ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ක්‍රියා 13:19 - Sinhala New Revised Version 2018

උන් වහන්සේ කානාන් දේශයේ ජාතීන් හතක් විනාශ කොට, අවුරුදු හාරසිය පණහක පමණ කාලයක් ඒ ජාතීන්ගේ දේශය ඔවුන්ට උරුම කොට දුන් සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

උන් වහන්සේ කානාන් දේශයේ ජාතීන් හතක් විනාශ කොට, අවුරුදු හාරසිය පණහක පමණ කාලයක් ඒ ජාතීන්ගේ දේශය ඔවුන්ට උරුම කොට දුන් සේක.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

උන්වහන්සේ කානාන් දේශයේ ජාතීන් හතක් විනාශ කර, ඔවුන්ගේ දේශය තම ජනයාට උරුමයක් කොට දුන් සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

උන්වහන්සේ කානාන් දේශයේ ජාතීන් හතක් විනාශකොට, අවුරුදු හාරසිය පනහක් පමණ කාලයකට ඒ ජාතීන්ගේ දේශය උරුමයක් කොට ඔවුන්ට දුන්සේක.

පරිච්ඡේදය බලන්න



ක්‍රියා 13:19
16 හුවමාරු යොමු  

මෙසේ ආබ්‍රම් සිය බිරිඳ වන සාරයි ද තම සොහොයුරාගේ පුත් වන ලොත් ද හාරාන් දේශයෙන් රැස් කරගත් සියලු සම්පත් හා දැසිදසුන් ද රැගෙන කානාන් දේශය බලා නික්ම ගොස් එහි සැපත් විය.


නුඹ දැන් ආගන්තුක ව වසන මේ දේශය-මේ මුළු කානාන් දේශය, නුඹට ද, නුඹෙන් පසු පැවතෙන නුඹේ පෙළපතට ද මම සදහට ම අයිති කොට දෙමි. මම ද ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි.”


තවද, ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙන් පිටත් ව ආපසු පැමිණ හාරසිය අසූ වන අවුරුද්දේ එනම්, ඉශ්රායෙල්වරුන් කෙරෙහි සලමොන් රජකම් කිරීමට පටන්ගෙන සතර වන අවුරුද්දේ දෙ වන‍ මාසය වූ ශිව් මාසයේ දී ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාව ගොඩනඟන්නට පටන්ගත්තේ ය.


ඔවුන්ගේ දරුවෝ ද ඇතුළු වී දේශය හිමි කරගත්තෝ ය. ඔබ ඔවුන්ට පෙරටුවෙන් දේශයේ වැසියන් වූ කානානිවරුන් යටත් කර ඔවුන්ගේ කැමැත්ත ලෙස කිරීමට ඒ තැනැත්තන් ද ඔවුන්ගේ රජවරුන් ද දේශයේ ජාතීන් ද ඔවුන් අතට පාවා දුන් සේක.


අමෝරිවරුන්ගේ රජ වූ සීහොන් ද බාෂාන්හි රජ වූ ඕග් ද කානාන්හි සියලු රාජ්‍යයන් ද වැනසූ සේක.


එහි පෙර විසූ මිසදිටු ජාතීන් පන්නාදමා ඔවුන්ට ඒ රට උරුම කොට බෙදා දුන් සේක; ඔවුන්ගේ කූඩාරම්වල ඉශ්රායෙල් ගෝත්‍රයන් පදිංචි කරවූ සේක.


දාදු දමා, දේශය ඔවුන් අතරේ බෙදා එකිනෙකාට කොටසක් දෙන්නේ සමිඳාණෝ ය. ඔවුන් එය සදාකාලයට ම උරුම කරගෙන පරම්පරාවෙන් පරම්පරාවට එහි වාසය කරනු ඇත.


අපගේ පියවරු ජෝෂුවා හා සමඟ, දෙවියන් වහන්සේ ඔවුන් ඉදිරියෙන් පන්නාදැමූ විජාතීන්ගේ දේශය අයිති කරගත් අවස්ථාවේදීත්, ඔවුන් ලබාගත් මේ කූඩාරම ද ගෙන ගොස් දාවිත්ගේ කාලය දක්වා තබාගත්හ.


ඔබ අයිති කරගන්නට යන දේශයට “දෙවි සමිඳාණන් වහන්සේ ඔබ පැමිණෙවූ කල, ඔබ ඉදිරියට යන විට ඔබට වඩා ගණනින් විශාල, බලවත් ජාතීන් හතක් වන හිත්තීවරුන් සහ ගිර්ගාෂිවරුන් ද, අමෝරිවරුන් සහ කානානිවරුන් ද, පෙරෙස්සිවරුන් සහ හිවීවරුන් ද, ජෙබුසිවරුන් ද උන් වහන්සේ පලවා හරින සේක.


ඉශ්රායෙල් සෙනඟට කානාන් දේශයෙන් ලැබූ උරුම කොටස් මේවා ය. පූජක එලෙයාසර් ද නූන්ගේ පුත් ජෝෂුවා ද ඉශ්රායෙල් ජනයාගේ ගෝත්‍රවල පවුල් ප්‍රධානීහු ද ඒවා ඔවුන්ට බෙදා දුන්නෝ ය.


ජෝෂුවා ඔවුන් උදෙසා ෂිලෝහි දී සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පස ඇට දමා එහි දී ඉශ්රායෙල් ජනයාගේ කොට්ඨාශවල හැටියට දේශය බෙදා දුන්නේ ය.


පූජක එලෙයාසර් ද නූන්ගේ පුත් ජෝෂුවා ද ඉශ්රායෙල් ජනයාගේ ගෝත්‍රවල පිය පෙළපත් ප්‍රජා මූලිකයන් ද ෂිලෝහි දී සම්මුඛ මණ්ඩපයේ දොරකඩ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි බෙදා දුන් උරුම මේවා ය. මෙසේ ඔව්හු දේශය බෙදා නිම කළෝ ය.


ඉතිරි වී සිටින විජාතීන්ගේ ද මා විසින් සිඳ දමනු ලැබූ සියලු විජාතීන්ගේ ද දේශය, ජොර්දාන් ගඟ පටන් බස්නාහිර මධ්‍යධරණි මුහුද දක්වා ඔබේ ගෝත්‍රවලට උරුමයක් කොට පස ඇට දමා මම ඔබට බෙදා දුනිමි.


නුඹලා ජොර්දානින් එගොඩ වී ජෙරිකෝවට පැමිණියහු ය. ජෙරිකෝවේ වැසියෝ ද අමෝරිවරු ද පෙරිස්සිවරු ද කානානිවරු ද හිත්තීවරු ද ගිර්ගාෂිවරු ද හිවීවරු ද ජෙබුසිවරු ද නුඹලාට විරුද්ධ ව සටන් කළෝ ය. මම ඔවුන් නුඹලා අතට පාවා දුනිමි.


ඉශ්රායෙල්වරුන් වනාහි හෙෂ්බොන් හා ඊට අයිති නගරවල ද අරෝයෙර් හා ඊට අයිති නගරවල ද අර්ණොන් අසබඩ තිබෙන සියලු නගරවල ද අවුරුදු තුන්සියයක් වාසය කරද්දී ඔබ ඒ කාලය අතරතුරේ දී ඒවා ගළවා නොගත්තේ මන් ද?