Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නෙහෙමියා 9:24 - Sinhala New Revised Version 2018

24 ඔවුන්ගේ දරුවෝ ද ඇතුළු වී දේශය හිමි කරගත්තෝ ය. ඔබ ඔවුන්ට පෙරටුවෙන් දේශයේ වැසියන් වූ කානානිවරුන් යටත් කර ඔවුන්ගේ කැමැත්ත ලෙස කිරීමට ඒ තැනැත්තන් ද ඔවුන්ගේ රජවරුන් ද දේශයේ ජාතීන් ද ඔවුන් අතට පාවා දුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 ඔවුන්ගේ දරුවෝ ද ඇතුළු වී දේශය හිමි කරගත්තෝ ය. ඔබ ඔවුන්ට පෙරටුවෙන් දේශයේ වැසියන් වූ කානානිවරුන් යටත් කර ඔවුන්ගේ කැමැත්ත ලෙස කිරීමට ඒ තැනැත්තන් ද ඔවුන්ගේ රජවරුන් ද දේශයේ ජාතීන් ද ඔවුන් අතට පාවා දුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

24 ඔවුන්ගේ දරුවෝද ඇතුල්වී දේශය හිමිකරගත්තෝය. ඔබ ඔවුන්ට පෙරටුවෙන් දේශයේ වැසියන්වූ කානානිවරුන් යටත්කර, ඔවුන්ගේ කැමැත්ත ලෙස කිරීමට ඒ තැනැත්තන්ද ඔවුන්ගේ රජවරුන්ද දේශයේ ජාතීන්ද ඔවුන් අතට පාවාදුන්සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 9:24
13 හුවමාරු යොමු  

මෙසේ ඉශ්රායෙල්වරුන්ගේ පියවරුන්ට දෙන ලෙස සමිඳාණන් වහන්සේ දිවුළ මුළු දේශය උන් වහන්සේ ඔවුන්ට දුන් සේක. ඔව්හු එය හිමි කරගෙන එහි විසුවෝ ය.


ඉශ්රායෙල් ජනයාගේ මුළු සභාව ෂිලෝහි රැස් ව සම්මුඛ මණ්ඩපය එහි ඉදි කළෝ ය. මුළු දේශය දැන් ඔවුන්ට යටත් ව තිබුණේ ය.


මෙසේ සමිඳාණන් වහන්සේ මෝසෙස්ට වදාළ සියල්ල ලෙස ජෝෂුවා මුළු දේශය අල්ලාගෙන, ඉශ්රායෙල්වරුන්ගේ ගෝත්‍ර අනුව එය කොටස්වලට බෙදා, ඔවුන්ට උරුම කොට දුන්නේ ය. ඉන්පසු යුද්ධයෙන් තොර ව සාමය ඇති විය.


මෙසේ ඔවුන්ට සිහිකල්පනාව ආ විට, ඔව්හු, යක්ෂයා විසින් සිය කැමැත්ත කරවාගන්න පිණිස තමන් අසු කරගන්නා ලද උගුලෙන් මිදෙන්නෝ ය.


“ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ සමඟ සිටිනු නොවේ ද? හැම අතින් ම උන් වහන්සේ ඔබට සාමය දී තිබෙනු නොවේ ද? මන්ද, උන් වහන්සේ දේශයේ වැසියන් මා අතට පාවා දී තිබේ. දේශය සමිඳාණන් වහන්සේට ද උන් වහන්සේගේ සෙනඟට ද යටත් කරන ලද්දේ ය.


සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් වංශයට දුන් යහපත් පොරොන්දු එකක් වත් කඩ නො වී ය; සියල්ල ම ඉෂ්ට වුණේ ය.


‘මම ඔවුන් බිලි දෙන්නට යන්නෙමි’යි කියා නුඹ පැවසූ නුඹේ කුඩා දරුවන් නම් මම එහි ඇතුළු කරන්නෙමි. නුඹලා හෙළා දුටු ඒ දේශය ඔවුන් භුක්ති විඳිනු ඇත.


මෙසේ දෙවියන් වහන්සේ ඒ දවසේ දී කානානිය රජ වූ ජාබින් ඉශ්රායෙල් සෙනඟ ඉදිරියෙහි යටත් කළ සේක.


මෙසේ ජෝෂුවා මුළු දේශයට, එනම් කඳු රටට හා දකුණු දේශයට ද පහත රටට හා කඳු බෑවුම්වලට ද එහි සියලු රජුන්ට ද පහර දී, එක් කෙනෙකු වත් ඉතිරි නොකොට ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අණ කළ ලෙස පණ ඇති සියල්ලන් ම මුළුමනින් ම සිඳදැමුවේ ය.


එග්ලොන්හි රජ; ගෙශෙර්හි රජ;


තිර්ශාහි රජ ය. සියලු රජවරු තිස්එක්දෙනෙක් වූ හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්