Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගීතාවලිය 106:43 - Sinhala New Revised Version 2018

43 එතුමාණෝ බොහෝ වර සිය සෙනඟ මිදූ සේක. එහෙත්, ඔව්හු ඉන් පසුත් අකීකරු ව කැරලි ගැසූ බැවින්, සිය අයුතුකම නිසා නින්දා කරනු ලැබුවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

43 එතුමාණෝ බොහෝ වර සිය සෙනඟ මිදූ සේක. එහෙත්, ඔව්හු ඉන් පසුත් අකීකරු ව කැරලි ගැසූ බැවින්, සිය අයුතුකම නිසා නින්දා කරනු ලැබුවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

43 උන්වහන්සේ බොහෝ වර ඔවුන් මිදූසේක; නුමුත් ඔව්හු ස්වකීය මන්ත්‍රණයෙන් කැරළිගසා, ස්වකීය අයුතුකම නිසා පහත්කරනු ලැබුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 106:43
11 හුවමාරු යොමු  

දුදනන් උපදෙස් අනුව නොයන, පව්කරුවන්ගේ මඟ නොයන, දෙවියන් වහන්සේ ගරහන්නන් ඇසුරු නොකරන,


මෙසේ ඔව්හු තමන්ගේ ක්‍රියාවලින් එතුමාණන් කුපිත කළහ. ඒ නිසා වසංගතයක් ඔවුන් අතරට පැමිණියේ ය.


මන්ද, ඔව්හු දෙවිඳුන්ගේ ආඥාවට විරුද්ධ ව කැරලි ගැසුවෝ ය; මහෝත්තමයාණන්ගේ උපදෙස් හෙළා දුටුවෝ ය.


ඔවුන්ගේ ගල් සිත නිසා, මම ඔවුන් ප්‍රතික්ෂේප කෙළෙමි. එවිට ඔව්හු ඔවුන්ගේ ම මතිමතාන්තර අනුව ගමන් කළෝ ය.


සීදොන්වරුන් සහ අමලෙක්වරුන් ද මායොන්වරුන් ද නුඹලාට පීඩා කළ විට, නුඹලා මට මොරගැසූ කල්හි ඔවුන්ගේ අතිනුත් මම නුඹලා ගැළෙවුවෙමි.


ඔවුන් අමුතු දෙවිවරුන් තෝරාගත් කල, දොරටු කරා යුද්ධය පැමිණියේ ය. ඉශ්රායෙල්හි සතළිස්දහසක් අතරේ පලිහක් වත්, හෙල්ලයක් වත් දකින්නට ලැබුණේ ද?


ඔව්හු තමන්ගේ ගවයන් ද කූඩාරම් ද ඇතිව පැමිණියෝ ය; ඔව්හු ද ඔවුන්ගේ ඔටුවෝ ද ගණන් කළ නොහැකි විශාල පළඟැටියන් සංබ්‍යාවක් මෙන් අවුත් දේශය විනාශ කරන පිණිස එයට ඇතුළු වුණෝ ය.


මිදියන්වරුන් නිසා ඉශ්රායෙල්වරු ඉතා දුඃඛිත තත්ත්වයකට පත් වුණෝ ය. එවිට ඉශ්රායෙල්වරු සමිඳාණන් වහන්සේට මොරගැසුවෝ ය.


හෙබ්‍රෙව්වරුන් කඩු ද හෙල්ල ද සාදා ගැනීම වැළැක්වීමට පිලිස්තිවරුන් අධිෂ්ඨාන කරගෙන සිටි නිසා මුළු ඉශ්රායෙල් දේශයෙහි කම්මල්කාරයෙකු සොයා ගන්නට බැරි විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්