Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යොෂුවා 18:10 - Sinhala New Revised Version 2018

10 ජෝෂුවා ඔවුන් උදෙසා ෂිලෝහි දී සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පස ඇට දමා එහි දී ඉශ්රායෙල් ජනයාගේ කොට්ඨාශවල හැටියට දේශය බෙදා දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 ජෝෂුවා ඔවුන් උදෙසා ෂිලෝහි දී සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පස ඇට දමා එහි දී ඉශ්රායෙල් ජනයාගේ කොට්ඨාශවල හැටියට දේශය බෙදා දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 යෝෂුවා ඔවුන් උදෙසා ෂීලෝහිදී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පස ඇට දමා එහිදී ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ කොට්ඨාසවල හැටියට ඔවුන්ට දේශය බෙදාදුන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 18:10
24 හුවමාරු යොමු  

දෙගොල්ල ගැන ම එකට පස ඇට දමා සංවිධාන කෙළේ ය. මන්ද, ශුද්ධස්ථානයේ අධිපතියෝත්; දෙවියන් වහන්සේගේ අධිපතියෝත් එලෙයාසර්ගේ පුත්‍රයන් අතරේ සහ ඊතාමාර්ගේ පුත්‍රයන් අතරේත් වූ හ.


තවද, සෙනඟගේ අධිපතීහු ජෙරුසලමෙහි වාසය කළෝ ය. සෙසු සෙනඟ තමන් අතරෙන් දසදෙනෙකුගෙන් එක් කෙනෙකු බැගින් ශුද්ධ නුවර වන ජෙරුසලමෙහි වාසය කිරීමට එවන පිණිස පස ඇට දැමුවෝ ය. සෙසු කොටස් නුවරවල වාසය කළෝ ය.


තම හට ප්‍රිය ජාකොබ්ගේ සෙනඟ වන අප හට මවු බිමක් ලබා දුන් සේක.


අහෝ දෙවිඳුනි! ඔබ මාගේ බාර හාරවලට සවන් දුන් සේක. ඔබේ නාමයට ගරුබිය පාන අයගේ උරුමය මට දුන් සේක.


පස ඇට දැමීමෙන් උසාවියේ නඩුවක් විසඳිය හැකි ය, බලවත් දෙගොල්ලක් අතර සාමය ඇති කළ හැකි ය.


මා නමස්කාරය ලබන පිණිස මා මුලින් ම තෝරාගත් ස්ථානය වන ෂිලෝවට ගොස්, මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ දුෂ්ටකම නිසා මා ඊට කළ දේ බලන්න.


නුඹලාටත්, නුඹලා අතරේ වාසය කරන, නුඹලා අතරෙහි දරුවන් ඉපදී සිටින විදේශීන්ටත් උරුමයක් පිණිස පස ඇට දමා බෙදාගන්න. ඔව්හු ඉශ්රායෙල්වරුන් අතරෙහි පුරවැසියන් මෙන් නුඹලා සමඟ සිටිත්වා. නුඹලා සමඟ ඉශ්රායෙල් ගෝත්‍ර අතරෙහි පස ඇට දැමීමෙන් ඔවුන්ට උරුමයක් වන්නේ ය.


“ඉශ්රායෙල් ගෝත්‍රවලට උරුමයක් පිණිස නුඹලා පස ඇට දමා බෙදිය යුතු දේශය එය වේ. ඔවුන්ගේ කොටස් ඒවා ය.” මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.


එබැවින් සමිඳාණන් වහන්සේගේ සෙනඟ අතර දේශය නැවත බෙදා දෙන දවසේ දී, නුඹලාගෙන් කිසිවෙකු වත් එයින් කොටසක් නොලබන්නේ ය.


සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:


උන් වහන්සේ කුරුසියෙහි ඇණ ගැසූ පසු, ඔව්හු උන් වහන්සේගේ ඇඳුම් දාදු දමා බෙදාගත්හ.


