසා නින්දා කරනු ලැබුවෝ ය.
ගීතාවලිය 116:6 - Sinhala New Revised Version 2018 සමිඳාණෝ නිහතමානි අය සුරකින සේක. මා අනතුරේ වැටී සිටිය දී එතුමාණෝ මා ගළවාගත් සේක. Sinhala New Revised Version සමිඳාණෝ නිහතමානි අය සුරකින සේක. මා අනතුරේ වැටී සිටිය දී එතුමාණෝ මා ගළවාගත් සේක. Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ යටහතුන් ආරක්ෂාකරනසේක. මම පහත්කරනු ලැබීමි, උන්වහන්සේ මා ගළවාගත්සේක. |
එතුමාණෝ බොහෝ වර සිය සෙනඟ මිදූ සේක. එහෙත්, ඔව්හු ඉන් පසුත් අකීකරු ව කැරලි ගැසූ බැවින්, සිය අයුතුකම නිසා නින්දා කරනු ලැබුවෝ ය.
මාගේ මොරගැසීමට කන් දුන මැනව. මම දුක් සයුරේ කිඳා ගොස් සිටිමි. මට පීඩා කරන්නන්ගෙන් මා ගැළෙවුව මැනව. මන්ද, ඔව්හු මට වඩා බලවත් ය.
සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාව පරිසමාප්ත ය; ජීවිතය පණ ගන්වන්නේ ය. සමිඳුන්ගේ නීතිය සත්‍යවාදී ය; අනුවණයන්ට නුවණ දෙන්නේ ය.
අපේ පියවරුන්ගේ දුෂ්ට ක්‍රියා අපට විරුද්ධ ව සිහි නොකළ මැනව. ඔබේ මෘදු දයාව අප කෙරෙහි විගස පැමිණෙවුව මැනව. අපේ බලාපොරොත්තු සියල්ල සුන් වී ඇත.
ශුද්ධවන්තකමේ මාර්ගය යන නමින් මහා මාවතක් එහි ඇති වේ. පවිටුන්ට එහි ගමන් කළ නොහැකි ය. අනුවණයන් ද එහි මුළා නොවේ.
ඒ අවස්ථාවේ දී ජේසුස් වහන්සේ උත්තර දෙමින් මෙසේ වදාළ සේක: “ස්වර්ගයටත්, පොළොවටත් ස්වාමීන් වන පියාණන් වහන්ස, ඔබ වහන්සේ මේ කරුණු පැණවතුන් හා නැණවතුන් කෙරෙන් ආවරණය කොට, බාලයන්ට අනාවරණය කළ හෙයින් ඔබට තුති පුදමි.
සුබ අස්න කෙරෙහි ඔබගේ කීකරුකම පිළිබඳ කීර්තිය දසදිග පැතිර ඇත. එය මට මහත් ප්‍රීතියකි. එසේ වුව ද, ඔබ යහපතෙහි දක්ෂයන් වී නපුරෙහි අදක්ෂයන් වනු දැක්ම මාගේ ආශාවයි.
අපගේ පාරට්ටුව මෙයයි. එනම්, ලෝකයා අතරත් විශේෂයෙන් ඔබ අතරත් අපගේ හැසිරීම, ලෞකික ප්‍රඥාවෙන් නොව දේව වරප්‍රසාදයෙන් ද දෙවියන් වහන්සේ දුන් ශුද්ධවන්තකමින් ද අවංකකමින් ද පාලනය වූ බවට අපගේ හෘදය සාක්ෂිය සහතික කරයි.
එහෙත් සර්පයා, සිය උපායෙන් ඒව රැවටුවාක් මෙන්, යම් විධියකින්, ඔබේ සිත් දූෂණය වී, ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි පැවති ඔබේ අවංක බව හා නිර්මලතාව පිරිහෙනු ඇත්දැ යි මට භයක් ඇත.
දාසයෙනි, ඔබේ සමිඳාණන් වහන්සේට ගෞරව දැක්වීමක් වශයෙන් ඔබේ මෙලොව ස්වාමිවරුන්ට සියලු කාරණාවල දී කීකරු වන්න. මූණිච්චාවට ඔවුන් සතුටු කරන අදහසින් නොව, අවංක සිතින් සේවය කරන්න.