Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 6:27 - Sinhala Revised Old Version

27 මෙසේ ඔව්හු මාගේ නාමය ඉශ්‍රායෙල් පුත්‍රයන් පිට තබත්වා; මමද ඔවුන්ට ආශීර්වාදකරන්නෙමියි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 ‘ඔවුන් ඉශ්රායෙල් ජනයා වෙනුවෙන් මාගේ නාමය කියා අයැදිනවා ඇත. එවිට මම ද ඔවුනට ආසිරි වස්වමි.’ “

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 ‘ඔවුන් ඉශ්රායෙල් ජනයා වෙනුවෙන් මාගේ නාමය කියා අයැදිනවා ඇත. එවිට මම ද ඔවුනට ආසිරි වස්වමි.’ ”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 6:27
19 හුවමාරු යොමු  

මාගේ නාමය දරන මාගේ සෙනඟ යටත්වී යාච්ඤාකර මාගේ මුහුණ සොයා තමුන්ගේ නපුරු මාර්ග අත්හැරියොත්, මම ස්වර්ගයේ සිට අසා ඔවුන්ගේ පව් කමාකොට ඔවුන්ගේ දේශය සුවකරන්නෙමි.


ස්වාමීන්වහන්සේගේ නාමය නුඹ කෙරෙහි තබා තිබෙන බව පොළොවේ සියලු මනුෂ්‍ය වර්ගයෝ දැක නුඹට භයවන්නෝය.


අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා. මක්නිසාද උන්වහන්සේ ඉදිරිපිට ප්‍රේමයෙන් ශුද්ධව, නොකැලැල්ව සිටින පිණිස,


ඔබ ත්‍රස්තවී සිටින මනුෂ්‍යයෙකු මෙන්ද ගළවන්ට බැරි බලවන්තයෙකු මෙන්ද සිටින්නෙක් මක්නිසාද? එහෙත්, ස්වාමීන්වහන්ස, ඔබ අප මධ්‍යයෙහි සිටිනසේක, ඔබගේ නාමයත් අප කෙරෙහි තබා තිබේ; අප අත්නෑරිය මැනව.


එනම් මාගේ නාමය දරන්නාවූ මාගේ ගෞරවය පිණිස මා විසින් මවා තනා සෑදුවාවූ සියල්ලන් ගෙනෙන්නැයි කියාත් කියන්නෙමි.


මක්නිසාද ඔබ ධර්මිෂ්ඨයාට ආශීර්වාද කරනසේක; ස්වාමිනි, ඔබ පලිහකින් මෙන් කරුණාවෙන් ඔහු වටකරනසේක.


යාබෙශ්ද ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්වහන්සේට යාච්ඤාකොට: අහෝ, ඔබ මට ආශීර්වාදකර, මාගේ සීමාව විශාලකර, ඔබගේ අතින් මට පිහිටවී, මට දුක් නූපදින ලෙස විපතෙන් මා ආරක්ෂා කළ මැනවයි කීවේය. දෙවියන්වහන්සේද ඔහුගේ ඉල්ලීම ඉෂ්ටකළසේක.


යාකොබ්ද: ඔබගේ නාමය මට කිවමැනවයි ඉල්ලුවේය. උන්වහන්සේ: නුඹ කුමක්හෙයින් මාගේ නාමය විචාරනවාදැයි කියා එහිදී ඔහුට ආශීර්වාද කළසේක.


එබැවින් නුඹලා ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරන්න, පියාණන්ගෙත් පුත්‍රයාණන්ගෙත් ශුද්ධාත්මයාණන්ගෙත් නාමයට ඔවුන් බව්තීස්මකරන්න.


දෙවියන්වහන්සේ අපට ආශීර්වාද කරනසේක; පොළොවේ සියලු සීමාවෝද උන්වහන්සේට භයවන්නෝය.


බලව, ආශීර්වාදකරන්ට අණ ලැබීමි. උන්වහන්සේ ආශීර්වාදකළසේක, මට එය වෙනස්කරන්ට නොහැක්කේය.


උන්වහන්සේ කථාකොට: පහන්වෙන බැවින් මා යන්ට හරින්නැයි කීසේක. ඔහුද: ඔබ මට ආශීර්වාදකළොත් මිස නැත්නම් යන්ට නොහරිමියි කීය.


පොළොවේ මොන ජාතියක් ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ට සමානද? මක්නිසාද දෙවියන්වහන්සේ තමන්ට සෙනඟක් කොට ඔවුන් මුදාගන්න පිණිස ඊමටත් තමන්ට නාමයක් උපදවාගැනීමටත් ඔබ මිසරයෙන්ද ජාතීන්ගෙන්ද ඔවුන්ගේ දෙවිවරුන්ගෙන්ද ඔබට මුදාගත්තාවූ ඔබගේ සෙනඟ ඉදිරියේදී ඔබගේ දේශය උදෙසා ඔබ මහත්වූ භයානකවූ දේ කළසේක.


මම ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද සර්වපරාක්‍රම දෙවියන්වහන්සේ ලෙස පෙනුණෙමි, නුමුත් යෙහෝවඃ යන මාගේ නාමයෙන් ඔවුන්ට ප්‍රකාශනූණෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්