ජෝසෙප් හිස ඔසවා බැලූ කල තම මවගේ පුත්‍රයා වන, තම සහෝදර බෙන්ජමින් දැක, “නුඹලා මට කී නුඹලාගේ බාල ම සහෝදරයා මොහු දැ”යි අසා, “මා පුත, ඔබට දෙවි සරණ ලැබේ වා!”යි කීවේ ය.
ගණන් කථාව 6:25 - Sinhala New Revised Version 2018 ‘සමිඳාණෝ ඔබ දෙස දයාවෙන් බලා ඔබට කරුණා කරන සේක් වා! Sinhala New Revised Version ‘සමිඳාණෝ ඔබ දෙස දයාවෙන් බලා ඔබට කරුණා කරන සේක් වා! Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ ස්වකීය මුහුණ නුඹ කෙරෙහි බබළවා නුඹට කරුණාකරනසේක්වා. |
ජෝසෙප් හිස ඔසවා බැලූ කල තම මවගේ පුත්‍රයා වන, තම සහෝදර බෙන්ජමින් දැක, “නුඹලා මට කී නුඹලාගේ බාල ම සහෝදරයා මොහු දැ”යි අසා, “මා පුත, ඔබට දෙවි සරණ ලැබේ වා!”යි කීවේ ය.
ඔබ ඔහුට සදහට ම ඉමහත් ආසිරි දානය කරන සේක; ඔබ ඔහු සමඟ සිටීමෙන් ඇති වන ප්‍රීතියෙන් ඔහු පිනවන සේක.
දෙවිඳාණෝ අප වෙත දයාව පෙන්වමින් අපට ආශීර්වාද කරන සේක් වා! ස්වකීය මුහුණ අප කෙරෙහි බබළවන සේක් වා!
අහෝ සමිඳුනි! සව් බලැති දෙවිඳුනි! අප ආපසු ගෙන ගිය මැනව. අප මිදෙන පිණිස ඔබේ සිරි වත සිරිය පෙන්වුව මැනව.
සව් බලැති දෙවිඳුනි, අප ආපසු ගෙන ගිය මැනව. අප මිදෙන පිණිස ඔබේ සිරි වත සිරිය පෙන්වුව මැනව.
මා වෙත හැරී මට අනුකම්පා කළ මැනව; මා ශක්තිමත් කොට මා ගැළෙවුව මැනව. මන්ද, මාගේ මව ඔබට සේවය කළ පරිදි මම ද ඔබට සේවය කරමි.
උන් වහන්සේ එවිට පිළිතුරු දෙමින්, “මම මාගේ ශෝභනාලංකාරය නුඹට පෙරටුව යන්නට සලස්වමි. මම නුඹ ඉදිරියෙහි ‘සමිඳාණන් වහන්සේ’ වන මාගේ නාමය ප්‍රකාශ කරන්නෙමි. කරුණාව පෑමට මා කැමැති තැනැත්තාට මම කරුණාව පාමි, දයාව පෑමට කැමැති තැනැත්තාට මම දයාව පාමි”යි වදාළ සේක.
“අපට කරුණා කරන මෙන් දෙවියන් වහන්සේගෙන් අයැදින්න. එවැනි පූජාවක් ඔබේ අතින් පිළිගෙන සමිඳාණන් වහන්සේ ඔබට කරුණා කරන සේක් දැ”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.
කුමක්හෙයින් ද, ව්‍යවස්ථාව මෝසෙස් මඟින් දෙන ලද්දේ ය; එහෙත් දේව වරප්‍රසාදය හා සත්‍යය ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මඟින් පැමිණියේ ය.
දෙවියන් වහන්සේට ප්‍රිය වූ, උන් වහන්සේට කැප කරන ලද සෙනඟක් වන රෝමයෙහි සිටින ඔබ හැම දෙනා වෙත මෙය ලියා එවමි. අපගේ පියාණන් වන දෙවියන් වහන්සේගෙන් ද ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන් ද කරුණාවත් ශාන්තියත් ඔබට වේ වා!