මන්ද, ඔබ විසින් පුත්‍රයාණන්ට දෙන ලද සියල්ලන් හට සදාතන ජීවනය දෙන පිණිස, සකල මනුෂ්‍ය වර්ගයා කෙරෙහි ආධිපත්‍යය ඔබ වහන්සේ පුත්‍රයාණන්ට දුන් සේක.


උන් වහන්සේ කානාන් දේශයේ ජාතීන් හතක් විනාශ කොට, අවුරුදු හාරසිය පණහක පමණ කාලයක් ඒ ජාතීන්ගේ දේශය ඔවුන්ට උරුම කොට දුන් සේක.


මා අදහාගැනීමෙන් ඔවුන් පව් කමාව ද, දෙවියන් වහන්සේගේ ම ජනතාව අතරෙහි උරුමයක් ද ලබන පිණිස ඔවුන් අන්ධකාරයෙන් ආලෝකයට ද, සාතන්ගේ බලයෙන් දෙවියන් වහන්සේ වෙතට ද හැරෙන ලෙස ඔවුන්ගේ ඇස් පැහැදවීමට ඔවුන් වෙතට ඔබ යවමි’යි වදාළ සේක.


ආලෝකයේ වසන සැදැහැවතුන්ගේ උරුමයට පංගුකාරයන් වීමට ඔබ සුදුස්සන් කළ පියාණන් වහන්සේට ස්තුති කරන්න.


සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ගෝත්‍ර නවයටත්, අර්ධ ගෝත්‍රයටත් දාදු දැමීමෙන් ඔවුන්ගේ උරුම ලැබුණේ ය.


ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි කරමින් දේශය බෙදුවෝ ය.


බෙන්ජමින් පරපුරේ කොටස ඔවුන්ගේ පවුල් ගණන අනුව වැටුණේ ය. ඔවුන්ගේ කොටසේ පළාත ජුදාගේ පරපුරටත්, ජෝසෙප්ගේ පරපුරටත් අතරේ නියම වුණේ ය.


ඔබ හැම දේශය සත් කොටසකට බෙදා, එහි භූමි සටහනක් මා ළඟට ගෙනෙන්න. මම අපේ දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔබ හැම වෙනුවට මෙහි දී පස ඇට දමන්නෙමි.


ඒ මනුෂ්‍යයෝ පිටත් ව ගියෝ ය. ජෝෂුවා දේශයේ භූමි සටහනක් ගැනීමට පිටත් ව යන අයට අණ කරමින්, “ඔබ ගොස් ඒ දේශයෙහි ඇවිද එහි භූමි සටහන් කරගෙන මා ළඟට හැරී එන්න; මම මෙහි ෂිලෝහි දී සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔබ උදෙසා පස ඇට දමන්නෙමි”යි කීවේ ය.


ඒ මනුෂ්‍යයෝ දේශයෙහි ඇවිද, එය කොටස් හතකට බෙදා, නගරයෙන් නගරයට පොතක සටහන් කරගෙන ෂිලෝහි කඳවුරේ සිටි ජෝෂුවා ළඟට ආවෝ ය.


පූජක එලෙයාසර් ද නූන්ගේ පුත් ජෝෂුවා ද ඉශ්රායෙල් ජනයාගේ ගෝත්‍රවල පිය පෙළපත් ප්‍රජා මූලිකයන් ද ෂිලෝහි දී සම්මුඛ මණ්ඩපයේ දොරකඩ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි බෙදා දුන් උරුම මේවා ය. මෙසේ ඔව්හු දේශය බෙදා නිම කළෝ ය.


ඉතිරි වී සිටින විජාතීන්ගේ ද මා විසින් සිඳ දමනු ලැබූ සියලු විජාතීන්ගේ ද දේශය, ජොර්දාන් ගඟ පටන් බස්නාහිර මධ්‍යධරණි මුහුද දක්වා ඔබේ ගෝත්‍රවලට උරුමයක් කොට පස ඇට දමා මම ඔබට බෙදා දුනිමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්