Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 13:19 - Sinhala Revised Old Version

19 උන්වහන්සේ කානාන් දේශයේ ජාතීන් හතක් විනාශකොට, අවුරුදු හාරසිය පනහක් පමණ කාලයකට ඒ ජාතීන්ගේ දේශය උරුමයක් කොට ඔවුන්ට දුන්සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 උන් වහන්සේ කානාන් දේශයේ ජාතීන් හතක් විනාශ කොට, අවුරුදු හාරසිය පණහක පමණ කාලයක් ඒ ජාතීන්ගේ දේශය ඔවුන්ට උරුම කොට දුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

19 උන්වහන්සේ කානාන් දේශයේ ජාතීන් හතක් විනාශ කර, ඔවුන්ගේ දේශය තම ජනයාට උරුමයක් කොට දුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 උන් වහන්සේ කානාන් දේශයේ ජාතීන් හතක් විනාශ කොට, අවුරුදු හාරසිය පණහක පමණ කාලයක් ඒ ජාතීන්ගේ දේශය ඔවුන්ට උරුම කොට දුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 13:19
16 හුවමාරු යොමු  

නුඹ හිමිකරගන්ට යන්නාවූ දේශයට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ පමුණුවා නොයෙක් ජාතීන්වන හිත්තීවරුන්ද ගිර්ගාෂිවරුන්ද අමෝරිවරුන්ද කානානිවරුන්ද පෙරිස්සිවරුන්ද හිවීවරුන්ද යෙබූසිවරුන්ද යන නුඹට වඩා මහත්වූ බලසම්පන්නවූ ජාතීන් සත නුඹ ඉදිරියෙන් පහකර දමන කල්හිද,


ඔවුන් ඉදිරියෙන් ජාතීන් එළවා, ලනුවෙන් ඔවුන්ට උරුමයක් බෙදාදී, ඔවුන්ගේ කූඩාරම්වල ඉශ්‍රායෙල් ගෝත්‍රයන් වාසයකෙරෙවුසේක.


අපේ පියවරු ඒක භාරගෙන, දෙවියන්වහන්සේ විසින් අපේ පියවරුන් ඉදිරියෙන් පන්නාදැමූ ජාතීන්ගේ දේශය අයිතිකරගන්න විට යෝෂුවා සමඟ ඇතුළට ගෙනැත්, දාවිත්ගේ දවස් දක්වා තබාගත්තෝය.


පූජකයාවූ එලෙයාසර්ද නූන්ගේ පුත්‍රවූ යෝෂුවාද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගෝත්‍රවල පිය පෙළපත්වල ප්‍රධානීන්ද ෂීලෝහිදී සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පසඇට දමා බෙදාදුන් උරුමවල් මේවාය. මෙසේ ඔව්හු දේශය බෙදා නිමකළෝය.


පූජකයාවූ එලෙයාසර්ද නූන්ගේ පුත්‍රවූ යෝෂුවාද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගෝත්‍රවල පිය පෙළපත්වල ප්‍රධානීන්ද විසින් ඔවුන්ට බෙදා දුන්නාවූ, ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කානාන් දේශයෙහි ලැබුණාවූ උරුම කොටස් මේවාය.


අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ද බාෂාන්හි රජවූ ඕග්ද කානාන්හි සියලු රාජ්‍යයන්ද නසා,


ඔවුන්ගේ දරුවෝද ඇතුල්වී දේශය හිමිකරගත්තෝය. ඔබ ඔවුන්ට පෙරටුවෙන් දේශයේ වැසියන්වූ කානානිවරුන් යටත්කර, ඔවුන්ගේ කැමැත්ත ලෙස කිරීමට ඒ තැනැත්තන්ද ඔවුන්ගේ රජවරුන්ද දේශයේ ජාතීන්ද ඔවුන් අතට පාවාදුන්සේක.


නුඹලා යොර්දානෙන් මෙගොඩ වී යෙරිකෝවට පැමුණුණහුය. යෙරිකෝවේ වැසියෝද අමෝරිවරුද පෙරිස්සිවරුද කානානිවරුද හිත්තීවරුද ගිර්ගාෂිවරුද හිවීවරුද යෙබූසිවරුද නුඹලාට විරුද්ධව සටන්කළෝය; මම ඔවුන් නුඹලා අතට පාවාදුනිමි.


ඉතුරුව සිටින මේ ජාතීන්ගේද මා විසින් සිඳදැමූ සියලු ජාතීන්ගේද දේශය යොර්දාන් පටන් බස්නාහිර මහ මුහුද දක්වා නුඹලාගේ ගෝත්‍රවලට උරුමයක් කොට පස ඇට දමා නුඹලාට බෙදාදුනිමි.


යෝෂුවා ඔවුන් උදෙසා ෂීලෝහිදී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පස ඇට දමා එහිදී ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ කොට්ඨාසවල හැටියට ඔවුන්ට දේශය බෙදාදුන්නේය.


නුඹ විදේශීව වාසයකරන දේශය වන මුළු කානාන් දේශය නුඹට සහ නුඹෙන් පසුව නුඹේ වංශයටත් සදාකාල උරුමයක් කොට දෙන්නෙමි; මමද ඔවුන්ගේ දෙවියන්වහන්සේව සිටින්නෙමියි කීසේක.


ආබ්‍රම් තමාගේ භාර්යාවවූ සාරයිද තම සහෝදරයාගේ පුත්‍රවූ ලොත්ද ඔවුන් රැස්කරගන තිබුණු තමන්ගේ සියලු සම්පත්ද හාරාන්හිදී ඔවුන් ලබාගෙන සිටි මිනිසුන්ද රැගෙන කානාන් දේශයට යන පිණිස පිටත්වුණේය; ඔව්හු කානාන් දේශයට පැමිණියෝය.


ඉශ්‍රායෙල් වනාහි හෙෂ්බොන් හා ඊට අයිති නුවරවලද අරොයෙර් හා ඊට අයිති නුවරවලද අර්ණොන් අසබඩ තිබෙන සියලු නුවරවලද අවුරුදු තුන්සියයක් වාසයකරද්දී නුඹලා ඒ කාලය අතරතුරේ ඒවා ගළවා නොගත්තේ මක්නිසාද?


තවද ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසර දේශයෙන් පිටත්ව ආවාට පසු හාරසිය අසූවෙනි අවුරුද්දේ එනම් ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි සාලමොන්ගේ රජකම් කිරීමේ සතරවෙනි අවුරුද්දේ දෙවෙනි මාසයවූ ශීව් මාසයේදී ඔහු ස්වාමීන්වහන්සේගේ ගෘහය ගොඩනගන්ට පටන්ගත්තේය.


උන්වහන්සේම උන් උදෙසා පසඇට දමා, තමන් අතින් එය ලනුවෙන් උන්ට බෙදාදුන්සේක. උන් එය සදාකාලයට හිමිකරගන පරම්පරාවෙන් පරම්පරාවට එහි වාසයකරනවා ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්