ඒ තැනැත්තා ද, “පහන් වේගන එන බැවින් මට යන්න හරින්නැ”යි කී විට ජාකොබ්, “ඔබ මට ආශීර්වාද කළොත් මිස මම ඔබට යන්න නොහරින්නෙමි”යි උත්තර දුනි.
ගණන් කථාව 6:27 - Sinhala New Revised Version 2018 ‘ඔවුන් ඉශ්රායෙල් ජනයා වෙනුවෙන් මාගේ නාමය කියා අයැදිනවා ඇත. එවිට මම ද ඔවුනට ආසිරි වස්වමි.’ ” Sinhala New Revised Version ‘ඔවුන් ඉශ්රායෙල් ජනයා වෙනුවෙන් මාගේ නාමය කියා අයැදිනවා ඇත. එවිට මම ද ඔවුනට ආසිරි වස්වමි.’ “ Sinhala Revised Old Version මෙසේ ඔව්හු මාගේ නාමය ඉශ්‍රායෙල් පුත්‍රයන් පිට තබත්වා; මමද ඔවුන්ට ආශීර්වාදකරන්නෙමියි කීසේක. |
ඒ තැනැත්තා ද, “පහන් වේගන එන බැවින් මට යන්න හරින්නැ”යි කී විට ජාකොබ්, “ඔබ මට ආශීර්වාද කළොත් මිස මම ඔබට යන්න නොහරින්නෙමි”යි උත්තර දුනි.
ජාකොබ් කතා කොට, “කරුණාකර ඔබේ නම ද මට කියන්නැ”යි ඉල්ලී ය. එවිට ඔහු, “ඔබ, මාගේ නම අසන්නේ මන්දැ”යි කියා ජාකොබ්ට එහි දී ආශීර්වාද කෙළේ ය.
මිහි පිට කුමන ජාතියක් ඔබේ සෙනඟ වන ඉශ්රායෙල්ට සමාන ද? දෙවි ස්වාමීන් වහන්ස, තමන් සෙනඟ වන පිණිස දෙවියන් වහන්සේ විසින් වහල්කමින් මුදාගන්න ලද තවත් ජාතියක් ඇද් ද? ඔබ වහන්සේ කීර්තිය දිනාගන්න පිණිස උදාර වූ, භයානක වූ දේ කර දුන් තවත් ජාතියක් ඇද් ද? අන්‍ය ජාතීන් ද පන්නා දමා, ඔවුන්ගේ දෙවිවරුන් ද පන්නා දමා, මිසර දේශයෙන් තමන් වහන්සේ උදෙසා මුදාගත් ජාතියට සමාන අන් ජාතියක් ඇද් ද?
ජාබෙශ් ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේට යාච්ඤා කොට, “අහෝ, ඔබ මට ආශීර්වාද කර, මාගේ සීමාව විශාල කර, ඔබේ අතින් මට පිහිට වී, මට දුක් නූපදින ලෙස විපතෙන් මා ආරක්ෂා කළ මැනව”යි කීවේ ය. දෙවියන් වහන්සේ ද ඔහුගේ ඉල්ලීම ඉෂ්ට කළ සේක.
මාගේ නාමය දරන මාගේ සෙනඟ බැගෑපත් වී, යාච්ඤා කර, මා සොයා තමන්ගේ නපුරු මාර්ග අත්හැරියොත්, මම ස්වර්ගයේ සිට එය අසා, ඔවුන්ගේ පව් කමා කොට ඔවුන්ගේ දේශයට සෙත සලසන්නෙමි.
මම ආබ්‍රහම්ට ද ඊසාක්ට ද ජාකොබ්ට ද සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේ මෙන් ප්‍රකාශ වූයෙමි. එහෙත් මම, සමිඳාණන් වහන්සේ යන නාමයෙන් ඔවුන් හට ප්‍රකාශ නොවූයෙමි.
ඔබ සිත් වියවුල් වූ මිනිසෙකු මෙන් ද යමෙකු ගළවන්නට බැරි බලවතෙකු මෙන් ද වී සිටින්නේ මන් ද? එහෙත් සමිඳුනි, ඔබ අප මධ්‍යයෙහි සිටින සේක. ඔබේ නාමයෙන් හැඳින්වෙන අපි ඔබේ සෙනඟ වමු; අප අත් නොහළ මැනව.’ ”
එබැවින් ඔබ ගොස්, සකල ජාතීන් ශ්‍රාවකයන් කරන්න; පියාණන්ගේ ද පුත්‍රයාණන්ගේ ද ශුද්ධාත්මයාණන්ගේ ද නාමයෙන් ඔවුන් බව්තීස්ම-ස්නාපනය කරන්න;
ක්‍රිස්තුන් වහන්සේ තුළින් ස්වර්ගීය ස්ථානවල සියලු ආධ්‍යාත්මික ආශීර්වාද අපට දෙවා වදාළ, අපගේ ස්වාමීන් වන, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පියාණන් වූ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේ වා!